ඔබට නොදැනීම ඔබ සමාජ-ජාල මාධ්‍යයකට ඇබ්බැහි වීමේ මානසික බලපෑම

May 26, 2020
3,485
Impact on mental health because of social media
සාම්ප්‍රදායික මාධ්‍යයන් සමඟ තරඟ කරමින් අද කාලේ ප්‍රවෘත්ති බෙදා හැරීමට සහ වේගයෙන් මිනිසුන් වෙත ළඟා වීමට විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ සමාජ මාධ්‍ය යි. ඒ හරහා අපට ගොඩක් වාසි හිමි වෙනවා වගේම ඔබට නොදැනුවත්වම හිමි වන අවාසි ද තියනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලට නිරන්තරයෙන් ඇබ්බැහි වෙලා ජීවත් වෙන එක කියන්නේ තමා විසින්ම තමන්ට අනාරක්‍ෂිතභාවයක් ඇති කරගැනීමට හේතුවක්. සමාජ-ජාල මාධ්‍ය වලට ඇබ්බැහි වීම මත්පැන්, සූදු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම තරම්ම භයානක දෙයක්. නිවෙස් වලට වෙලා අපි ගෙවන මේ ලොක්ඩවුන් කාල සීමාවත් එක්ක ඒ වෙත යොමු වෙන ප්‍රමාණය කොහොමත් වැඩියි. කෙසේ වෙතත්, මෙම ඇබ්බැහි වීම තරුණියන්ටත් විශේෂයෙන්ම මානසිකව බලපානවා. ඒ කොහොමද කියලා අපි දැන් කියන්නම්...

සයිබර් හිරිහැර කිරීම්

පරිගණක තිරයක් පිටුපස සිටිමින් කෙනෙක්ට වෛරය සහ රළු අදහස් දැක්වීම් කරන්න පුළුවන්. නාඳුනන පුද්ගලයන්ගෙන් ආරක්ෂා වෙන්න හෝ ඔවුන් මග හැර සිටීමට ඔබ දැන සිටියත්, ඔවුන් පළ කරන හිරිහැරකාරී අදහස් ඔබේ හිතේ සාමයට බලපෑම් කරන අතර ඔබේ ආත්ම විශ්වාසයට ගැටළු එකතු කරනවා. ඒ නිසා සයිබර් හිරිහැර කිරීම් කියන්නේ ඇත්ත වශයෙන්ම බරපතල අපරාධයක් වන අතර එය සිර දඬුවම් ද ලැබිය හැකි වරදක් වී ඇත්තේ එයින් මිනිසුන්ට වෙන හානිය බරපතල නිසායි.

සැසඳීම්

ඔබ සිටින ඕනෑම තැනක ඉඳන් සමාජ මාධ්‍ය වෙත පිවිසෙන්න පුළුවන් නිසා ඕනෙම කෘත්‍රිම බුද්ධියක් එක්ක වුණත් ඔබට තර්ක කරගන්න පුළුවන්.එහිදී ඔබ අඛණ්ඩව විවිධ දේවල් ලුහුබඳින අතර, ඔබගේ අතීත සෙවීම් මත පදනම් වෙලා තමයි වෙළඳ දැන්වීම් තිරයේ මතු වෙන්නේ. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඇතුළේ තියන මේ ගැඹුරු පරිභෝජන‍ ද්‍රව්‍ය ඔබව විවිධ සැසඳීම් වලට පොළඹවන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙහෙම පෙන්නන දැන්වීම් වල ඔබේ අලංකාරය, ශාරීරික යෝග්‍යතාවය සහ ජීවන රටාව සඳහා යථාර්ථවාදී නොවන, ප්‍රමිතීගත නොවන දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙන් ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති වෙන්න පුළුවන්. මොකද ඔබට මිල දී ගන්න බැරි මට්ටමේ, ඒත් අනවශ්‍ය නිෂ්පාදන ගැන ඔබ දුක් වෙනවා. මේ කාරණය තරුණියන්ට විශේෂයෙන්ම වෙන දෙයක්. එම නිසා ඔබ තොරතුරු දැනගැනී​ම සඳහා විතරක් සමාජ මාධ්‍ය භාවිතා කරන්න. ඔබේ මානසික සාමයට හානි කරවන, අනවශ්‍ය පීඩනයකට යටත් නොවන්න හිතට ගන්න.

සන්නිවේදන පරතරය

ඔබ කොපමණ වාරයක් මෙම සමාජ මාධ්‍ය යෙදුම්(apps) විවෘත කරනවා ද? ඔබ දුරකථනය අතට ගත් විගසම ඒක කරනවා නේද? කණගාටු වෙන්න එපා. අපි සියලු දෙනාම එම හැසිරීමට ගොදුරු වෙලයි ඉන්නේ. ඒත් කම්මැලිකම නිසා සමාජ මාධ්‍ය නිතරම පරීක්ෂා කිරීම ඔබගේ අවධානය නිතරම වෙනතකට යොමු කරවනවා. මේ නිසා වර්තමාන පරම්පරාව සහ ඔවුන්ගේ අවධානයේ පරාසය අතර විශාල පරතරයක් තිබීම පුදුමයක් නෙමෙයි. එකින් එක සමාජ අන්තර්ක්‍රියා අඩුවීම සහ සමාජ ජාල තුළ වැඩි කාලයක් භාවිතා කිරීම ඒකට හේතුවයි. 

මේ හේතුවෙන් මානව සම්බන්ධතා වලින් විසන්ධි වූණු පුද්ගලයින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසාම මානසික අවපීඩනය හා තනිකම වගේ අවස්ථා වැඩි වීමට මෙය හේතුවක් වෙලා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශය විසින් 2019 දී කරන ලද අධ්‍යයනයකින් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ නව යොවුන් දරුවන් 23 දෙනෙකු පිළිබඳව කරන ලද ගුණාත්මක අධ්‍යයනයකින් හෙළි වූණේ ඔවුන් මානසික අවපීඩනයෙන් පෙළෙන බවයි. මානසික අවපීඩනයෙන් පෙළෙන නව යොවුන් වියේ සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වුණු දරුවන් තුල තමන්ව අනිත් අය සමඟ සංසන්දනය කිරීම, අවදානම් සහගත හැසිරීම් බෙදාගැනීම සහ හානිකර අන්තර්ගතයන් පළ කිරීම හෝ සමාජ ජාල මාධ්‍ය භාවිතා කිරීමට වෙනත් ඍණාත්මක ආකාර භාවිතා කිරීම වගේ විශාල ඍණාත්මක හැසිරීම් ඇතුළත් වෙලා කියලා  සොයාගෙන තිබෙනවා.

ඒ නිසා සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීමෙන් අපි අපිවම සවිඥානිකව ඉවත් කර ගැනීමටත්, බුද්ධිමත් ලෙස ලෝකයේ මිනිසුන් සමඟ සම්බන්ධ වීමටත් වග බලාගත යුතු කාලයයි මේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1620 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:37 AM
Script:/article/1620/impact-on-mental-health-because-of-social-media.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:38 AM
Script:/article/1620/impact-on-mental-health-because-of-social-media.html