ගැහැණු ළමයෙක් ඇති දැඩි කිරීමෙදී දෙමාපියන් අත්විදින තීරණාත්මක අවස්ථා

July 20, 2020
6,890
Crucial moments parents face when you have a daughter
දියණියක් කියන්නේ ලෝකය දිහා සුන්දරව බලන, තමන්ගේ අරමුණු වෙනුවෙන් බොහෝ දුරක් යමින් ලෝකය ලස්සන කරන පිරිසක්. ඒ වගේ පරිපූර්ණ දියණියක් ඇති දැඩි කරන්න හැම අම්මෙක්ම තාත්තෙක්ම උත්සාහ කරනවා. ඒ වගේම සමාජය විසින් ද ගෞරවනීය, කාරුණික සහ “පරමාදර්ශී දියණියකගේ” චරිතයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි හැම තිස්සෙම සමාජය බලාපොරොත්තු වෙන ආකාරයේම ජීවිතයක් වෙන්න ඇයට ඉඩ දෙන්න එපා. මොකද ඔබේ දියණියගේ අනවශ්‍ය කරුණාවන්ත හැසිරීම් නිසා හානිකර ප්‍රතිඵල අත්විදින්න වෙන්නේ දෙමවුපියන්ට විතරක් නෙමෙයි ඇයටමයි. ඉතිං ඇයගේ ජීවිත කාලය පුරාම ඇයව යහපත් වගේම බුද්ධිමත් දියණියක් විදිහට පුහුණු කිරීම මවගේ වගකීමක්. ඒ නිසා ඔබ ඇයව මේ විදිහට ප්‍රවේශම් කල යුතුයි...

1. කල් පවත්නා මිත්‍රකම් ගොඩනඟා ගැනීම ඇයට අමාරුයි නම්
සෑම කෙනෙකුටම හොඳ මිතුරෙක් අවශ්‍යයි. ඒ නිසාම ඔයාගේ දියණියට හොඳ මිතුරන් තෝරා ගන්න ඕන නිසා, මිතුරන්ව සතුටු කිරීම ගැන ඇය නිතරම සිතනවා. ඒ නිසාම දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්න. මොකද සමහර මිතුරන් එකතු වෙලා ඔයාගේ දරුවාගෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ තියෙනවා. සමහර මිතුරන් ලං වෙන්නේම වාසි බලාපොරොත්තුවෙනුයි. ඒ වගේ සබඳතා වල ව්‍යාජ බව සහ සමාජයේ යථාර්තය ගැන දරුවට පහදා දෙන්න.

ආදර සබඳතා සම්බන්ධතාවයක් වුණත් ගත්තම ඔහු සමග හැසිරිය යුතු ආකාරය ගැන දියණියට කියා දෙන්න ඕනේ. ඔහුව විශ්වාස කිරීමට පෙර ඔහු ගැන සොයා බලන්න කියන්න. මොකද වර්තමානයේදී අපයෝජන වැඩි වෙන්නේ අධික විශ්වාසය නිසායි. 

2. මිනිසුන් ඇයව විශ්වාස කරන්නේ නැති වෙනවා
ඕනෑවට වඩා සමාජයට පරාර්ථකාමී වෙන්න යද්දී ඇයව කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙන්න පුලුවන්. ඒකට හේතුව ඇගේ කරුණාව පිටුපස වෙනත් චේතනාවක් ඇති බව අන් අයට හිතෙන්න පුලුවන් නිසයි. ඒ නිසාම ඔවුන් ඇයගෙන් නිතරම ප්‍රශ්න කිරීමට පටන් ගන්නවා. ඇයට සැකයෙන් සලකනවා විතරක් නෙමෙයි, ඇයට ද සැමවිටම දැනෙන්නේ අන් අයට යටත් හැගීමක්.

3. ඇයට ඇය වෙනුවෙන්ම වෙලාවක් නැති වීම
“අන් අයට උදව්  කිරීමට පෙර ඔයා මුලින්ම ඔයාටම උදව් කළ යුතුයි” කියන කියමනක් තියෙනවනේ. නමුත් ඇය අධිකව පරාර්ථකාමී අදහස් දරන දැරියක් නම්, ඇය අන් අයට උදව් කිරීමට හා සතුටු කිරීමට ඇය සියලු උත්සාහයන් දරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇය තමාටම කරුණාවන්ත නොවන අතර, තමාට තමන්ගෙන්ම ලැබිය යුතු ස්වයං රැකවරණය ලබා දීමට අමතක කරනවා.

4. ඇයව පහසුවෙන් හැසිරවිය හැකි නිසා අවදානමකට හෙලයි
ඕනෑවට වඩා දයානුකම්පිතව වීමෙන් දුවට හානිකර තත්වයන් ඇති වෙනවා. මොකද ඒ ගති ගුණය නිසා හැමෝම ඇය මෝඩයෙකු ලෙස දකින්න පුලුවන්. ඒ නිසාම සෑම කෙනෙකුම ඇයව පාලනය කිරීමටත් පටන් ගන්නවා. ඇගේ කාරුණික හදවතින් ප්‍රයෝජන ගැනීමටත් පිට අයට මෙය හොඳ අවස්ථාවක්. අන්‍යයන්ට උපකාර කිරීමට නිරන්තරයෙන් ඇති ආශාව නිසා ඇයව අපයෝජනයට ලක්වීමේ අවදානම ද වැඩියි.

5. ඇය නරක පුරුදු වලට ඇබ්බැහි වෙයි
මිනිසුන් සතුටු කිරීම වැනි පුරුදු ඊළඟට ඇබ්බැහි වීමක් බවට පත් වෙන්න පුලුවන්. ඒ නිසා ඇයට, ඇයට උවමනා විදිහට වියදම් කිරීමේ ගැටළුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇය අනිත් අයට උවමනා ආකාරයට වියදම් කරන්න පෙළඹවෙනවා. අන්‍යයන් වෙනුවෙන් අධික ලෙස දේවල් කිරීමේ දී අධික ලෙස වියදම් කිරීම, උදාහරණයක් ලෙස නරක ආහාර රටාවන්ට පුරුදු වීම, ඇඳුම් පැළඳුම් සඳහා අනවශ්‍ය ලෙස වියදම් කිරීම වැනි ක්‍රියාවන්ට වුණත් මේ නිසා ඇබ්බැහි වෙන්න පුලුවන්. 

6. ඇයට මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි
ඇය නිතරම යමක් දෙන්න කැමතියි. නමුත් ඇයට කිසිවක් ලැබෙන්නේ නැති නිසා ඇයගේ වෙහෙස හා දුක ඇගේ පුංචි සිනහව පිටුපස සඟවා ගන්නවා. මේ දේ නිසා කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් ඇබ්බැහි වූ හැසිරීම් වලට දියණියක්ව ගොදුරු වෙන්න පුලුවන්. ඒ නිසාම දියණියකගේ ජීවිතය අසතුටට පත් වීමට තියන අවස්ථාව වැඩියි.

ප්‍රධානම දෙය ඇයට කුඩා කල සිටම හොඳ නරක කියා දෙන්න. හරි දෙයට සහාය දක්වන්නත්, වැරදි දෙය ප්‍රතික්ෂේප කරන්නත් ඇයට කියා දෙන්න. මවක් හැටියට විශේෂයෙන් මනසින් ශක්තිමත් දියණියක් සමාජයට යවන්න, ඇයට කුඩා කාලයේ සිටම මේ දේවල් කියා දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1712 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:16:29 AM
Script:/article/1712/crucial-moments-parents-face-when-you-have-a-daughter.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:16:29 AM
Script:/article/1712/crucial-moments-parents-face-when-you-have-a-daughter.html