ඔබේ මේක්අප් එකට කලින් ප්‍රයිමර් එකක් භාවිතා කිරීමේ වාසි

October 12, 2020
6,932
Advantage of use primer before makeup
ගෑණු ළමයි ගොඩක් වෙලාවට කැමති සම සඳහා දීර්ඝ වෙලාවක් එක වගේ රැඳිලා තියෙන ලෙස මේක් අප් එක කරන්නයි. නමුත් ඔබ මේක් අප් එකට කලින් PRIMER එකක් ආලේප කරන එක මඟහරිනවා නම්, ඔබ මේක් අප් එක කරන පිළිවෙත වැරදියි. සාමාන්‍යයෙන් ෆවුන්ෆඩේශන් සහ වෙනත් මේක් අප් මුහුණට ආලේප කරන්න කලින් සමේ ආරක්ෂාව සඳහා සහ ඔබේ සම හොඳින් සකස් කිරීම සඳහා‍ PRIMER එකක් භාවිතා කරන්න ඕනේ. ඔබ PRIMER එකක් භාවිතා කරන්න පටන් ගත්තාට පස්සේ ඔයාට මේක් අප් දියවෙනවා කියන්නේ මොකක්ද කියලවත් මතක තියෙන එකක් නෑ! මේක් අප් කරන්න කලින් ප්‍රයිමර් එකක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි 5 ක් මෙන්න. ඊට පස්සේ PRIMER ඒකක් භාවිතා කරනවාද කියලා ඔබම තීරණය කරන්න...

වෙල්වට් වගේ මෘදු සමක්
ප්‍රයිමර් භාවිතා කිරීමෙන් ලැබෙන ඉහළම වාසියක් වෙන්නේ ඒක ආලේප කළාට පස්සේ ඔබේ සමට දැනෙන මෘදු බවයි. ඒක සමේ අසමානතාවයන් නැති කරමින් ඉතිරි මේක් අප් කටයුතු සඳහා සම මත සුමට කැන්වස් එකක ගතියක් ලබා දෙනවා.

තාරුණ්‍යයේ දීප්තියක්
ප්‍රයිමර් වලින් ඔබ වයසට යෑම නවත්වන බෑ. නමුත් ඔබේ සමට, වඩාත් තරුණ පෙනුමක් ඇති කිරීමට ප්‍රයිමර් එකෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා ප්‍රයිමර් එකක් කියන්නේ පරිපූර්ණ තේරීමක්. ඒ හරහා ඔබේ සමේ රැළි අඩු කර සම සවිමත් කරනවා.

සිදුරු වසයි
ඔබ දන්නවද? මේක් අප් කරද්දී ඔබේ මුහුණේ සමේ තියන සිදුරු වසන්න ප්‍රයිමර් උපකාරී වෙනවා. ඔබේ සිදුරු කුඩා වුණත් ඔබ දියරමය ෆවුන්ඩේශන් එකක් භාවිතා කරනකොට ඒවා කැපී පෙනෙනවා. නමුත් ප්‍රයිමර් එකක් මඟින් එම සිදුරු සීල් කර සම මත සුමට බ්ලැන්කට්ටුවකින් ලැබෙන තරමේ මෘදු බවක් නිර්මාණය කරන්න පුලුවන්. ඉතින් ඒක පුදුම සහගත දෙයක් නෙමෙයිද?

මෙය ඝන ආලේපනයක් නොවෙයි
සමහර වෙලාවට ප්‍රයිමර් එකක් යූස් කරන එක හරියට මාස්ක් එකක් මුහුණට දාන් ඉන්නවා වගේයි දැනෙන්නේ කියලා ඔබ සිතනවා නම් ඔබ වැරදියි! ප්‍රයිමර් එකක් කියන්නේ අතිශයින්ම සැහැල්ලු ආලේපනයක්. ඒකෙන් ළදරුවෙක්ගේ වගේ මෘදු සමක් ඔබට ඇති කරනවා. ඔබ දිනපතාම ප්‍රයිමර් භාවිතා කිරීමේ පුරුද්ද ඇති කර ගත්තාට පස්සේ මෙම නිෂ්පාදනය සමඟ ඔබේ සමට කොයි තරම් සැහැල්ලු හැඟීමක් දැනෙනවාද බලන්න...

සුමටව ගමන් කරන මේක්අප් එක
ඔබ ප්‍රයිමර් එකක් ආලේප කරන එක සාමාන්‍ය පුරුද්දක් බවට පත් කර ගත්තාට පස්සේ කාලයක් යද්දී ඒවා ආලේප නොකර මේක් අප් කරන එක දුෂ්කර වැඩක් වෙයි. ප්‍රයිමර් එකෙන් ලැබෙන මෘදු බව හරහා ඔයාගෙ මේක් අප් ආලේපන කොතරම් සුමටව ආලේප් කරන්න පුලුවන්ද කියලා ඔයාටම තේරෙයි. මේක්අප් එකෙන් ලැබෙන සිත් ඇදගන්නාසුළු පෙනුම සහ වෙල්වට් වගේ මෘදු බවක් එක්ක ලැබෙන නිමාව නිසැකවම ඔබව ප්‍රයිමර් එකට ඇබ්බැහි කරාවි.

සමේ වර්ගය හෝ වර්ණය කුමක් වුවත්
ෆවුන්ඩේශන් සහ කන්සීලර් වගේ නෙමෙයි, ප්‍රයිමර් එක එක සමේ වර්ණයට එක එක පැහැයෙන් එන්නේ නෑ. ඔව්, ඔබ ඒක නිවැරදිව කියෙව්වා! ඒ නිසා ඒවා ඕනෑම වර්ගයේ සමක් සහ ඕනෑම වර්ණයක සමක් මත හොඳින් ක්‍රියා කරන නිසා මේක කරදරයක් නැති නිෂ්පාදනයක් බවට පත්වෙලා තියෙනවා.

පහසු යෙදුම
ප්‍රයිමර් එකක් ආලේප කරන එක අදහන්න බැරි තරම් පහසුයි. ඒවා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන දියරමය ආලේපන වගේමයි. වඩාත් සැහැල්ලු‍යි හා තෙල් රහිතයි. ඒවා ද්‍රව ආකාරයෙන් සම මත පැතිරිලා වහාම වියළී යනවා.

දිගු කල් පවතින මේක්අප් එකක්
ප්‍රයිමර් කියන්නේ ඔබේ මේක් අප් එකේ පළමු පියවරයි. හේතුව, ඒකෙන් ඔබේ ෆවුන්ඩේශන් සහ ක්‍රීම් සම මත රඳවා තබාගෙන ඔබේ මේක්අප් එක දීර්ඝ කාලයක් තබා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ඔබේ මේක් අප් එක සඳහා මුහුණ මත පරිපූර්ණ පදනමක් ද නිර්මාණය කරනවා. මුහුණේ සමට ක්ෂණික සුමටතාවයක් සහ දීප්තියක් ලබා ගැනීම සඳහා ඔබේ මොයිස්චරයිසර් ක්‍රීම් එක මුහුණට ආලේප කළාට පස්සේ ප්‍රයිමර් එක ආලේප කරන්න.



Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1869 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:45 AM
Script:/article/1869/advantage-of-use-primer-before-makeup.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:45 AM
Script:/article/1869/advantage-of-use-primer-before-makeup.html