කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

January 6, 2020
8,537
How to manage your money
කොච්චර සල්ලි ලැබුනත් මදි...හැඩකාරියෝ මෙහෙම කියද්දී සමහර විට ඔබේ සැමියාගෙනුත් චෝදනා එල්ල වෙන්න පුලුවනි. හරියට මකර කටක් වගේ කොච්චර දුන්නත් ඔයාට මදි.. සමහර විට එය ඇත්තක් වෙන්නත් පුලුවනි. නමුත් හැඩකාරියෝ විදිහට පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න

ආදායම වැඩි කර ගන්න...
ඔබට දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා බොහොම ගැටලු ඇති වෙන්න පුලුවනි. ලැබෙන ආදායම ඔබේ අවශ්‍යතාවයන් ඉදිරියේ සෑහීමක් නැති නිසා ඇති වෙන මේ තත්වයට තිබෙන හොඳම විසඳුම තමයි දැනට ලැබෙන ආදායම වැඩි කර ගන්න එක. ඒ වෙනුවෙන් අලුත් ආදායම් සොයා ගැනීම ඉතාම වැදගත්. මේ නිසා නිවසේ සිට කර ගෙන යන්න පුලුවන් බොහෝ ස්වයංරැකියාවන් තිබෙනවා. මල් වැවීම, ආහාරපාන සකස් කිරීම, ඇදුම් මැසීම, කේක් ආකෘති නිර්මානය කිරීම, රූපලාවන්‍ය කටයුතු වැනි විවිධ ස්වයංරැකියාවන්ට අද අවස්ථාව තිබෙනවා. ඒ නිසා ඔබ කැමැති සහ හැකියාව ඇති අංශයක් තෝරා ගෙන දවසේ වියදම පිරිමහ ගත හැකි විදිහට ආදායමක් ලබා ගන්නවා නම් අගෙයි නේද...?

වැය අඩු කරන්න...
ලැබෙන ආදායම ප්‍රමාණවත් නැත්නම් හැකි තරම් වැය අඩු කරන්න. මේ වෙනුවෙන් ඔබේ වැය ශීර්ෂ ගැන අවධානය යොමු කරන්න. වෙනදාට කුලී රියකින් යනවා නම් ඒ සදහා පොදු ප්‍රවාහන සේවාව වෙත යොමු වෙන්න. ආහාරපාන පිටින් මිළට ගැනීම වෙනුවට නිවසේදී ආහාර පාන පිළියෙල කර ගන්න. උදාහරණයක් විදිහට ඔබ පිටින් ආහාරපාන සඳහා රුපියල් පන්සියයක් එක වේලකට වැය කරනවා නම් ඒ මුදලින් දින දෙක තුනක නිවසේ ආහාරපාන වියදම ඔබටම පිරිමසා ගැනීමට පුලුවනි. ඒ නිසා වැය ශිර්ෂ ගැන සොයා බලා එයින් කපා හැරීමට හැකියාව තිබෙන වැය ශීර්ෂ සම්පූර්ණයෙන්ම අඩු කරන්න.

ඉතිරි කරන්න
ලැබෙන ආදායමින් ඉතිරි කරන්න තරම් මුදලක් නැතැයි කිව්වත් කෙසේ හෝ යම් මුදලක් ඉතිරි කරන්න. මේ වෙනුවෙන් ඔබට තිබෙන ගැලපෙනම ක්‍රමයක් විදිහට අනිවාර්ය ඉතිරි කිරීම් වෙත යොමු වීම වැදගත්. එවිට යම් මුදලක් කෙසේ හෝ ඔබටත් නොදැනීම ඉතිරි වෙනු ඇත. දවසේ වියදම් අතර එක් රුපියල් දහයක් හෝ කැටයක දැමීම වැනි සුලු ඉතිරි කිරීම් වලින් වුනත් ඔබට යම් දවසක පුංචි හෝ වැය බරක් පිරිමසා ගැනීමට හැකි වේවි. උදාහරණයක් විදිහට දරුවෙකුගේ උපන්දිනයක් එලැඹි විට කැටයේ තිබෙන මුදලින් දරුවාට තෑග්ගක් ලබා දමට ඔබට ලැබෙන පහසුව මොන තරම් අගෙයිද කියලා එදාට ඔබටම තේරේවි.

ඒ විතරක් නොවෙයි, ඔබට බලාපොරොත්තු නොවුන අන්දමේ වැය බරක් පැමිණි විට ඒ වෙනුවෙන් මුදල් සොයා ගැනීම ගැටලුවක් වෙන්න පුලුවනි. එවිට ණය වීම හැර විකල්පයක් ඔබට නැති වෙන්න පුලුවනි. ණය වීම එතරම් සුබවාදී නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කළ අන්දමට ‘‘අනන සුඛය ‘‘ හෙවත් ණය නොවී සිටීම තරම් සැපයක් තවත් නැහැ.

ණය ගන්නත් එපා..
ඇතැම් අයට ණය ගන්නවා කිව්වොත් ඊට වඩා සැපයක් නැති තරම්. සමහර උදවිය ණය සොය සොයා යනවා. නමුත් මේ ණය ඔබ ගෙවන්නේ පොළියකුත් සමග නිසා කිසිම විටක අවශ්‍යතාවයක් නොමැතිව ණය ගන්න එපා. අවශ්‍යතාවය වුනත් අත්‍යවශ්‍යදැයි ඔබේ හිතින්ම විමසා බලන්න. ණය දෙන ආයතන වෙතින් ලබා දෙන ආකර්ශණීය පනිවිඩ වෙනුවෙන් මුලා වෙන්න එපා. ණය අරගෙන ඒවා නොගෙවා සිටිනවාට වඩා අවශ්‍යතාවයක් නොමැති නම් ණය නොගෙන සිටීම මොනතරම් නම්බුකාරයිද නේද..?

වැය කළමනාකාරණය කරන්න...
වැය වුනත් ඔබට කළමනාකරණයකින් යුක්තව පාලනය කර ගැනීමට පුලුවනි. ඒ නිසා වැය ශීර්ෂ වලින් අත්‍යවශ්‍ය, අවශ්‍ය හා අනවශ්‍ය විදිහට තෝරා ගන්න. එයිනුත් අත්‍යවශ්‍ය වැය වෙනුවෙන් පමණක් අවධානය දෙමින් අවශ්‍ය වැය වෙනුවෙන්ද සීමාවන් පනවා ගන්න. අනවශ්‍ය වැය සෘජුවම කපා හැරීමට දෙවතාවක් හිතන්න එපා.

එහෙමනම් ඔබට ප්‍රමාණවත් ආදායමක් නොමැතිව ආර්ථික බර නිසා තැවෙනවාට වඩා ඒ වෙනුවෙන් විකල්ප සොයා ගැනීම වෙනුවෙන් යොමු වීම මොනතරම් සහනයක්දැයි අත්දැකීමෙන්ම බලන්න පුලුවනි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1504 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:25:02 AM
Script:/article/1504/how-to-manage-your-money.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:25:02 AM
Script:/article/1504/how-to-manage-your-money.html