දරුවෙකු බිහිකිරීමෙන් පසු දෙමව්පියන් විරසක වෙනවා කියන කතාව ඇත්තක්ද?

July 4, 2019
11,641
Is it true that parents tense after having a baby?
සාමාන්‍යයෙන් ගෙදරක අලුතෙන් දරුවෙක් ඉපදුනාම ඇත්තටම සිරියාවන්තයි. තවද දෙමව්පියන් අතර බැඳීම ශක්තිමත් කිරීමේ මහා හැකියාවක් දරු උපතකට තිබෙන බව බොහෝ දෙනෙක් පවසනවා. නමුත් සමහර දෙමව්පියන් දරුවන් ලැබුණු පසු මඳක් ඈත් වෙනවා. ඊට ප්‍රධාන හේතුව වන්නේ දරුවා කෙරෙහි සම්පුර්ණ අවධානය යොමු වීමත්, එකිනෙකා කෙරෙහි අවධානය යොමු කිරීම අතපසු වීමත්ය. බොහෝ විට දරුවාගේ පියා තමාට බිරිඳගේ අවධානය පෙර මෙන් නොලැබීමත්, පිය සෙනෙහස නිසා බිරිඳට ස්වාමියාගේ අවධානය අඩු වීම නිසා දුක් වෙනවා දකින්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට දරුවෙකු බිහිකිරීමෙන් පසු දෙමව්පියන් අතර දුරස් බව මග හරවා ගැනීම පිළිබඳ මේ ලිපියෙන් කතා කරන්න හිතුවා.

විශේෂයෙන්ම පවුලකට දරුවෙක් ලැබුණු පසු මවකගේ හිස මත වගකීම් කන්දරාවක් ගොඩ ගැහෙනවා. බොහෝ වෙලාවට දරුවාගේ සෞඛ්‍යය, කිරි ටික හරියට පෙවුනද කියන ප්‍රශ්න මවකගේ හිතට වද දෙනවා. දරුවා ලැබුණු පසු මවකට වැඩිපුර නිදිමරන්න සිදු වෙනවා. මෙය මවක මානසිකව බෙහෙවින් විඩාවට පත් කරන කාරණයක්. ඉතින් දරුවා ලැබීමට පෙර සිටම දෙදෙනා මේ ගැන ආදරයෙන් කතා බස් කර දැනුවත් වී සිටීමෙන් දෙදෙනා තුල මානසික පීඩාවන් ඇති වෙන්නේ නැහැ. සහනයට මූලික වන්නේ සහයෝගයයි.

දරුවාගේ වැඩ කටයුතු කිරීමෙන් මවක් විශාල තෘප්තියක් ලබනවා. අම්මා දරුවාව කුසෙහි රඳවාගෙන සිට විශාල වේදනාවක් දරා දරුවාව ජිවය දෙනවා. පුංචි ලෙඩකදී වුණත් සැමියා ළඟ හුරතල් වුනු ඇය, තම කයෙහි මොන තරම් වේදනාවන් තිබුණත් දරුවා වෙනුවෙන් සියලු කටයුතු කරන්නේ ඉතාමත් සතුටින්. මේ බව පියා වටහා ගන්නවා නම්, මඳක් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් පවුලේ කිසිදු ගැටළුවක් ඇති වන්නේ නැහැ. එයට හේතුව වන්නේ බිරිඳක් කෙසේවත් තම සැමියාට නොසලකා හරින්නේ නැහැ. නමුත් ඇයගේ වෙනසට හේතුව  මවක් ලෙස අභියෝග රැසකට මුහුණ දීමට සිදු වීමට ඇති නිසා බවත්, මේ වෙනස තාවකාලික බවත් වටහා ගැනීමට සෑම පියෙකුටම පුළුවන් වෙන්න ඕනා.

ශරීරයේ ඇති අමාරුකම් සමඟ බිරිඳ නිතර තරහ ගැනීමට ඇති හැකියාව වැඩියි. නමුත් එය නිවැරදි නොවන බව ඇය විසින්ම තේරුම් ගත යුතුයි. දරුවා වෙනුවෙන් සැමියාගේ උදව් ලබා ගන්න. දරුවා වෙනුවෙන් කළ යුතු දේවල් පියාටත් පවරන්න. නමුත්  දරුවාට ඇඳුම අන්දන විට, නාවන විට පියා අතින් සුළු සුළු අඩුපාඩු විය හැකියි. ඒ අඩුපාඩුකම් වලට කේන්ති ගන්නේ නැතිව ආදරයෙන් සහ සාමකාමිව ක්‍රියා කරන්න. තවද කේන්ති ගන්නේ දරුවාට ඇති ආදර නිසා වුවත් දෙදෙනාගේ බැඳීමට හානියක් වෙන්න ඉඩ තියන්න එපා.

මුල් කාලයේදී ශරීරයේ ඇති වේදනාවන් සහ අපහසුතා නිසා දෙදෙනා ලිංගික සබඳතා වලට නොඑළඹීමට තීරණය කරනවා. නමුත් දිගුකාලීනව ලිංගික සබඳතා දෙදෙනා අතර නොපැවතිමෙන් මානසික බැඳීමත් දුර්වල වී යා හැකියි. සැමියා ඔහුගේ වචනයෙන් බිරිඳ ගැන තම සිතේ ඇති ආදරය වටහා දීමට උත්සාහ කිරීම වැදගත්. දරුවා ලැබීමෙන් පසු බිරිඳගේ රූපය වෙනස් විය හැකියි. නමුත් තමා ඇයට පෙර ලෙසම ආදරය කරන බව ඇයට දැනෙන්නට ඉඩ දෙන්න. දෙදෙනාගේ අවශ්‍යතා පිළිබඳව විවෘතව සාකච්චා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1366 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:33:30 PM
Script:/article/1366/is-it-true-that-parents-tense-after-having-a-baby.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:33:31 PM
Script:/article/1366/is-it-true-that-parents-tense-after-having-a-baby.html