ඔබගේ මවුපියන් සතු මුදල් කළමනාකරනය කරන්න ඔබට කලහැකි දේවල්

August 7, 2021
2,730
What you can do to manage your parents' money
සෑමවිටම දෙමවුපියන් උත්සාහ කරන්නේ තම දරුවන්ට හොඳම දේ ලබා දීමටයි.. ආහාර පාන, බෙහෙත් හේත්, අධ්‍යාපනය සහ අනෙකුත් පහසුකම් හැකි උපරිමයෙන් හොඳම තත්ත්වයෙන් ලබාදීමටයි ඔවුන්ට අවශ්‍ය වන්නේ.. ඒ සඳහා ඔවුන්ගේ අවසාන රුපියලත් වියදම් කිරීමට ඔවුන් පසුබට වන්නේ නැහැ.. නමුත් මෙහිදී ඇති අවදානම් සහගත තත්ත්වය වන්නේ දෙමවුපියන් සෑමවිටම දරුවන් ගැන සිතා කටයුතු කිරීමෙන් ඔවුන්ගේ විශ්‍රාම දිවිය යම් අනතුරකට ලක්කර ගැනීමයි. වසර ගණනාවක් දුක්මහන්සියෙන් තම දරුවන් වෙනුවෙන් වෙහෙස වූ ඔවුන් විවේකි සුවයෙන් සිටිය යුතු කාල සීමාවේදි අසරණ වීම වැළැක්වීමට දරුවන් ලෙස ඔබ අනුගමනය කල යුතු පියවර හැඩකාරි විසින් ඔබට ඉදිරිපත් කරන්න සිතුවා.. බලන්න එය ඔබට කෙතරම් ප්‍රයෝජනවත් වේද යන්න..

ජීවන බර ඔවුන් හා බෙදාගන්න
විශ්‍රාමික ජීවිතය සුවපහසුව නොගෙවෙන බොහෝ දෙමවුපියන්ට අනුව ඔවුන්ට එසේ මුදලක් ඉතිරි කර ගැනීමට නොහැකි වූයේ අඛන්ඩව දරුවන් වෙත මුදල් ලබාදීම හේතුවෙනි. ඔබ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල මවුපියන්ට සුවපහසු විශ්‍රාම දිවියක් ලබාදීමට ඔබටත් අවශ්‍ය නම් ඔවුන්ගේ ජීවන වියදම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන්න.. එවිට ඔවුන්ගේ මුදල් ඔවුන් කැමති ආකාරයේ කටයුතු සඳහා වෙන් කිරීමට ඔවුන්ට හැකි වෙනවා.

මූල්‍ය සැලැස්මක් සකස්කරන්න
දෙමවුපියන් විශ්‍රාම යෑමට පෙර ඔවුන් සතු මූල්‍ය සංචිතය ඔවුන්ගේ විශ්‍රාම දිවිය නිදහසේ සැපපහසුව ගත කිරීමට ප්‍රමාණවත්ද යන්න පිළිබද අවධානය යොමුකර ඊට ගැලපෙන පරිදි මූල්‍ය සැලැස්මක් සකස් කරන්න.. වර්ථාමානයේ බැංකු සහ රක්ෂණ ආයතන විසින් සාර්ථක විශ්‍රාම සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.. ඔබත් මවුපියන් සතු මුදල් එවැනි විශ්වාසදායක විශ්‍රාම සැලැස්මක ආයෝජනය කිරීමට යොමු කිරීමෙන්, එමගින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු සහ විශ්‍රාම දිවිය සුවපහසුව ගත කිරීමට හැකියාව සලසා දීමට හැකියාව ලැබෙනවා.

ඔවුන්ගේ ඉතිරිකිරීම් කොපමණ කාලයකට ප්‍රමාණවත්ද
ඔබගේ දෙමවුපියන් සතු මුදල් ප්‍රමාණය කෙතරම්ද සහ එය කොපමණ කාලයක් සඳහා ප්‍රමාණවත්වේද යන්න විමසා බලා එය ඔවුන්ට ආද‍යමක් ලැබෙන පරිදි එය සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ආයෝජනය කලහැකි විවිධ ක්‍රම පිළිබදව අධ්‍යනය කිරීම වැදගත්. නැතිනම් ඔවුන් ස්ථාවර තැන්පතු වැනි සාම්ප්‍රදායික ක්‍රමයන් වෙත යොමු වීමෙන් මාසිකව ඔවුන් වෙත ලැබෙන ආදායම ඔවුන්ගේ කටයුතු සඳහා ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙනවා. එබැවින් ඔවුන් විශ්‍රාම ගැනීමට ප්‍රථමයෙන් ලැබෙන මුදල් ආයෝජනය කිරීමට ක්‍රම්වේදයක් සකස් කර දිය යුතුවනවා.. නැතිනම් ඔවුන් හට සුවපහසු විශ්‍රාම දිවියක් ගත කිරීමට ප්‍රමාණවත් ආර්ථික ස්ථාවරත්වයක් නොමැති වීමෙන් ඔවුන් ආතතියට පත්වීමට ඉඩ තිබෙනවා.

රක්ෂණ ආවරණයක් ලබාගන්න
විශ්‍රාම ගිය ඔබගෙ දෙමවුපියන්ට වඩා වැඩි පීඩනයක් එල්ල කරනු ලබන්නේ දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය සේවා සඳහා වන වියදමයි.. එ‍ය ඉක්මනින් දෙමවුපියන් සතු මුදල් සංචිත අවසන් වීමට හේතුවනවා.. එම නිසා ඔබ කඩිනමින් අනුගමනය කලයුතු පියවර වන්නේ ඔබගේ දෙමවුපියන් සඳහා පිළිගත් සහ ඉහළ ප්‍රථිලාභ සපයන සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාගැනීමයි.

වෙනත් විකල්ප සොයා ගැනීම
ඔබගේ දෙමවුපියන් සතුව තිබෙන්නෙ සීමිත මුදල් ප්‍රමාණයක් නම් නැතහොත් ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුවසේ ගත කිරීමට නොහැකි නම් ඔබ වෙනත් විකල්ප කරා යොමු විය යුතු වනවා.. උදාහරන ලෙස ඔවුන් විශාල නිවසක ජීවත් වන්නේ නම් එය නඩත්තුවද ඔවුන්ට අමතර බරක් එබැවින් ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුවපහසුව සිටීමට හැකි කුඩා නිවසක් ලබා ගැනීම හෝ මවුපියන්ට ආදායමක් ලැබෙන පරිදි එහි කොටසක් කුලියට ලබාදීම වැනි ක්‍රමයන් කෙරෙහි යොමු වීමට ඔබට පුලුවන්.

ලිපි ලේඛන කටයුතු අවසන් කරන්න

බොහෝ විට මව පියා දෙදෙනාගෙන් කෙනෙකු මිය ගිය විට නිසි පරිදි මුදල්, දේපල ආදිය සම්බන්ධයෙන් වන හිමිකම් නිසි පරිදි පිලිවෙල වී නොතිබීම මත කාලත්‍රයා අසරණ වීම සිදුවනවා.. එබැවින් මවහෝ පියා යන දෙදෙනාගෙන් කෙනෙකු මියගිය පසු අනෙක් පුද්ගලයා නිසි පරිදි ආවරණය වනවාද, හිමිකම් පැවරුමක් සිදුකර ඇතිද එසේ නොමැතිනම් එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නීතිමය පසුබිම පිලිබඳ අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්න.. වත්කම් සෑම විටම තනි නමකින් හෝ යම් හෙයකින් මියගිය පසු අයිතිය සඳහන් නොකර තිබීමෙන් වළක්වන්න කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2033 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:09 AM
Script:/article/2033/what-you-can-do-to-manage-your-parents-money.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:09 AM
Script:/article/2033/what-you-can-do-to-manage-your-parents-money.html