දරුවන්ගේ දත් ගැන තියෙන ප්‍රශ්න ගොඩකට සාර්ථකම විසඳුම්

February 9, 2019
15,164
Best solutions of cleaning teeth
පුංචි දරුවෙක් ඉන්න ගෙදරක අම්මලට තාත්තලට හොයලා බලලා කරන්න තියෙන වැඩ ගොඩයි. පුංචි පැටියාගේ ආදෙර් හුරතලේ බලන ගමන්ම දරුවාගේ නිරෝගී පැවැත්මට අවශ්‍ය ගොඩක් දේවල් ගැනත් හොයලා බලලා හැම දෙයක්ම හරිම විදිහට ඉටු කරන්න තමයි හැම දෙමාපියෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ තරමටම දරුවන්ට ආදෙර් කරන අපේ අම්මලා තාත්තලාට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි අපේ පොඩ්ඩන්ගේ දත් ටික හරියට රැකබලා ගන්න එක. පුංචි පැටවුන්ගේ දත් ගැන කතා කරනකොට අපේ දෙමාපියන්ට විසඳගන්න වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා . අද අපි උත්සහ කරන්නේ හොඳින්ම පැහැදිලි වෙන විදිහට පින්තූරත් එකක්ම ඒ ප්‍රශ්න වලට හරිම විසඳුම් ඔයාලට කියන්න.

01. දරුවාගේ දත් මද්දන්න ඕනේ මොන කලේ ඉඳලද?



අපේ අම්මලා තාත්තලා ගොඩ දෙනෙක් හිතන්නේ දරුවාගේ කටේ දත් ආවට පස්සේ තමයි දරුවාගේ මුඛ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න පටන්ගන්න ඕනේ කියලා. හැබැයි ඒක ඇත්තටම එහෙම නෙවෙයි. දරුවාගේ කටේ දත් ඇවිත් තිබුනත් නැතත් දරුවට කෑම කවලා ඉවර උනාට පස්සේ ගෝස් කෑල්ලක් හෝ මෘදු රෙදි කැබැල්ලකින් නැත්නම් මෘදු තෙත දත් බුරුසුවකින් දරුවාගේ විදුරුමහ සහ දිව සියුම්ව පිරිසිදු කරන්න. වැඩේට දන්තාලේප පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේකෙන් දරුවාගේ කටේ බැක්ටීරියා වර්ධනය වීම බොහෝ දුරට පාලනය කරනවා, ඒ විතරක් නෙවෙයි දරුවාගේ දින චර්යාවේ කොටසක් බවට දත් පිරිසිදු කර ගැනීම පත් වෙනවා. මේ නිසා දෙමාපියන්ට හරිම පහසුයි දරුවාගේ දත් පසු කාලයේදී පිරිසිදු කරන්න.

02. මොන වගේ දත් බුරුසුවක්ද පාවිච්චි කරන්න ඕනේ



අපිට බබාලා වෙනුවෙන් හදපු එක එක විදිහේ දත් බුරුසු වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. හැබැයි දත් බුරුසුවක් තෝර ගන්නකොට කුඩා හිසක් සහ තරමක් දිග මිටක් සහිත කෙදි බොහොම මෘදු දත් බුරුසුවක් තෝරා ගන්න. තද කෙදි තියෙන දත් බුරුසුවක් තෝරා ගත්තොත් දරුවාගේ විදුරුමසට හානි වෙන්න පුළුවන්. මේ නිසා දරුවට ගැලපෙන ටිකක් ආකර්ශනීය හොඳ දත් බුරුසුවක් තෝරා ගන්න.

03. දන්තාලේප කොහොමද පාවිච්චි කරන්නේ?



වයස මාස 18 ට අඩු දරුවන්ගේ දත් මදින්න දන්තාලේප පාවිච්චි කරන්න එපා. මාස 18 ත් අවුරුදු 06 ත් අතර දරුවන්ට අඩු ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් තියෙන දන්තාලේපයක් භාවිතා කරන්න. ප්‍රමාණය කඩල ඇටයක ප්‍රමාණයක්. වයස අවුරුදු 06 ට වැඩි දරුවන්ට සම්මත ප්‍රමාණයට ෆ්ලෝරයිඩ් අඩංගු වෙන දන්තාලේපයක් කඩල ඇටයක ප්‍රමාණයකින් භාවිතා කරන්න.

04. කොහොමද දරුවාගේ දත් හරියටම මද්දන්නේ?



හොඳින් ආලෝකය තියෙන තැනක දරුවාගේ පිටුපසින් සිටිගෙන හෝ ඉඳගෙන ඔබට සිටිය හැකියි. අවුරුදු 3 ට අඩු දරුවන්ව ඔබ ඉඳගෙන ඔබේ ඔඩොක්කුවේ ඉන්දවා ගන්න එක පහසුයි. ඔබ සහ දරුවා සිටින්නේ කන්නාඩියක් ඉදිරිපිට නම් ඒක බොහොම හොඳයි. මොකද දරුවට එතකොට පැහැදිලිව බලාගන්න පුළුවන් ඔබ කරන දෙය. එක අතක් දරුවාගේ නිකටින් තබාගෙන දරුවට කට අරින්න උපදෙස් දෙන්න. මේ වෙලාවේ ඔබට පුළුවන් දරුවාගේ දත් පරික්ෂා කරන්න. දැන් දත් බුරුසුව සෙමින් කට තුලට ඇතුළු කරලා සෙමින් රවුමට රවුමට දත් හරහා බුරුසුව ගෙන යමින් දත් මදින්න. මේ විදිහට දත් වල හැම පැත්තක්ම හොඳින් මදින්න. විශේෂයෙන් හක්කේ තියෙන දත් හොඳින් මදින්න. මොකද අපි ආහාර හපන්න වැඩිපුර පාවිච්චි කරන්නේ හක්කේ තියෙන දත් නේ.

හරියට දත් මැදලා ඉවර උනාම දරුවට කියන්න කටේ ඉතුරු වෙලා තියෙන සියලුම දත් බෙහෙත් එළියට කෙල ගහන්න කියලා. හැබැයි කිසිම වෙලාවක කට වතුරෙන් හෝදලා අරින්න එපා. දැන් දත් බුරුසුව හොඳින් වතුරින් පිරිසිදු කරලා පරිස්සමට
පිරිසිදුවට අරන් තියන්න.

05. දවසට කී පාරක් දරුවාගේ දත් මද්දන්න ඕනෙද?



නිවැරදිම ක්‍රමේ තමයි දවසට දෙපාරක් දත් මදින එක. උදේ ආහාරයෙන් පසුව සහ රාත්‍රී ආහාරයෙන් පසු නින්දට යන්න පෙර. හොඳට මතක තියාගන්න රෑට දත් මැද්දට පස්සේ වතුර ඇරෙන්න කිසිම ආහාරයක් හෝ පාන වර්ගයක් දරුවට දෙන්න එපා.

06. කොච්චර වෙලාවක් දරුවාගේ දත් මද්දන්න ඕනෙද?



දරුවාගේ කටේ තියෙන්නේ දත් කිහිපයක් නම් වැඩි වෙලාවක් දත් මද්දන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි දරුවාගේ කටේ දත් ඔක්කොම ඇවිත් නම් තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳින් දත් පිරිසිදු වෙන්න විනාඩි දෙකක් විතර දත් මදින එක අවශ්‍යයි. මේ විනාඩි දෙක ඇතුලත නිවැරදිම විදිහට හොඳින් දරුවාගේ දත් පිරිසිදු කරන්න.

07. දරුවන්ගේ දත් දිරන එක වලක්වා ගන්න මොනවද කරන්න පුළුවන්

- පුන්චි කාලේ ඉඳන්ම දරුවට කිරි දුන්නට පස්සේ කෑම කවුවට පස්සේ දරුවාගේ දිව සහ විදුරුමහ පිරිසිදු කරන්න

- දවසට දෙපාරක් දත් මදින්න දරුවාව හුරු කරන්න. දත් ආරක්ෂා කරගන්න එකේ වටිනාකම දරුවට කියලා දෙන්න

- සීනි සහිත ආහාර, රස කැවිලි. පාන වර්ග දරුවන්ට දෙන එක පුළුවන් තරම් අඩු කරන්න

- කැල්සියම් අඩංගු ආහාර දරුවට වැඩිපුර දෙන්න. විශේෂයෙන් චීස් සහ යෝගට්

- දත්වල වෙනසක් දැක්කොත් ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙක්ට පෙන්වන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1259 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:48 AM
Script:/article/1259/best-solutions-of-cleaning-teeth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:49 AM
Script:/article/1259/best-solutions-of-cleaning-teeth.html