ගැබ් ගත් මුල් මාස තුන ඇතුළත කිසිම මවක් මේ දේවල් අමතක කරන්න එපා

March 30, 2018
22,336
Do not forget these in your first 3 months in pregnancy
දරු සම්පත ලබනවා කියන්නේ මේ ලෝකේ උතුම්ම පදවිය ඔබ ලැබුවා කියන එක. ඒ වාසනාව හැමෝටම ලබන්නත් බැහැ. ඒ වගේම ඒ තරම උතුම් වෙනත් පදවියකුත් නැහැ. ඒ තරමට මවක් වෙනවා කියන එක වටිනවා. ඔබට ලැබෙන දරු පැටියා තමයි ඔබ ඒ පදවිය ලබන්න සුදුස්සෙක් කරන්නේ. එකනේ දරු සම්පත මේ තරමට අපිට වටින්නේ. ඒ තරම් වටිනා සම්පතක් අපිට කොහෙවත් නැහැ.

දරුවෙක් කුසට ආව දවසේ ඉඳන් මවක් මොනතරම් ඒ දරුවා ගැන හිතනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. මවක් වුනු, මවක් වෙන්න පෙරුම්පුරන හැමෝම ඒ ගැන දන්නවා. දරුවෙක් පිළිසිඳ ගෙන බිහි අරණ තෙක් මවක් හැම දෙයකින්ම ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම ගැබ් ගත් මුල් මාස තුන තුල ඔබ අනිවාර්යෙන් කල යුතු දේවල් ටිකක් ගැන තමයි මේ කියන්නේ.

ගැබ් ගැනීමට පෙර ඉඳන්ම ෆෝලික් අම්ලය ලබා ගන්නවා නම් එක ගොඩක් හොඳයි. එහෙම බැරි නම් ගැබ් ගැනීමෙන් පසුව අනිවාර්යෙන් ෆෝලික් අම්ලය මි.ග්‍රෑ. 1 බැගින් දිනපතා ගන්න. විශේෂයෙන් මුල් මාස තුන තුළ කිසිලෙසකින් එය අමතක කරන්න එපා.

ගැබ් ගත් මුල් කාලසීමාව තුල මුත්‍රා ආසාදන ඇති වීම නිතර දකින්න පුළුවන්. මේ තත්ත්වය අවම කරන්න හොඳින් වතුර පානය කරන්න. මුත්‍රා ආසාදන ඇති වුවහොත් කෑම අරුචිය වැඩි වෙනවා. වමනයද අධික වෙනවා. ඒ වගේම මුත්‍රා ආසාදනය ඇති කළ විෂබිජ කොන්ද යටිබඩ වැනි ප්‍රදේශ දක්වා පැතිරුණොත් කලලය ගබ්සා වීමටද පුළුවන්.

ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ හෘදය වස්තුව නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීම ඉතා වැදගත්. ඒ වගේම ස්කෑන් පරීක්ෂණය මඟින් කලලය පිහිටා තිබෙන්නේ ගර්භාෂය තුළද පිටතද යන්න සනාථ කර ගැනීමට මුල්ම දිනවල කරනු ලබන ස්කෑන් පරීක්ෂණය මගින් හැකියාව ලැබෙනවා.

එමන්ම ඇතැම් අවස්ථාවල කලලයට යම් යම් හානි වීම් සිදුවීම නිසා ගබ්සා වීම් වැනි අවාසනාවන්ත දේ සිදු වෙනවා. ඒ නිසා මුල් කාලයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන එක වැදගත්. මව නොදැනුවත්ව මෙසේ ගබ්සාවක් සිදු වී ඇති අවස්ථාවක මවට විෂබිජ ශරීරගත වීමට මෙන්ම රුධිරය කැටි නොගැහෙන රෝගී තත්ත්වය වැළදෙන්නත් මවගේ මරණය සිදු වීමට තරම් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්.

ඒ නිසා ගැබ් ගත් මුල් කාලයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම මඟින් ඇති වෙන්න පුළුවන් භයානක තත්ත්වයන් රැසක අවදානමෙන් මිදෙන්න පුළුවන්.

මුල් තුන් මාසය තුළ ගැබිනි මවක් දුර ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි. ඒ වගේම පිටතින් ආහාර පාන ගැනීම, නිතරම රෝහල් වලට යාම වැනිදෑ සිදු නොකළ යුතුයි.

සිතල අධික ආහාර හා උෂ්ණාධික ආහාට ගැනීමෙන් වැළකීමට වගබලා ගත යුතුයි. එම ආහාර කලලයට හානි කරන්න හේතු වෙන්න පුළුවන්.

ඒ වගේම මුල් මාස තුන තුළ ආහාරයට නොගත යුතු දේ ගැනත් අවදානය දිය යුතුයි. එවැනි ආහාර ගබ්සාවක් සිදු වීමට හේතු වෙන්න පුළුවන්. මේ කාලේදී අන්නාසි, ගස්ලබු වැනි පළතුරු ගැනීම නුසුදුසුයි. ඒවායේ තිබෙන රසායනික ද්‍රව්‍යවලින් කලලයට හානි සිදු වෙනවා. ඒ වගේම දිනකට අධික ලෙස විටමින් C බහුල ආහාර නොගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 733 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:33:00 AM
Script:/article/733/do-not-forget-these-in-your-first-3-months-in-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:33:01 AM
Script:/article/733/do-not-forget-these-in-your-first-3-months-in-pregnancy.html