රසවත් පැෂන්ෆෘට් බටර් කේක් එකක් සාදාගන්නා ආකාරය

August 17, 2021
4,886
Passionfruit butter cake
පැෂන්ෆෘට් බොහෝදෙනා සිතනු ලබන්නේ පළතුරු යුශ පානයක් ලෙස පමණක් බීමට හැකි පළතුරක් කියායි.. නමුත් එය ආහාරපාන සැකසුම් කලාවේදී රසවත් අතුරුපස වර්ග සහ කේක් වැනි විවිධ ආහාර සකසා ගැනීමට හැකි රසවත් මෙන්ම ගුණවත් පළතුරක්.. අද හැඩකාරි ඔබට කියලා දෙන්නේ පැෂන්ෆෘට් භාවිතාකර රසවත් බටර් කේක් එකක් පහසුවෙන් සාදා ගන්නේ කෙසේද කියායි..

ඒ සදහා ඔබට අවශ්‍ය වන්නේ පහත අමුද්‍රව්‍ය පමණයි.

කේක් මිශ්‍රණය සඳහා -
- කැබලි කරගත් ලුණු රහිත බටර් 125g
- සීනි කෝප්ප 3/4
- බිත්තර 2
- කිරි කෝප්ප 1/2
- පැෂන්ෆ්‍රට් පල්ප් කෝප්ප 1/4

අයිසින් සඳහා -
- අයිසින් සීනි කෝප්ප 1 1/2
- මෘදු බටර් තේ හැඳි 1
- කිරි මේස හැඳි 2
- පැෂන් ගෙඩි 1

සාදන ආකාරය -

1. සාමාන්‍ය ප්‍රමාණයේ බදුණකට බටර්, සීනි, බිත්තර, පිටි සහ කිරි විදුලි බීටරයක් භාවිතයෙන් හොඳින් මිශ්‍ර කරන්න.
2. පැෂන්ෆෘට් එකතුකර විනාඩි 5ක් පමණ මිශ්‍ර කරන්න.
3. සූදානම් කරගත් බේකින් තැටියකට මිශ්‍රණය දමන්න.
4. සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 40ක් පමණ බේක් කරන්න.
5. හොදින් බේක් වි ඇත්නම් උදුනෙන් ඉවත් කර නිවෙන්න හරින්න.. අවශ්‍ය නම් ශීතකරණයේ තබන්න.

අයිසින් කරන ආකාරය -

1. අයිසිං සීනි ටික බඳුනකට දමා බටර් සහ කිරි එකතු කරන්න.
2. මෘදු පේස්ට් එකක්වන තෙක් මිශ්‍ර කර පැෂන්ෆෘට් එක්කරන්න.
3. පසුව උණුවතුර භාජනයක බහා මිශ්‍රණට කේක් එකමත ආලේප කලහැකි තරමට සකස්කර ඔබ කැමති පරිදි අයිසින් කරන්න.

මෙය සෑදීමට ඔබට ගතවන්නේ පැයක පමණ කාලයක් වන අතර 12 දෙනෙකු සඳහා ප්‍රමාණවත් වේවි.. ඉතින් විවේකි දිනයකදී ඉක්මණින් හා පහසුවෙන් මේ රසවත් කේක් එක සාදා ඔබගේ ආදරණීයයන් සතුටු කරන්නට දැන් ඔබට හැකියි.. සාප්‍රදායික පැෂන්ෆෘට් පානයට වඩා පැෂන්ෆෘට් කේක් ඉතා රසවත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2047 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:51:42 AM
Script:/article/2047/passionfruit-butter-cake.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:51:42 AM
Script:/article/2047/passionfruit-butter-cake.html