කොච්චර හොද සැමියෙක් උනත් කවදාවත් බිරිදට නොකියන රහස්

March 2, 2017
59,032
5 Secrets Even the Best Husbands Don’t Tell Their Wives
හොද සබදතාවයක් නිර්මාණය වෙන්න විස්වාසය කියන එක අනිවාර්යෙන්ම බිරිද හා සැමියා අතර තිබිය යුතුයි. නමුත් අපි කොයි කවුරු වුනත් ජිවිතේ සමහර අවස්ථාවලදී ඇතැම් දේවල් ප්‍රකාශ නොකර සගවාගෙන සිටිනවා. සමහර වෙලාවල් වලට ඇත්තටම මේ දේවල් නොකියා ඉන්න එක අපේ පවුල් ජිවිතයට වලට හිතකර විදිහට බලපානවා. මේ අපි අද කතා කරන කාරණා ගැන නම් කොච්චර හොද සැමියෙක් උනත් කවදාවත් තමන්ගේ බිරිදට කියන්නේ නෑ.

1. වෙනත් කාන්තාවක් ගැන හිතේ ඇතිවෙන හැගීම්

ඕනෑම යහපත් සැමියෙකුගේ හිතේ වෙනත් කාන්තාවන් ගැන හැගීම් ඇතිවෙන්න පුළුවන්. මනෝ විද්‍යාවට අනුව නම් මේක බොහොම සාමාන්‍ය දෙයක්. මෙතැනදී සැමියා ඇත්තටම වරදකරුවෙක් නෙවෙයි. මොකද ඔහුට ඇතිවෙන්නේ හැගීමක් පමණයි. නමුත් යම් පිරිමියෙක් මේ හැගීම් ඔස්සේ ගිහින් ඒවා ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවානම් ඔහු වැරදිකාරයෙක්. නමුත් යහපත් සැමියෙක් මේ හැගීම් ගැන හොදින් තේරුම් අරගෙන ඒවා පාලනය කර ගන්නවා. හැබැයි ඔවුන් කවදාවත් බිරිදට නම් මේ දේවල් ගැන කියන්න යන්නේ නෑ.

2.සැමියාගේ ස්වයං වින්දන ක්‍රියාකාරකම් ගැන

මෙයත් බොහොම සාමාන්‍ය වගේම ස්භාවික ක්‍රියාවක් පිරිමින් විසින් සිදු කරන. ඇත්තෙන්ම පිරිමින් ස්වයං වින්දනයේ යෙදීම වෘෂණකෝෂ වල ඇතිවන පිළිකාවලින් ඔවුන්ව ආරක්ෂා කරනවා. ඒ වගේම එය ඔහුගේ ප්‍රජනන සක්‍යතාවය වර්ධනය වීමටත් බෙහෙවින් උපකාරී වෙනවා. නමුත් මේ ගැන පිරිමි කවදාවත් කාන්තාවන්ට කියන්න යන්නේ නැහැ. මොකද ඔවුන් හිතනවා එය ලජ්ජාවට කාරණාවක් කියා. ඒ වගේම ඔවුන් සිතනවා මෙය බිරිද දැනගත්තොත් ඔහුව පිළිකුල් කරයි. ඔහු ගැන වැරදි වැටහීමක් ඇතිකර ගනීවි කියා.

3. ඔවුන් බිරිදගේ දුරකථනය ගැන වගේම පරිඝනකය ගැනත් විමසිලිමත් බව

ඕනෑම සැමියෙකුට බිරිද ගැන පොඩි හරි සැකයක් ඇතිවීම සාමාන්‍ය කාරණාවක්. මේ වගේ අවස්ථාවලදී ඔවුන් බිරිදගේ දුරකථනය වගේම පරිඝණකයත් පරික්ෂා කරනවා. නමුත් මේ ගැන ඔවුන්ට කවදාවත් බිරිදට දැනගන්න ඉඩ තියන්නේ නෑ.

4. බිරිදට වඩා තමන් බුද්ධිමත් යැයි සිතන බව

50% පිරිමින් හිතන්නේ තමන් බිරිදට වඩා බුද්ධිමත් කියලා. නමුත් මොවුන් කිසිම විටක මේ ගැන බිරිදට නම් කියන්න උත්සහ කරන්නේ නෑ. මොකද ඔවුන් දන්නවා මේ ගැන කතාබහ කරන්න ගියොත් නැති ප්‍රශ්න විවාහ ජීවිතය තුල ඇති වෙන බව.

5. බිරිද වැඩිපුර සල්ලි පවුල වෙනුවෙන් සොයා ගෙන ඒවි යැයි ඔවුන් බලාපොරොතු වෙන බව

බහුතරයක් සැමියන් සිතනවා බිරිද වැඩිපුර මුදල් ප්‍රමාණයක් පවුල වෙනුවෙන් හොයාගෙන එනවනම් එය හොද බව. නමුත් මෙය ඔවුන් බිරිදට නම් කියන්නේ නෑ. මොකද මේක සැමියාට මදි පුංචි කමක් වගේම ලජ්ජාවට කාරණාවක් වෙන නිසා.

මෙහෙම බැලුවහම අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර හොද සැමියෙක් උනත් සමහර කාරණා බිරිදගෙන් සගවන බව. මේකට ඉතින් හේතු වෙන්නේ ඔවුන් බිරිදව තරහ ගස්සවන්න අකමැතිවීම වගේම ඔවුන්ගේ දුර්වලතාවයන් සගවාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 94 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:16 AM
Script:/article/94/5-secrets-even-the-best-husbands-don-t-tell-their-wives.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:17 AM
Script:/article/94/5-secrets-even-the-best-husbands-don-t-tell-their-wives.html