ගෙදර දරුවෙක් ඉන්නවා නම් කවදාවත් මේ දේවල් අතපසු කරන්න එපා

February 2, 2019
26,316
Don’t forget these if you have a child at home
අපිට දරුවෝ වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දේ තමයි අපේ ආදරේ. හැබැයි කායිකව වගේම මානසිකවත් නීරෝගීව වැඩෙන්න දරුවන්ට අපේ ආදරය විතරක්  මදි. දරුවෙක් කායිකවත් මානසිකවත් නීරෝගී වෙන්න නම් දරුවන්ට අවශ්‍ය වෙන පෝෂණ අවශ්‍යතාවයන් හරියටම ලබාදෙන්න වෙනවා. දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා ගැන කතාබහ කරන විට විටමින් සහ ඛනිජ ලවණ වලට හිමි වෙන්නේ ඉහළම ස්ථානයක්. දරුවන්ගේ දත් ශක්තිමත් වෙන්න වගේම වර්ධනයට, පෙනීම වර්ධය වෙන්න , නව සෛල නිර්මාණයට , යහපත් වර්ධනයට, අස්ථි වලට අවශ්‍ය වෙන පෝෂණ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න විටමින් සහ ඛනිජ ලවණ වලින් ඉටු කරන්නේ විශාල සේවයක්. මේ නිසා දෙමාපියන් දරුවන්ගේ යහපත් වර්ධනයට අවශ්‍ය වෙන විටමින් සහ ඛනිජ ලවණ ගැන හොඳ දැනුවත් බාවයක් ලබාගෙන හරිම විදිහට ඒ දේවල් දරුවන්ට ලබාදෙන එක ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිසා අපි අද බලමු දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය වෙන වැදගත් විටමින් සහ ඛනිජ ලවණ වර්ග ගැනත් ඒ දේවල් අපිට දරුවන්ට ලබාදෙන්න පුළුවන් ක්‍රම ගැනත්.

01. විටමින් සහ ඛනිජ ලවණ ගැන ඔබ මූලිකවම දැනගත යුතු දේවල්.

සාමාන්යෙන් දරුවෙක්ගේ යහපත් වර්ධනයට විශේෂයෙන්ම වැදගත් වෙන විටමින් වර්ග ලෙස විටමින් A, B, C, D, E සහ K හඳුන්වන්න පුළුවන්. එසේම ඛනිජ ලවණ වර්ග ලෙස කැල්සියම්, යකඩ, අයඩින් සහ සින්ක් හඳුන්වන්න පුළුවන්. මේ දේවල් දරුවෙක්ට  පහසුවෙන්ම ලබාදෙන්න පුළුවන් සාර්ථකම ක්‍රමය වෙන්නේ ආහාර කාණ්ඩ වර්ග 5 ටම අයිති දේවල් දරුවට ආහාරයට ගැනීමට දීම. මේ නිසා දරුවට අවශ්ය පෝෂණය සමබරව වගේම නිවැරදිවත් ලැබෙනවා. ඇත්තටම අපි විටමින් සහ ඛනිජ ලවණ මොන ක්‍රමයකට ගත්තත් හොඳින්ම ඒ දේවල් දරුවන්ගේ ශරීරයට අවශෝෂණය වෙන්නේ ආහාර වලින් ඒ දේවල් ශරීරයට ලැබෙනකොට. මේ නිසා එළවලු, පළතුරු , කබෝහයිඩ්රේට් අඩංගු බත්, පාන් සහ ධානය වර්ග , මේද අඩු කිරි, කිරි නිෂ්පාදන,යෝගට් සහ  චීස්, ප්‍රෝටීන් බහුල මස්, මාංශ, බිත්තර  වගේ  ආහාර දරුවට නිතරම ආහාරයට ගන්න දෙන්න.

02. දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය විටමින් වර්ග.

අපි මේ යටතේ බලමු දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය වෙන විටමින් වර්ග සහ ඒවා ලබාගන්න විදිහ වගේම ඒ ඒ විටමින් වර්ග වලින් අපිට ලැබෙන ප්‍රයෝජන.

විටමින් A -  දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට. ඇස් පෙනීම වර්ධනය කිරීමට, දරුවන්ගේ නිරෝගී වර්ධනයට, සමේ තෙතමනය ආරක්ෂා කිරීමට වැදගත් වෙන විටමින් A තැඹිලි පති එළවලු සහ පලතුරු වල වගේම මස්, කිරි, බිත්තර වලත් අඩංගු වෙනවා.

විටමින් B1  (thiamine) - ආහාර වලින් ශක්තිය මුදාහරිමින් ස්නායු පද්ධතිය සහ මාංශ පේශි නිසි ලෙස ක්‍රියාත්මක කරන විටමින් B1 මාළු, මස්, යීස්ට් නිස්සාරක (Vegemite) වගේ දේවල් වල අඩංගු වෙනවා.

විටමින් B2 (riboflavin) - ආහාර වලින් ශක්තිය මුදාහරින  විටමින් B2 කිරි, යෝගට්, මස්, චීස්, යීස්ට් සාරය, බිත්තර, ධාන්‍ය වලින් සකස් කරන ලද පාන් වල අඩංගු වෙනවා.

විටමින් B3 (niacin) - ආහාර වලින් ශක්තිය මුදාහරින  විටමින් B3 මස්, මාළු, චිකන්, ඇට වර්ග සහ යීස්ට් සාරයෙහි අඩංගු වෙනවා.

විටමින් B6 (pyridoxine) - ප්‍රෝටීන් වලින් ශක්තිය මුදාහරිමින් රතු රුධිර සෛල නිෂ්පාදනය කරමින් මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා උපකාරී වෙන විටමින් B6 මස්, මාළු, එළවළු සහ ඇට වර්ග වල අඩංගු වෙනවා.

විටමින් B12 (cobalamin) - රතු රුධිර සෛල නිෂ්පාදනය කරමින් වර්ධනය කරන විටමින් B12 මස්, මාළු, බිත්තර සහ කිරි ඇතුලු සත්ව ආහාර වල අඩංගු වී ඇත.

විටමින් C (ascorbic acid) - කොලජන් නිපදවමින් ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ලබාදෙමින්. ආහාර වලින් යකඩ අවශෝෂණය කිරීමට උපකාරී වෙන විටමින් C එළවලු සහ පලතුරු බොහොමයක අඩංගු වෙනවා . විශේෂයෙන් ඇඹුල් රස එළවලු සහ පලතුරු වල. ඒ වගේම අර්තාපල් වලත් අඩංගු වෙනවා.

විටමින් D - අස්ථි ශක්තිමත්ව සහ නිරෝගීව තබාගැනීමට අවශ්‍ය කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙන විටමින් D අපේ සම හිරු එළියට නිරාවරණ වන විට අවශ්‍ය තරම් සිරුර තුල නිපදවේ. ඊට අමතරව තෙල් සහිත මාළු, බටර් මාගරින් සහ බිත්තර කහමදේ සුළු වශයෙන් අඩංගු වේ.

විටමින් E - ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් නිරෝගී සමක් සහ පෙනීම වර්ධනය කරන විටමින් E සුර්යකාන්ත තෙල් මාගරි සහ ඇට වර්ග වල අඩංගු වේ.

විටමින් K - රුධිරය කැටි ගැසීම සඳහා උපකාරී වෙන විටමින් K ඔබේ සිරුරේ ඇති බැක්ටීරියා මගින් ද නිපදවන අතර කොළ පැහැති එළවලු සහ බිත්තර වල අඩංගු වේ .


03. දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වර්ග.
ඔබේ දරුවාගේ නිරෝගී යහපත් වර්ධනයට අවශ්‍ය වෙන ඛනිජ ලවණ වර්ග සහ ඒවාගෙන් අපිට ලැබෙන ප්‍රයෝජන වගේම ඒ දේවල් දරුවන්ට ලබාදෙන්න පුළුවන් ක්‍රම තමයි මේ 

කැල්සියම් - දත් සහ අස්ථි ශක්තිමත් කිරීමට වැදගත් වෙන කැල්සියම් කිරි, චීස් සහ යෝගට් වැනි කිරි නිෂ්පාදන වලින් වගේම ආහාරයට ගත හැකි අස්ථි සහිත මාළු, සාඩින් , සැමන් , ටෝෆු සහ කොළ පැහැති එළවලු වලද අඩංගු වේ.

අයඩින් - පුද්ගලයන්ගේ සාමාන්‍ය වර්ධනයට වගේම පටක වර්ධනයටත් අවශ්‍ය වෙන, අපගේ සෛල ශක්තිය නිපදවීම සහ ඔක්සිජන් භාවිතා කිරීම පාලනය කරන. ගර්භනී කාන්තාවන්ට වැඩි වශයෙන් අවශ්‍ය වෙන අයඩින් මුහුදු ආහාර වලින්, අයඩින් වලින් පොහොසත් පසෙහි වැවෙන එළවලු පලතුරු වලින් ලබාගත හැකියි.

යකඩ - සිරුර පුරා ඔක්සිජන් ගෙන යාමට උපකාර කරන, මොළයට සහ රුධිරයට විශේෂයෙන් වැදගත් වෙන යකඩ මස්, අක්මාව, කුකුළු මස්, මුහුදු ආහාර, වියළි බෝංචි සහ ටුනා වල බහුලව අන්තර්ගත වේ. සාමාන්යෙන් අපි දන්න නිවිති කොළ වලත් යකඩ බහුලව අඩංගු වෙනවා.

සින්ක් - දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය, තුවාල ඉක්මනින් සුව වීමට අවශ්‍ය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උපකාරී වෙන සින්ක් මස්, කුකුළු මස්, මුහුදු ආහාර, කිරි, සහ ටොෆු වලින් ලබාගත හැකයි.

දරුවෙක්ගේ නිරෝගී වර්ධනයට විටමින් සහ ඛනිජ ලවණ කියන්නේ කිසිම ආකාරයකින් අතපසු කල නොහැකි අවශ්‍යතාවයක්. ඒ නිසා දරුවාගේ මේ පෝෂණ අවස්යතාවයන් හොඳින් හඳුනාගෙන දරුවාව නිවැරදිව පෝෂණය කිරීම සෑම දෙමාපියෙක් සතුම වගකීමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1251 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:25:16 AM
Script:/article/1251/don-t-forget-these-if-you-have-a-child-at-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:25:16 AM
Script:/article/1251/don-t-forget-these-if-you-have-a-child-at-home.html