දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

February 16, 2019
9,280
It is very important to recognise these changes
අපි දරුවන්ට කොච්චර ආස උනත් ආදෙරේ උනත් හරි විදිහට දරුවෙක් හදන එක නම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. දරුවෙක් හොඳම විදිහට හදන්න නම් දෙමාපියෝ විදිහට අපිට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා දරුවෝ වෙනුවෙන් ලොකු වගකීමක් දරන්න වෙනවා. දරුවෙක් ඉපදුන දවසේ ඉඳන් හරියට වචන එකතු කරලා එයාලට අවශ්‍ය දේවල් අපිට කියන්න පුළුවන් කාලයක් වෙනකල් අපිට ඒ අයගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඒ දේවල් දරුවට ඉටු කරලා දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට දරුවෝ ඒ අයට දැනෙන අපහසුතාවයන් වෙහෙස පෙන්වන්න උත්සහ කරන්නේ අඬලා. නැත්නම් තරහා වගේම බොහොම කළබලකාරී විදිහට හැසිරිලා. ඒ වගේ වෙලාවට දරුවාගේ වෙනස ඉක්මනින් වටහාගෙන දරුවා සාමාන්‍ය තත්වයට පත් කරන්න කටයුතු කරන්න ඕනේ. දරුවන්ට මේ වගේ අවස්ථාවන් වලදී වැඩිපුරම අවශ්‍ය කරන්නේ නින්ද. ඒ නිසා දරුවාගේ හැසිරීමෙන් අපිට දැනෙනවා නම් දරුවා වෙහෙසට පත් වෙලා ඉන්නේ කියලා ඉක්මනින් දරුවට නිදාගන්න පුළුවන් විදිහට එයාගේ පරිසරය සකස් කරන්න ඕනේ. අපි දරුවාගේ වෙහෙස ගැන නොසලකා හැරියොත් ඒක ගොඩක් නරක විදිහට දරුවට බලපාන්න පුළුවන්. මේ නිසා පසු කාලයකදී දරුවා ඉක්මනින් කේන්ති ගන්න මුරණ්ඩු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ නිසා දරුවට වෙහෙස බව ඔබට දැනෙනවා ඉක්මනින් දරුවාව නිදි කරවන එක ගොඩක් වැදගත්. එතකොට දරුවට පුළුවන් ඔහුගේ වෙහෙස නිවාගෙන නින්දෙන් අවදි වෙන්න.අපි මුලින් කිවුව වගේ දරුවට එයාට දැනෙන හැඟෙන දේවල්
ගැන අපිට කියන්න පුළුවන් වෙන කාලයක් වෙනකල් අපිට ඒ අයට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා හඳුනා ගන්න වෙනවා. මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන.

01. උපතේ සිට මාස තුන දක්වා දරුවන්ගේ වෙහෙස පෙන්නුම් කරන ලක්ෂණ

අලුත ඉපදුන දරුවෝ නිතරම ඉන්නේ නිදාගෙන ඒ අය ඇහැරිලා ඉන්න වෙලාවට වඩා නිදාගෙන ඉන්න වෙලාව වැඩියි. අලුත් උපන් බිලිඬෙක් පැය 1 1/2 වඩා ඇහැරිලා හිටියොත් නිකම්ම දරුවා වෙහෙසට පත් වෙනවා. මේ නිසා අලුත් උපන් බිලිඬෙක්
වැඩි වෙලාවක් අවදියෙන් තියාගන්නේ නැතුව ඉක්මනින් ඒ අයව නිදි කරවන එක තමයි හොඳ. ඒ වගේම වැඩිහිට ළදරුවන්ට වඩා අලුත් උපන් බිලිඳුන් වෙහෙස දැනුනම හැසිරෙන විදිහ ටිකක් වෙනස්. මොකද අලුත් උපන් බිලිඳුන්ට ඒ අයගේ වෙහෙස පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන් බොහොම සීමිත චලන කිහිපයක් විතරයි ඒ වගේම තමයි ඒ අයට තියෙන්නේ අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් හැසිරීමක් නොවෙයි. කොහොම උනත් අවධානයෙන් හිටියොත් දරුවාගේ මේ ලක්ෂණ වලින් ඔබට හඳුනා ගන්න පුළුවන් එයා ඉන්නේ වෙහෙසට පත්වෙලා කියලා. ඉතින් මේ වගේ ලක්ෂණ දරු පැටියා පෙන්නුම් කරනවා නම් ඉක්මනින් ඔහුව නිදි කරවන්න.

- ඇඟිලි උරන්න උත්සහ කරනවා

- කන් පෙති අත් වලින් අදිනවා

- යම් දෙයක් දෙස එක එල්ලේ බලාගෙන සිටිනවා

- අත් පා වැඩි වශයෙන් චලනය කරනවා

- ඉක්මනින් ඉක්මනින් ඇසිපිය සලනවා

- නිතර නිතර හඬනවා

02. මාස තුනේ සිට 12 දක්වා දරුවන්ගේ වෙහෙස පෙන්නුම් කරන ලක්ෂණ

මේ වයසේ ඉන්න දරුවෝ සාමාන්‍යයෙන් පැය දෙක තුනකට වඩා අවදියෙන් හිටියොත් වෙහෙසට පත් වෙනවා. මේ කාලය වෙනකොට දරුවන් තරමක් ක්‍රියාශීලියි. ඔවුන්ට හොඳින් ඔවුන්ගේ අත් පා හසුරුවන්න පුළුවන්. මේ නිසා දරුවා වෙහෙසට පත්
වෙලාද කියලා අඳුර ගන්න එක ටිකක් පහසුයි. ඒ වගේම තමයි මේ කාලය වෙනකොට ඔබ දරුවා නිදාගන්න අවදිවෙන වෙලාවල් ගැන අවධානයකින් ඉඳලා දරුවට නිදිමත හැදෙන වෙලාවල් හරියටම දැනගෙන හිටියොත් දරුවා වෙහෙසට පත් වෙන්න කලින් ඔබට පුළුවන් ඔහුව නිදි කරවන්න. ඒ වගේම දරුවා මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබට පුළුවන් ඔහු වෙහෙසට පත්ව ඉන්න බව හඳුනා ගන්න.

- ඇස් සහ නහය පොඩි කරනවා

- කන් සහ කොණ්ඩය අදිනවා

- නොකඩවා ඈනුම් අරිනවා

- කිරි බොන්න උත්සහ කරනවා

- හඬනවා

03. අවුරුද්දකට වඩා වැඩි දරුවන්ගේ වෙහෙස පෙන්නුම් කරන ලක්ෂණ

සාමාන්යෙන් අවුරුද්දකට වඩා වැඩි වයසක ඉන්න දරුවන් ඒ අයගේ උදෑසන හෝ සවස් කාලයේ නින්ද මඟ හැරුනොත් වෙහෙසට පත් වෙනවා. මේ වයසේදී දරුවන් බොහෝ විට නිදා ගන්නේ දවසට දෙපාරක් වගේ. පුංචි කලේ වගේ නිතරම නිදාගන්නේ නැහැ. මේ වයසේදී ඔබටත් දරුවා ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා දරුවාගේ වෙහෙස පෙන්වන ලක්ෂණ ඉක්මනින් හඳුනා ගන්න පහසුයි. අවුරුද්දකට වඩා වැඩි දරුවන් ඒ අයට වෙහෙස දැනුනම කරන්නේ මෙන්න මේ වගේ දේවල් .

- ඇස් පොඩි කරනවා

- කන් සහ කොණ්ඩය අදිනවා

- ඔලුව කසනවා

- කෑම හරියට කන්නේ නැහැ

- හේතුවක් නැතුව අඬ නවා

- වෙන වෙලාවල් වලට වඩා දඟලනවා වැඩියි

- සාමාන්යෙන් උච්චාරණය කරනවට වඩා වැඩි ශබ්ධ ප්‍රමාණයක් උච්චාරණය කරනවා

04. දරුවට වෙහෙස බව ඔබට දැනෙනවා නම් මේ දේවල් කරන්න

අපි ඔබට කලිනුත් කිව්වනේ දරුවට වෙහෙස බව ඔබට දැනෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි දරුවාව නිදි කරවන එක කියලා. හැබැයි තව දෙයක් තියෙනවා. සමහර අවස්ථා වල දරුවා අපි කලින් ඔබට කිවුව ලක්ෂණ එයාට බඩගිනි දැනුන අවස්ථාවකදී උනත් පෙන්නන්න පුළුවන්. මොකද දරුවෝ බඩගිනි දැනුනමයි වෙහෙස දැනුනා මයි පෙන්වන ලක්ෂණ බොහෝ දුරට එක සමානයි. මේ නිසා දෙමාපියන්ට මේ ගැන හොඳ අවධානයකින් ඉන්න වෙනවා. ඔබ දරුවට ප්‍රමාණවත් විදිහට හරි වේලාවට කෑම බීම දුන්නා නම් ඔබට ප්‍රශ්නයක් නැතුවම තේරුම් ගන්න පුළුවන් දරුවා මේ විදිහට හැසිරෙන්නේ ඔහුට වෙහෙස දැනෙන නිසා කියලා. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳ ගන්න කරන්න තියෙන හොඳම දේ තමයි හරිම වේලාවට හරි විදිහට දරුවාගේ කුස පුරවන එක. ඉතිං ඔබට දැනෙනවා නම් දරුවා වෙහෙසට පත් වෙලා ඉන්නේ කියලා ඔහුව නිදි කරවන්න සන්සුන් කරන්න ඔබට මේ දේවල් කරන්න පුළුවන්.

- දරුවට පුරුදු සාමාන්යෙන් ඔහු නිදාගන්න තැනට ගෙනියන්න

- හැකි තරම් දරුවාගේ නින්දට බාධා කරන බාහිර ආලෝකයන් පාලනය කරන්න

- දරුවාගේ සෙල්ලම් බඩු ඉවත් කරන්න

- ශබ්දය අඩු කරලා දරුවාගේ නින්දට උදවු වෙන පමිසජ එකක් චක්හ කරන්න

- මවු කිරි බොන අතර තුර නිදාගන්න පුරුදු වෙලා ඉන්න දරුවන්ට මවු කිරි දෙන්න

- සෙමින් දරුවට ගීතයක් කතන්දරයක් කියන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1266 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:39 AM
Script:/article/1266/it-is-very-important-to-recognise-these-changes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:39 AM
Script:/article/1266/it-is-very-important-to-recognise-these-changes.html