කිරි දෙන මවක් අනිවාර්යෙන්ම මේ ආහාර තම ආහාර වේලට එක් කර ගත යුතුයි

June 8, 2018
23,773
Food that a feeding mom should eat
සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෝෂණ අවශ්‍යතාවයන්ට වඩා වැඩි වශයෙන් කිරි දෙන මවක් සඳහා පෝෂණය කියන දේ අවශ්‍ය වෙනවා. මොකද ඒ ආහාර මවට විතරක් නෙවෙයි දරුවාගේ වර්ධනයටත් අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් දරු ප්‍රසුතියෙන් මුල් මාස 6-7 තුල මවටත් දරුවටත් අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා සුදුසු ආහාර වැඩි වශයෙන් ලබා ගත යුතුයි. ඒ වගේම මව් කිරි වර්ධනය වන ආහාර වැඩිපුර ආහාරයට එක් කර ගත යුතුයි.

කිරි දෙන මවක් ආහාරයට නොගත යුතු ආහාර මොනවද කියලා කලින් ලිපියකින් ඔයාට කිව්වා. ඒ දේවල් වලින් ඈත් වෙන ගමන් මේ කියන ආහාර වර්ග වැඩිපුර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න. ඔබ ලබා ගන්නා හැම ආහාරයක්ම ඔබට වගේම දරුවාටත් යහපත් හෝ අයහපත් ලෙස බලපෑම් කරන බව මතක තබා ගන්න.

1. හාල්මැස්සන් සහ කුඩා මාළු

මව්කිරි දෙන මව්වරුන් සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ඇති හොඳම විසඳුමක් තමයි මාළු කියන්නේ. කටු සහිත කුඩා මාළු, හාල්මැස්සන් ආහාර වේලට එකතු කර ගැනීමෙන් ප්‍රෝටීන්, කැල්සියම් වගේම ඔමේගා 3 වගේ අත්‍යාවශ්‍ය විටමින් වර්ග ඔයත් දරුවාත් පෝෂණය කරනවා. විශේෂයෙන් ඔමේගා 3 දරුවාගේ මොළයේ වර්ධනය සඳහා ඉවහල් වෙනවා. මිට අමතරව තලපත්, තොර මාළු වැනි ආහාරත් මේ කාලයේදී ලබා ගැනීම වැදගත්.

2. කැරට්

උදෑසන ආහාරය හෝ දිවා ආහාරය සමඟ කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම මව් කිරි වර්ධනය කර ගැනීම සඳහා ඉතාමත් යෝග්‍යයි. නිවිති මෙන්ම කැරට් මව් කිරි වර්ධනය සඳහා ඉවහල් වන lactation වර්ධනය කරනවා. එමෙන්ම මෙහි අඩංගු විටමින් A මව්කිරි වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරනවා.

3. බිත්තර

බිත්තර කියන්නෙත් ප්‍රෝටීන් වලින් මෙන්ම, විටමින් A, විටමින් බී 12, යකඩ හා සින්ක්වලින් වලින් සපිරි ආහාරයක්. දිනපතා අහාර වේලට බිත්තරයක්, දෙකක් එකතු කර ගැනීමෙන් ඔබටත් දරුවාටත් අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවයන් නොඅඩුව සපයා ගන්න පුළුවන්.

4 යෝගට්

යෝගට් වල කැල්සියම් සහ ප්‍රෝටීන් යන පෝෂණ අවශ්‍යතා දෙකම අඩංගු වනවා. ප්‍රධාන ආහාර වෙලාවට අමතරව දිනපතා යෝගට් ආහාරයට ගැනීමෙන් අමතර පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඇතැම් අහිතකර බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව යෝගට් වලට තියෙනවා. ඒ නිසා ඔයා වගේම දරුවාත් සෞඛ්‍ය සම්පන්නව තබන්න යෝගට් උදවු වෙනවා.

5. පොලොස්

කොස්, පොලොස් කියන්නේ කොහොමත් සිරුරට ශක්තිය ලබා දෙන ආහාර. ගමේ නම් අනිවාර්යෙන් දරුවෙක් ලැබුණු ගමන් කියන්නේ පොලොස් එහෙම ටිකක් වැඩිපුර කන්න, ලේ හැදෙනවනේ කියලා. ශක්තිය වගේම මව් කිරි වර්ධනයටත් පොලොස් කොයි කවුරුත් අමතක නොකරන ආහාරයක්.

6. අලිගැටපේර

ෆෝලික් අම්ලය කියන්නේ ගැබ් ගන්න කලින් ඉඳන්ම ශරීරයට ලබා දිය යුතු පෝෂණයක්. ඒ වගේම ගර්භනී කාලය අතරතුරත් ෆෝලික් අම්ලය ලබා දෙන්නේ එය දරුවාගේ මොලයේ වර්ධනයට නැතුවම බැරි නිසා. ෆෝලික් අම්ලය මේ කාලයන් දෙකේදීම වගේම ඉන් පසුවත් මවකට අතිශය වැදගත් පෝෂකයක්. එය මධ්‍යම ස්නායු පද්ධතියේ නිසි දියුණුවට දායක වෙනවා. ඒ වගේම මෙය දරුවාගේ වර්ධනය නිසියාකාරව සිදු වීමට බලපානු ලබනවා. අලිගැටපේර ෆෝලික් අම්ලය මෙන්ම විටමින් C, විටමින් E සහ පොටෑසියම් වලින් පොහොසත්.

ඔබෙත් දරුවාගේත් පෝෂණය නිසිලෙස සමබර කර ගන්නත්, මව් කිරි වර්ධනය ඉහළනංවා ගන්නත් ඉහල පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි මේ ආහාර නොවරදවාම ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,592
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,014
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,499
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   71,005
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed