ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න

November 11, 2022
1,561
fast and effective ways to avoid getting tired
දෛනිකව අප නොයෙකුත් රාජකාරීන් හි නිරත වන අතර ඒ හේතුවෙන් බොහෝ විට අප ඉක්මණින් වෙහෙසට පත්වෙනවා. විශේෂයෙන් දිවා කාලයේදි නිරන්තරව වෙහෙසට පත්වීම ඔබට ශාරිරිකවත් මානසිකවත් බොහෝ පීඩාවන් එල්ල කරනු ලබනවා.

ඒත් ඔයා ඉක්මනින් වෙහෙසට පත්වෙනවා නම් මේ ක්‍රම ටික අත්හදා බලන්න. එකට ඕනෙ ඔයාගෙ උනන්දුව විතරයි.

1. ජලය පානය කිරීම


ශරීරය විජලනය වීම හේතුවෙන් ඔබ ඉක්මනින් විඩාවට පත්වන අතර ඔබගේ ශරීරයේ සෛල සහ ස්නායුවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වැදගත් වනවා.

නමුත් ඔබ ප්‍රමාණවත් පරිදි දියර වර්ග නොගැනීම හේතුවෙන් ඔබගේ සිරැරේ ශක්ති මට්ටම් පහළ යන අතර ශරීරය විජලනය වී රුධිරය ඝන වන අතර හදවත වේගවත්ව ක්‍රියා කරනවා.

එමනිසා දිනක් තුළ ඔබ පානය කල යුතු ජලය ප්‍රමාණය සහ වෙනත් සෞඛ්‍යයට හිතකර පානයන් ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන්න..


2. උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාර වේලයි


දිනය පුරාවටම අඛණ්ඩව ශක්තිය ලබාගැනීමටත් ආහාර ජීර්ණ වීමේ වේගය ක්‍රමාණුකූලව පවත්වා ගැනීමටත් උදෑසන ආහාරය ඉතා වැදගත් වනවා. ඔබ ඔබේ උදෑසන ආහාරය බොහෝ වේලාවක් මඟ හැරියහොත් හෝ ප්‍රමාද කළහොත් දිවා කාලයේදී ඉක්මනින් ඔබගේ ශක්තිය අඩුවන අතර ඉක්මණින් වෙහෙසට පත්විය හැකියි.

උදෑසන ආහාරය ඉතා මිළ අධික ආහාරයක් වීම අත්‍යවශ්‍ය නොවන අතර පෝෂ්‍යදායි ආහාරයක් වීම ප්‍රමාණවත් වනවා. කඩල, කව්පි, මුං ඇට, ඕට්ස් වැනි පූර්ණ ධාන්‍ය වර්ග, ග්‍රීක යෝගට්, පළතුරු සහ ඇටවර්ග වැනි දෑ ඔබට උදෑසන ආහාරයට පහසුවෙන් එක්කරගත හැකියි. එමනිසා දවස පුරා ප්‍රබෝධමත්ව සිටීමට නම් උදෑසන ආහාරය මග නොහැර සිටීමට පුරුදු වීම වැදගත් වනවා.

3. ව්‍යායාම් හි නිරත වන්න


ව්‍යායාම් ඔබගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය කෙරෙහි එකසේ වැදගත් වන අතර ඇවිදීම, දිවීම, යෝග අභ්‍යාසයන් හි නිරත වීම වැනි ව්‍යායාම් හි නිරත වීම ඔබට දිනය පුරා ප්‍රබෝධමත්ව සිටීමට එකසේ වැදගත් වනවා. විශේෂයෙන් ව්‍යායාම් මගින් ඔබගේ සිරැරේ ආතති හෝමෝන මට්ටම පහළ දමන අතර සතුටු හෝමෝන මට්ටම ඉහළ නංවනවා. එමගින් ඔබගේ සිරැරේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර මනසේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා. එමෙන්ම දෛනිකව ව්‍යායාම් හි නිරතවන පුද්ගලයන්ට ඉක්මනින් තෙහෙට්ටුව පරාද කිරීමටද හැකියාව ලැබෙනවා.

4. විවේකය ලබාගන්න


සෑම පුද්ගලයකුටම නින්ද සහ විවේකය ඉතාමත වැදගත් වුවත් එය මගහැර සිටීමට බොහෝ හේතූන් අපගේ දෛනික කටයුතු අතර පවතිනවා. නමුත් යහපත් ශාරිරික සහ මානසික සෞඛ්‍යාය තත්ත්වයක් පවත්වාගැනීමට නම් නින්ද ඉතා අත්‍යවශ්‍ය සාධකයකි. හෘද රෝග, අධි රුධිර පීඩන, දියවැඩියා සහ තරබාරුව වැනි ‍රෝගයන් සහ මානසික අවපීඩන තත්ත්වයන් පාලනය සඳහා සෑම රාත්‍රියකම පැය 7 ත් 8 අතර කාලයක් නින්ද අත්‍යවශ්‍ය වනවා. එමනිසා ඔබට සුව නින්දක් ළඟාකර ගැනීමට ඝෝෂාවෙන්, බාධා කිරීම්වලින් තොර පරිසරයක් සකස් කරගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි.

5. සංගීතයට සවන් දෙන්න


සවස් කාලය වන විට සිරැරට දැනෙන අධික වෙහෙස මගහරවා ගැනිමට සංගීතය කදිම ඔසුවක්. විශේෂයෙන් එය නොයෙකුත් කටයුතු හේතුවෙන් ආතතියට පත්ව සිටින ඔබගේ මනසට සහනයක් ගෙන දෙන අතර සිතට සහ ගතට ප්‍රබෝධයක් ගෙන දෙනවා. එමනිසා ඔබ ප්‍රිය කරන සංගීත ඛන්ඩ හෝ ගීත කිහිපයක් සෑම විටම ඔබ සමීපයේ තබාගන්න. වෙහෙස දැනෙන විටම එයට සවන් දෙන්න. ඔබට ක්ෂණික උත්තේජනයක් ඉන් ළඟා කරගත හැකිවනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   39,827
   24

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   39,679
   22

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   56,015
   21

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Food to regulate your menstrual circle
   37,835
   20

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Changes in your body if you consume cod-liver oil daily
   86,937
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed