කුස්සියේදී වැදගත් වෙන කිචන් ටිප්ස්

April 7, 2020
3,848
Important kitchen tips
බිත්තර ගොඩක් තම්බා ගත්තාම ඒවා පොතු අරින්න අපහසුයි නම් තම්බාගත් බිත්තර බෝතලයක දමා සොලවන්න. එවිට ඉක්මනින් කටු ඇර ගන්න පුලුවනි.

කපා ගත් ලීක්ස් බෝතලයක දමා වසා ගෙන ශීතකරනයේ තබා ගෙන අවශ්‍ය වේලාවට පාවිච්චියට ගන්න පුලුවනි.

පලා කොළ ශීතකරණයේ අසුරන විට අකුරු සහිත කඩදාසිවල ඔතන්න එපා. මුද්‍රිත අකුරුවල ඇති විෂ රසායනයන් ආහාර වලට එකතු වෙනවා.

ගෑස් ලිප මත පැල්ලම් තිබෙනවා නම් රෙදි කැබ්ල්ලක් ලුනු කුඩු දියරයෙන් පොගවා ගෙන ලිප පිසින්න. බේකිං සෝඩා වලින් ස්පොන්ජ් කැබැල්ලක් පොගවා ගෙන පිසින්නත් පුලුවනි.

අමුමිරිස් කපන විට ඇති වෙන දැවිල්ලෙන් මිදෙන්න නම් අත්වැසුමක් පාවිච්චි කරන්න.

ජෑම් බෝතලයේ ජෑම් නිතරම පිටතට වැටෙන නිසා පාවිච්චියට ගැනීමට පෙරාතුව බෝතලය වටා කඩදාසියක් අලවා රබර් පටියක් දවටා ගන්න.

නිවසේ පාවිච්චි කරන හැඳි ගෑරුප්පු අව පැහැ ගැන්වී ඇත්නම් උණු වතුරට බ්ලිචිං කුඩු හෝ දියර එකතු කර ගෙන ඒ වතුරේ හැඳි ගෑරුප්පු බහා තබන්න.

සුදුළූණු සහ ඉඟුරු වෙන වෙනම බ්ලෙන්ඩ් කර ගෙන බෝතලයක අසුරා ශිතකරනයේ තබන්න. එවිට ආහාර පිසින විට ඔබට පහසුවෙන් ප්‍රයෝජනයට ගන්න පුලුවනි. හැබැයි මේ මිශ්‍රණ දෙකට වෙන වෙනම හැඳි බහා තබන්න. නැත්නම් නරක් වීමට තිබෙන ඉඩ වගේම හදිසියේවත් තේ වෙනුවෙන් ඉඟුරු එක් කරන විට පිරිසිදු ඉඟුරු රසය ලබා ගැනීම අපහසුයි.

අල පෙති සුදු පැහැයෙන් අවශ්‍ය නම් කපා ගත් අල පෙති අයිස් වතුරේ බහා තබන්න. එවිට සුදු පැහැයෙන්ම පෙනේවි.

සුදුළූණු බික් ගලවා ගැනීම අපහසු විට ඒවා ඇල්වතුරේ බහා තබන්න. පහසුවෙන් පොතු ගලවා ගන්න පුලුවනි. එහෙම නැත්නම් ගෙඩියේ මුල සහ අග සිහින් පිහියකින් කපා ගන්න. එවිටත් පොතු ඇර ගැනීම පහසුයි. සුදුලූනු පොතු ඇරීමෙන් සිදු වෙන අතේ දැවිල්ලට පිලියමක් විදිහට කලින්ම පොල්තෙල් තවරා ගන්න.

කොස් පොළොස් කපන විටත් අතට කොහොල්ලෑ තැවරීමෙන් ඇති වෙන අපහසුවට පිළියමක් විදිහට කලින්ම අතේ පොල්තෙල් තවරා ගන්න. ඒ වගේම පිහියේ පොල්තෙල් තවරා ගත්තාමත් කොහොල්ලෑ ඇර ගැනීම පහසුයි.

ඉන්නල සුද්ධ කිරීමේදී පිහියෙන් සූරනවාට වඩා රෙදි උරයක දමා බිම ගසන්න. මේ විදිහට බිම ගසන විට ඉන්නලවල පිටි ගතිය නිදහස් වෙන බවටත් අදහස් අපේ ගෘහනියන් අතර තිබෙනවා.

ඉදුන පැපොල් යුෂ සකස් කරන විට ඇට තුන හතරක්ද එකතු කරන්න. පැපොල් ඇට ඉතාම ගුණදායක බැව් දැන් පිලිගෙන තිබෙනවා.

මැල්ලුම් පොළොස්, කෙහෙල්මුව, අළු කෙසෙල් කහට පිපෙන ගතිය වලක්වා ගැනීමට නම් කපන විටම ලුනු සහ කහ දියරයේ දමන්න. එවිට එහි පැහැය ඒ අයුරින්ම තබා ගත හැකියි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1537 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:39 AM
Script:/article/1537/important-kitchen-tips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:39 AM
Script:/article/1537/important-kitchen-tips.html