හැඩකාරියක් කවදා හෝ දිනක විවාහ වී දරු මල්ලන් ලැබීමේ වාසනාව ගැන බොහෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වගේම ගැහැනු දරුවෙක් විදිහට තමන්ගේ පිරිසිදු බව සනාථ කිරීමේ චාරිත්‍රය තවමත් මේ සමාජයෙන් ඈත් වෙලා නැහැ. පෙරදිග සංස්කෘතියේ මේ තත්වය ඉතාම දරුනු විදිහට තිබෙනවා. මේ අමානුෂික චාරිත්‍රය වෙනුවෙන් කාන්තා ක්‍රියාකාරිනියන් විසින් හඬ නැගීමත් නිතරම සිදු වුනත් මේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ චාරිත්‍රයන් නිසා බොහෝ කාන්තාවන් හෙම්බත්ව සිටිනවා.
කොකේසස් කඳුකර ප්‍රදේශය මනාලියගේ කන්‍යාබව පරීක්ෂා කිරීමට වගේම ඇයට දැනුවත්වීම් ලබා දෙන මුවාවෙන් ඔවුන් ප්‍රථම මංගල රාත්‍රිය ගෙවන කුටියට යාබදව කාන්තාවක් රඳවා තබනවා. එල් මීරා නැමැති කාන්තාව ඇගේ අත්දැකීම් විස්තර කලේ මේ විදිහටයි.
“හැම දෙයක් ම ඒ අයට ඇහෙනවා. ශාරීරික වේදනාවයි ලැජ්ජාවයි නිසා මගේ ඇඟ වෙව්ලන්න ගත්තා. මට හිතුණ ඇත්තට ම මේක ද විවාහය කියන්නේ?”
"මම හොඳට ම බය වෙලා කිසි ම දෙයක් කියා ගන්න බැරිව තනි වෙලා හිටියා. මුළු රැයම මම නිදි නැහැ. ඒත් එයා ගණන් ගත්තේවත් නැහැ. අන්තිමේදී හොඳට නිදා ගත්තා."
උදෑසන ම ඇඳ ඇතිරිල්ල රැගෙන යාම සඳහා "සාක්ෂිකාරිය" කාමරයට ආවා.
"මම දැනගෙන හිටියා දැන් හැමෝම මේ බෙඩ් ෂීට් එක පරීක්ෂා කරනවා කියල," එල්මිරා ඒ බියකරු රාත්‍රිය සිහිපත් කළාය.
පහුවදාට මේ ඇතිරිල්ල අරගෙන යනවා. ලේ පැල්ලම තිබුනොත් මනාලියට ආශිර්වාද කරනවා. එහෙම නැති වුනොත් විවාහය දෝෂ සහිතයි කියල අර මනාලිය පන්නා දමනවා. ඇයට නැවත විවාහයක් කර ගන්න ලැබෙන්නෙත් නැහැ.
‘‘නේගාර්”, අසර්බයිජානයේ පිටිසර ගම්මානයක තරුණියකි. වයස අවුරුදු 18 දී විවාහ වුන ඇය ඇයට පළමු රාත්‍රිය ගත කිරීමට ලැබුණේ අල්ලපු කාමරයේ "උපදේශිකාවක" හෝ කිහිප දෙනෙකු පමණක් සිටියදී නොවේ. "මුළු ගම ම" නේගාර්ගේ කුටියේ දොර අබියසට රොක් වී සිටියදීයි.
"මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ තවත් දවසක් නැහැ. ඒත් මං හිතුව මේක සාමාන්‍ය දෙයක් කියල."
තම ස්වාමි පුරුෂයා සමග ලිංගිකව එක්වීම සඳහා කිසිදු ආශාවක් ඇති නොවූ බව පවසන ඇය කියා සිටියේ, කාමරයේ වසා තිබුණු දොර අද්දරට වී සිටින පිරිස "හුස්ම ගන්නා ශබ්දය පවා" තමන්ට ඇසුණු බවය. කොහොම වුනත් නේගාර්ට රතු පැල්ලම පෙන්වන්න ලැබුනේ නැහැ. ඒ නිසාම ඇයව පන්නා දැමුවා. දැන් ඇයගේ වයස අවුරුදු 30 ක්. ඒත් තවමත් අවිවාහකයි. ආමේනියාවේ පිටිසර පෙදෙස්හි දෙමාපියෝ බොහෝ විට තම දියණිය වයස අවුරුදු 18 ක් පමණ වෙන විට විවාහ කර දෙනවා.
මෙම චාරිත්‍රය හැඳින්වෙන්නේ "රතු ඇපල්" නමිනි. මෙහිදී නම් “සාක්ෂිකාරියක” අල්ලපු කාමරයට පැමිණෙන්නේ නැහැ. ඒ වුනත් තමන්ගේ දුවගේ පිරිසිදුකම නෑදෑයින්ට පෙන්වන්න ඕන. බැරිවෙලාවත් “ඇපල් පරීක්ෂාවෙන්” අසමත් වුවහොත් එම තරුණිය පවුලෙන් ද නෙරපා හරිනවා. මේ චාරිත්‍රය ඉතාම නින්දා සහගත බව මානව හිමිකම් ක්‍රියාධාරිනී නිනා කාරාපෙටීයාන්ස් සඳහන් කරනවා. මේ චාරිත්‍රෙයන් පීඩාවට පත් “එලාඩා ගොරීනා” විසින් අදාල සිද්ධිය බී.බී.සී පුවත් සේවයට වාර්තා කලේ මේ විදිහටයි.
“මංගල රාත්‍රියේදී ඇඳ ඇතිරිල්ල බලද්දී ඒකෙ ලේ පැල්ලමක් තිබිල නැහැ. ඉතින් මහ රෑ මැදියමේ මනාලයාගේ පවුලේ අය එකතු වෙලා මනාලියව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගිහින් තියෙනවා ඇය කන්‍යාවක් ද කියල දැන ගන්න.” එතැන් පටන්ම මේ කාන්තාව හැම දෙනාගේම ප්‍රචන්ඩත්වයට පත් වෙනවා.
මානව හිමිකම් ක්‍රියාකාරීන් සඳහන් කරන අන්දමට මේ සම්ප්‍රදාය රටවල් විස්සක පමණ ක්‍රියාත්මක වෙනවා. එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ මේ සම්ප්‍රදාය දැඩි සේ ප්‍රතික්ෂෙප කළ යුතු බවයි. සංවිධානය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ “කන්‍යාභාවය” (virginity) නමින් කිසිදු සංකල්පයක් වෛද්‍ය විද්‍යාවේ නොමැති බවත් සමාජයීය, සංස්කෘතික සහ ආගමික චින්තනය මත පමණක් එම සංකල්පය පවතින බවත්ය.
මෙම අමානුෂික නීතිය මුලිනුපුටා දැමීමේ “Stop the V ritual” ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එහි සාමාජිකත්වය දැනට කාන්තාවන් 60 දෙනෙකුගෙන් පමණ සමන්විතය. මෙම ව්‍යාපාරයේ නිර්මාතෘ විචෙක් ඩෙචර් සඳහන් කරන්නේ ඔහුට වයස අවුරුදු 12 ක් පමණ කාලයේදී එක්තරා මංගල්‍ය උත්සවයකදී මනාලියට පහර දුන් අන්දම තමා දෑසින් දුටු බවයි. එදවස ඔහු කුඩා දරුවෙක් බැවින් මේ පිළිබඳව එතරම් තේරුමක් නොතිබුන බවයි. නමුත් හෙට අනිද්දා විවාහ වීමට අදහස් කරන විවේක් තමාගේ මනාලියගේ කන්‍යා භාවය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකරන බව අවධාරනයෙන් සඳහන් කරයි.
එහෙත් මෑතකදී මෙම විරෝධතා ව්‍යාපාරය නිසා ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ට පහර දී ඇති අතර එම පහර දීම නිසාම ඔහු මේ ගැන සමාජය දැනුවත් කරන්න සිතුවා.
ප්‍රථම සංසර්ගයෙන් රුධිරය පිට විය යුතුමද...
දිල්ලි නගරයේ වෙසෙන ප්‍රසව හා නාරි රෝග වෛද්‍ය සෝනියා නායික් සඳහන් කරන්නේ ප්‍රථම සංසර්ගයෙන් රුධිරය පිටවීම අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ නැති බවයි. පහත සඳහන් හේතු මත ප්‍රථම සංසර්ගයෙන් රුධිරය පිටවීමට තිබෙන අවස්ථාව නැති වෙනවා.
• ක්‍රිඩාවල යෙදීම නිසා
• ස්වයං වින්දනය
• මෘදු හැසිරීමක් ඇති සහකරුවෙක් වීම
ඒ නිසා මංගල රාත්‍රියේදී මනාලියගේ කන්‍යා පටලය පිළිබඳව සැක ඇති කර ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ. කන්‍යා පටලය ගැන සැක ඇති කරගෙන පවුල් අවුල් ඇති කර ගැනීමට වඩා එවන් සිද්ධියක් වුනොත් ඒ ගැන ඉතාම මැදිහත් සිතින් සිතන්න කරුණු තිබෙන බවත් අමතක කරන්න එපා.
එන්. ඒ. පි. සි