මහත අඩු කරගන්න මේදය දහනය කිරීමට උපකාරි වන ආහාර වර්ග

December 17, 2021
9,674
fat-burning food
කොරෝනා වසංගතයත් නිසා ඔෆිස් එකේ වැඩ ගෙවල් වල ඉඳන් කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයිනෙ, ජිම් එකට යන එක ඇවිදින්න යන එකත් අඩු උනා.. සමහරුන් නතරම කරලා දැම්මා.. ඒත් කන එක අඩු කරේ නෑනේ. ගෙදරට වෙලා කකා බිබී හිටියා නේ.. ඉතින් බරත් වැඩි වෙලා.. පොඩ්ඩක් මහතත් වෙලා..

සිරැරේ බර අඩුකරගන්න එක, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල්, පිළිකා වගේ විවිධ බෝ නොවන රෝග වලින් වැළකීමටත් හැඩකාර සිරැරක් හිමි කරගන්නත් ඉතාමත් වැදගත් වනවා.. නිසි ව්‍යායාම රටාවක් අනුගමනය කරන එක වගේම හරි විදිහට ආහාර වේලක් ගැනීමත් කල යුතු වෙනවා.

විශේෂයෙන් මේද දහනයට උපකාරි වන ආහාර වර්ග දෛනික ආහාර වේලට එක්කර ගැනීම ඔබට ඉක්මණින් ඔබ බලාපොරොත්තු වන හැඩැති සිරැර ලබාගැනීමට උදවු වෙනවා.

අලිගැටපේර - Avocado
මධ්‍යම ප්‍රමාණයේ අලිගැටපේර ගෙඩියක ප්‍රතිඔක්සිකාරක, තඹ, මැග්නීසියම්, මැන්ගනීස්, නියාසින් සහ රයිබොෆ්ලැවින් සහ හිතකර මේදය ග්‍රෑම් 15ක් පමණ අඩංගු වනවා. එය ඔබගේ හදවතේ නිරෝගිභාවයට සහ මේද දහනය සඳහා ද වැදගත් වනවා.. එමෙන්ම තන්තුවලින් පිරිපුන් බැවින් ඔබගේ ආහාර රුචිය පාලනය කරනු ලබනවා.

බෝංචි - Beans
බෝංචි ඇට වල අධික ලෙස තන්තු සහ ප්‍රෝටීන් අඩංගු වන අතර විශේෂයෙන් කිඩ්නි බීන්ස් (kidney beans) වල පිෂ්ඨ ප්‍රතිරෝධි සංඝටක අඩංගු බැවින් එමගින් ශක්තිය සඳහා භාවිතා කරන මේද ප්‍රමාණය වැඩි කළ හැකියි.

එනසාල් - Cardamom
එනසාල් කුළුබඩුවක් ලෙස ආහාර වලට එක්කර ගත හැකි අතර එමගින් බඩ පිපීම අඩුකර ආහාර රුචිය පාලනයට උපකාරි වනවා. ඊට අමතරව නවතම අධ්‍යනයන්ට අනුව කරදමුංගු ආහාරයට ගැනීමෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කර එහි අඩංගු මෙලටොනින් මගින් මේදය දහනය කිරීම දිරිගන්වනු ලබනවා.

මිරිස් - Chili Peppers
මිරිස්වල අඩංගු capsaicin නම් සංඝටකය මගින් නිදන්ගත වේදනාව සමනය කිරීමට අමතරව, පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීම, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම සහ ආහාර රුචිය පාලනය කිරීමට හැකියි.

කුරුඳු - Cinnamon
සරළ සහ රසවත් කුළුබඩුවක් වන කුරුඳුවල අඩංගු antimicrobial සහ antiparasitic ගුණාංග මගින් ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීම සිදුවනවා.

කෝපි - Coffee
කැෆේන් සහිත කෝපි පානය කිරීම මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය 3% සිට 11% දක්වා වැඩිකල හැකි බවට සොයාගෙන තිබෙනවා. එය විශේෂයෙන්ම මහත පුගලයන්ට වඩා කෙට්ටු ශරීරයක් සහිත පුද්ගලයන් තුල ක්‍රියාකාරිත්වය වැඩි බවට එක් පරීක්ශණයකින් පැවසෙනවා.

බිත්තර - Eggs
බිත්තරවල අඩු කැලරි සහ වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන බැවින් පූර්ණ ආහාරයක් වනවා සේම බිත්තර කහ මදයේ ශරීරයේ මේදය සහ නරක කොලෙස්ටරෝල් යන දෙකම අඩු කිරීමට හැකි මෙන්ම පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන පෝශ්‍ය පදාර්ථ අඩංගු වනවා.

මාළු - Fish
සැමන්, ටූනා, කෝඩ්, හුරුල්ලන් සහ සාඩින් වැනි මාළු වර්ගවල විටමින් D සහ ඔමෙගා - 3 මේද අම්ල බහුල අතර විශේෂයෙන් ඔමෙගා - 3 මේද අම්ල මගින් සිරැරේ බර අඩුකර ගැනීම හා සම්බන්ධ වනවා.

මිදි - Grapes
මේදය රහිත සහ අඩු කැලරි දර්ශකයක් සහිත මිදිවල විටමින් C, විටමින් K, ප්‍රතිඔක්සිකාරක සහ resveratrol වලින් පොහොසත් වනවා. විශේෂයෙන් resveratrol මගින් රෝග වැළැක්වීමත් වයසට යෑම අඩුකිරීමේ හැකියාවකුත් තිබෙනවා.

හරිත තේ - Green Tea
පර්‍යේශනයන්ට අනුව හරිත තේ පානය මගින් සිරැරේ බර අඩුවන බව පවසනවා.. විශේෂයෙන් එහි අඩංගු catechins මගින් තාවකාලිකව පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන අතර මේද සෛල හැකිලීමද සිදුකරනවා.. ඊට අමතරව epigallocatechin gallate (EGCG) මගින් නව මේද සෛල සෑදීම වළකාලනවා.

පලා වර්ග - Leafy Greens
පලා වර්ග අඩු කැලරි දර්ශයකින් යුතුවන අතර විටමින් සහ ඛනිජ ලවන බොහෝමයක් අඩංගු වනවා. විශේෂයෙන් සිරැරේ බර වැඩිවීම පාලනය කරන anthocyanins මෙන්ම ෆෝලික් අම්ලයද අඩංගු වනවා.

ඇට වර්ග - Nuts
ඇට වර්ග වල කැලරි සහ මේදය බහුලව අඩංගු වුවත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා මධ්‍යස්ථ ලෙස ආහාරයට ගැනීමෙන් ඔබට ප්‍රතිඵල රාශියක් අත්වනවා. රටකජු, කජු, ආමන්ඩ්, වොල්නට්ස් වැනි විවිධ ඇට වර්ග ඇමයිනෝ අම්ලය අඩංගු වන අතර එය පරිවෘත්තීය ක්‍රියාවලිය උත්තේජනය කරනු ලබනවා. ශක්තිය, HGH මට්ටම සහ උදරයේ තැන්පත්වන මේද ප්‍රමාණය අඩු කරනවා.

ඔලිව් තෙල් - Olive Oil
දිනකට පිරිසිදු ඔලිව් තෙල් මේස හැඳි 2ක් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කිරීමටත් හොඳ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිකිරීමටත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමටත් උපකාරි වනවා. දිනකට ඔලිව් තෙල් මේස හැඳි තුනක් - පලතුරු, එළවළු සහ ධාන්‍ය වලින් පොහොසත් ආහාර වේලක් සමඟ එක්කිරීමෙන් නිතර කුසගිනි දැනීම පාලනය කරගත හැකිවන බව පර්‍යේශනයන් මගින් පැවසෙනවා.

විනාකිරි - Vinegar
විශේෂයෙන් ඇපල් සයිඩර් විනාකිරි සීනි අඩු කිරීමට, ඉන්සියුලින් මට්ටම අඩු කිරීමට, තෘප්ත ස්වභාවය වැඩිකිරීමට උපකාරි වන අතර සිරැරේ බර වැඩිවීම පාලනයට සහය වනවා.

කොමඩු - Watermelon
කොමඩු වල ඇමයිනෝ අම්ලය හොඳින් අඩංගු නිසා ශරීරය එල්-ආර්ජිනීන් (L-arginine) නිපදවීම හොඳින් සිදු කරනවා. එල්-ආර්ජිනීන් අධිරුධිර පීඩනය, දියවැඩියාව වගේ රෝගත් පාලනය කරනවා. ඊට අමතරව කොමඩු වල ටමින් A සහ C අඩංගු වන අතර බහුලව ජලය අන්තර්ගත වනවා.. කැලරි සහ මේදය රහිත නිසා වැඩිවශයෙන් ආහාරයට ගැනීමටත් හැකියි.

බ්ලූබෙරි - Blueberries
විටමින් C, පොටෑසියම් සහ තන්තු වලින් පිරී ඇති බ්ලූබෙරි දෛනික ආහාර වේලට එක්කර ගැනීමෙන් අමතර කැලරි ප්‍රමාණයක් ගැනිම වළකා පිරුණු බවක් ගෙනදෙනවා. බර අඩු කර ගැනීමට අමතරව, බ්ලූබෙරීස් කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට උපකාරී වනවා.

ග්‍රීක් යෝගට් - Greek Yogurt
තෛරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගිතාවය සඳහා අයඩින් ඉතාමත් වැදගත් වන අතර ග්‍රීක් යෝගට් යනු ඝන අයඩින් ප්‍රභවයක්. ඊට අමතරව එහි වයනය සහ ප්‍රෝටීන් අන්තර්ගතය මගින් ආහාරයෙන් පසු පූර්ණ බවක් සහ අමතර කැලරි දහනයට උපකාරි වනවා. නමුත් එහි උපරිම කාර්යක්ෂමතාව සඳහා මේදය සහ සීනි අඩු වර්ගයක් තෝරාගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed