පුංචි පැටියා නිතරම අඬන්නේ මේ දේවල් නිසා වෙන්න පුළුවන්

November 7, 2017
4,743
Child may be crying because of these
පුංචි පැටවූ ඉතින් නිතරම කරන්නේ කිරි බොන එකයි, නිදා ගන්න එකයි, අඬන එකයිනේ. හැබැයි නිතර නිතර දරුවා අඬන්න ගත්තොත් ඕනෑම අම්මා කෙනෙක් කලබල වෙනවා. මොකද එක පාරම ආම්මට හිතා ගන්නත් බැහැ දරුවා ඇයි මේ තරම් අඬන්නේ කියලා. ඒ වගේම දරු පැටියට මොන වේදනාවක්, අපහසුවක් ආවොත් කතා කරලා කියන්නත් බැහැනේ. ඒ නිසා හැම වෙලාවකම දරුවා ගැන නිරන්තර අවදානයෙන් පසු විය යුතුයි.

වෙනදට වඩා දරුවා වැඩියෙන් අඬනවා නම් ඒ ඇයි කියලා ඉක්මනින් තේරුම් ගන්න හැකියාව මවට තියෙන්න ඕන. ඒ වගේම ඒකට මෙන්න මේ දේවල් හේතු වෙන්න පුළුවන්. පලවෙනි වතාවට අම්ම කෙනෙක් වුනු ඔයාට අත්දැකීම් අඩු නිසා මේ දේවල් ගොඩක් වැදගත් වෙයි.

1. බඩගින්න

දරුවා අඬන්න හේතු වෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි බඩගින්න. ඒ අවශ්‍යතාවය ඉටු වෙන්න ප්‍රමාද වුනොත් දරුවා කොහොමත් අඬන්න ගන්නවා. ඒ වගේම චූටි පැටවුන්ට තියෙන්න පුංචි බඩක්නේ. ඉතින් නිතර බඩගිනි වෙන එක සාමාන්‍යයි.

2. diaper එක කිළුටු කර ගැනීම

diaper එක කිළුටු කර ගැනීම, තෙමා ගැනීම වගේ දේවල් බබාලට ඉවසගෙන ඉන්න අමාරුයි. මොකද ඒක එයාලට ගොඩාක් අපහසුවක් ගෙන දෙන්නක්. ඒ වගේම ළදරු සම මත විවිධ ආසාදන ඇති කරන්නත් හේතු වෙන නිසා කිළුටු කර ගත් diaper ඉක්මනින් ඉවත් කරන්න.

3. diaper නිසා ඇති වන සිරීම්, තුවාල

ළදරුවාට diaper එකක් තෝරා ගනිද්දී ඒ ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි, මතුපිට රළු හා තෙත හොඳින් අවශෝෂණය කර ගන්නේ නැති diaper භාවිතය නිසා දරුවාගේ සමේ විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රළු මතුපිට නිසා දරුවාගේ සියුම් සම සිරීමට, තුවාල වීමට ලක් වෙන්න පුළුවන්. ඒවා දරුවට වේදනා ගෙන දෙන විට දරුවා නිතර අඬන්න ගන්නවා.

4. දරුවාගේ කිරි දත් එන අවදිය

කිරි දත් එන කාලේදී පුංචි පැටවූ නොසෑහෙන්න අඬන්න ගන්නවා. ඒක ඒ තරම්ම් දරුවට අපහසු හා වේදනාකාරී වූ දෙයක්.

5. අධික සීතල හෝ උණුසුම

වැඩිහිටියන්ට වගේ නෙවෙයිනේ පොඩි දරුවන්ට අධික සිතල හා උණුසුම දරා ගන්න බැහැ. මේ වගේ තත්ත්වයන් ගැන මව අනිවාර්යෙන් අවදානයක් දිය යුතුයි වගේම දරුවාගේ සුව පහසුව සලසන්නත් කටයුතු කල යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 498 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:48:38 AM
Script:/article/498/child-may-be-crying-because-of-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:48:39 AM
Script:/article/498/child-may-be-crying-because-of-these.html