බැංකු ගිණුමේ ශේෂය එන්න එන්නම අඩු වෙනවාද.. මුදල් ඉතිරි කරගන්න මේ ටික කරන්න

December 14, 2021
6,517
Money saving tips that actually work
මුදල් ඉතිරි කිරීම හිතන තරම් ලේසි වැඩෙක නෙවෙයි මේ කාලේ. සිල්ලර බඩු, කාර් සහ ගෙවල් කුලී, ණය වාරික, ළමයින්ගේ වියදම්…. ඒත් ඉතිරි කිරීමේ මේ ටිප්ස් ටිකෙන් පොකට් එකට වෙන වාසිය ඔබව මවිත කරනවා විතරක් නෙවෙයි අර්ථවත් ලෙස ඉතිරි කරන්නත් ඔබට උගන්වනවා නිසැකයි…


ඔබ භාවිතා කල දෑ ඔන්ලයින් අලෙවි කරන්න


ඔබට කුඩා දරුවන් සිටීනම් හෝ ඔබගේ හොඳ තත්ත්වයේ පවතින ඇඳුම්, පාවහන් සෙල්ලම් බඩු, පොත් වැනිදෑ ඔන්ලයින් අලෙවි කරන්න.. ඒවා ඉවත දමනවාට වඩා එමගින් සැලකිය යුතු මුදලක් ලබාගැනීමටත් ඔබට හැකියි.


හවස කොෆී ෂොප් එකෙන් ගන්න දේවල් ගෙදරම හදා ගන්න


ඔබ රාජකාරිය නිමවා එනමග කෝපි අලෙවි සැල් මගින් මිල අධික කෝපි, කප් කේක්, ශොර්ට් ඒට්ස් මිලදී ගන්නවා වෙනුවට එය මග හැර නිවසේදීම එය සකසා ගන්න.. මාසය අවසානයේ ඔබට සතුටුදායක මුදලක් එමගින් ඉතිරි කරගත හැකියි.


වෙළඳසැල් මගින් ලබාදෙන වට්ටම් පිළිබඳ සැලකිලිමත් වන්න


සෑම මසකම විවිධ සුපිරි වෙළඳසැල් ආදියෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග සඳහා වට්ටම් හා දීමනා ලබා දෙනවනේ. ඉතින් ඔබගේ සතියේ හෝ මාසයේ සිල්ලර බඩු ලැයිස්තුව එවැනි වෙළඳ සැලකින් ලබාගැනීමෙන් සැලකිය යුතු මුදල් ඉතිරි කරගන්න පුලුවන්.


ක්‍රෙඩිට් කාඩ් පත් මගින් ලබාදෙන ත්‍යාගයන් සහ දීමනා


බොහෝ විට බැංකු තම සේවාදායකයින් සඳහා උත්සව සමයේදි ඇඟලුම්, ආහාර ආදිය සඳහා බොහෝ දීමනා ලබාදෙනවා. එමනිසා සෑමවිටම ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත සහිත බැංකුවේ නිල වෙබ් අඩවියේ ඇති තොරතුරු පිලිබඳව අවධානයෙන් සිටීමෙන් වැඩි මුදලක් ඉතිරිකර ගත හැකියි.


පුස්තකාල සාමාජිකත්වය ලබා ගන්න


ඔබ පොත් පිස්සෙක් නම් ඔබගේ මාසික වැටුපින් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් මිලටගැනීමට වැය වනවා ඇති.. ඔබට හැකිනම් ඔබ ජීවත්වන ප්‍රදේශයේ ප්‍රාදේශීය පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගන්න.. එවිට ඔබට නොමිලයේ කියවීමට හැකිවනවා මෙන්ම පසුම්බියටත් වාසියක් ලැබෙනවා.


මුදල් කාසි එකතු කරන්න


ඔබට මුදල් නෝට්ටුවක් මාරු කිරීමෙන් ලැබෙන පොඩි පොඩි වටිනාකමකින් යුතු මුදල් වෙනම කුඩා බඳුණක හෝ ටින් එකක එකතු කරන්න. වසර අවසානයේ ඔබ මවිතයට පත්වන මුදලක් ඔබට ඉන් එකතු කරගත හැකිවනවා.


සෑම වසරකම ඔබේ විශ්‍රාම ඉතුරුම් වැඩි කරන්න


විවිධ බිල්පත්, ගෙවල් කුලී, අධ්‍යාපන වියදම්, ආහාරපාන වියදම් සහ බෙහෙත් ආදිය සඳහා මුදල් වැයවන විට විශ්‍රාමික ඉතුරුම් පිළිබඳව සිතීමටත් අපහසු ඇති. නමුත් ඔබගේ විශ්‍රාම ඉතුරුම් යනු ඉතා අත්‍යවශ්‍ය දෙයක්.. එමනිසා ඔබ දැනට එ‍ය සඳහා වැටුපෙන් 5%ක් පමණ වෙන්කර තිබෙනවා නම් එය ක්‍රමයෙන් 1% ක් බැගින් හෝ ක්‍රමයෙන් වැඩි කිරීමට උත්සාහ කල යුතුයි.


ඉවත ලන දෑ මගින් මුදලක් ඉපයීම


ඔබගේ නිවසේ ඇති වීරු, ලෝහ සහ ප්ලාස්ටික් වැනි දෑ ඉවත් කරන විට ඒවා මිලට ගන්නා කෙනෙකුට ලබාදී මුදලක් ලබාගන්න.


සිල්ලර බඩු ලැයිස්තුවක් සාදන්න


නිසි පරිදි සකස් කරගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් තිබේ නම් ඔබට වෙළඳ සැලට ගොස් දකින දකින දෑ මිලට ගැනීමෙන් වැළකී සිටීමට හැකියාව මෙන්ම අනවශ්‍ය දෑ මිලට ගැනීමෙන් වැළැකී සිටිය හැකියි.


එළවලු සහ පළතුරු ඒ ඒ ඒවා වැවෙන කාලයට අනුව මිලට ගන්න


ඔබ එළවලු, පළතුරු වැනි දෑ මිලට ගැනීමේදි ඒවා වැවෙන කන්නයට අදාලව මිලට ගන්න.. උදාහරණ ලෙස අප්‍රේල්, මැයි මාසවල කොස්, අඹ, කෙසෙල්, කොමඩු වැනි එළවලු පළතුරු ද වාර වලට හැදෙන අලිගැටපේර, ස්ට්‍රෝබෙරි වගේ පලතුරු ද බහුලව වෙළඳපොලේ තිබෙනවා.. එමනිසා ඒ කාලයේදි ඒවා මිලට ගන්න.. අවාරයේදි ඒවා සඳහා විශාල මුදලක් වියදම් නොකර සිටීමට එවිට හැකියි.


සෑමවිටම ඇවිදින්න


ඇවිදීම ඔබගේ සිරැරට මෙන්ම පසුම්බියටද වාසිදායකයි.. එමනිසා කුඩා දුරක් ගමන් කිරීමටත් කුලීරථ ඇනවුම් කිරීමෙන් වැළකී ඒ වෙනුවට ඒ දුර ඇවිදින්න.. මාසය අවසානයේ සැලකිය යුතු මුදලක් ඔබගේ ප්‍රවාහන බජට් එකෙන් එවිට ඉතිරි කරගත හැකියි.


නිවසේ සිල්ලර බඩු ලැයිස්තුව වර්ග කරන්න


ඔබ සුපිරි වෙළඳසැලෙන් මාසිකව මිලට ගන්න සිල්ලර බඩු අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ලෙස වර්ග කරන්න. විශේෂයෙන් රස කැවිලි, අයිස් ක්‍රීම් ,චොකලට් වැනි දෑ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කොටසටයි අයත් වන්නේ.. ඊළග මාසයේ සිල්ලර බඩු ළැයිස්තුව මිලට ගන්න විට අත්‍යවශ්‍ය බඩු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී අනෙකුත් අත්‍යවශ්‍ය නොවන දෑ කප්පාදු කරන්න.


ඉතුරුම් ගිණුම් කිහිපයක් පවත්වා ගන්න


සෑමවිටම එක් ගිණුමක පමණක් මුදල් ඉතිරිකරනවාට වඩා බැංකු ගිණුම් කිහිපයක් තබාගැනීම වඩාත් ඵලදායි වනවා. උදාහරන ලෙස ඔබට දරුවකු සිටී නම් ඇයගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් එක් ගිණුමක්, ඔබගේ විශ්‍රාමික ඉතුරුම් වෙනුවෙන් එක් ගිණුමක් , හදිසි අවස්ථා වලදී පරිහරණයට එක් ගිණුමක් ආදි ලෙස නම් කර ගිණුම් කිහිපයක හැකි පමණ මුදල් ඉතිරි කර යාමත් ඔබට අනාගතයේදි වාසි සහගත වනවා.


සෑම සතියකම නිශ්චිත මුදලක් ඉතිරි කරන්න


ඔබගේ සතියේ‍ අයවැයෙන් රුපියල් 500ක් හෝ 100ක් හෝ ඉතිරි කිරීමට උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට කුලීරථ ගාස්තු අඩු කිරිම, පිටතින් කෑම ගැනීම අඩුකිරීම වැනි උපක්‍රමයන් අනුගමනය කල හැකි..


පවුලේ නිවාඩු කල්තබා සැලසුම් කරන්න


AirBnB,Booking.comවැනි වෙබ් අඩවි හෝටල්, සංචාරක නිවාස සහ සංචාරක ගමනාන්තයන් සඳහා ගුවන් ටිකට්පත් ආදිය සඳහා සැලකිය යුතු වට්ටම් ලබාදෙන අතර එවැනි දෑ පිළිබඳ අවධානයෙන් සිට ඒවා වෙන්කර ගැනීමෙන් ලාභ ලබාගත හැකියි.


වර්ථමානයේ ඇති අධික ජීවණ වියදමත් සමග ඉතිරිකිරීම ඉතාමත් අපහසු කාර්යයක්.. නමුත් ඉහත ප්‍රායෝගික පියවරය අනුගමනයට උත්සාහ කළහොත් ඔබ නොදැනුවත්වම සැලකිය යුතු මුදලක් ඉතිරිකර ගැනීමට sහැකිවන අතර වසර අවසානයේ ඔබගේ බැංකු ගිණුම් ශේෂය ඔබව උත්කර්ශයට පත් කරනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,853
   54

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,163
   32

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,060
   17

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
Do you what happens if you take cod-liver oil everyday?
   20,729
   14

දිනපතා මෝර තෙල් ගත්තොත් ශරීරයට වෙන දේ ඔබ දන්නවාද?

දවසට මෝර තෙල් පෙති 2 ගානෙ බිව්වොත් මොනවා වෙයිද? ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරනවා වගේ සෑහෙන ප්‍රයෝජන ගොඩක් මෝර තෙල් වලින් ලැබෙන බව ඔබ දැනන් සිටියාද?

Latest Articles

Most Viwed