සුදු ගවුමක් මිලදී ගන්නා විට සහ අඳින විට සිතේ තබා ගත යුතු කරුණු

August 8, 2020
54,003
Things to keep in mind when you wear white dresses
සාමාන්‍යයෙන් ලාංකික යුවතියන්ට මධ්‍යස්​ථ සමේ වර්ණයක් තමයි හිමි වෙලා තියෙන්නේ. ඉතිං මධ්‍යස්​ථ සමක් ඇති ඕනෑම කෙනෙකුට  සුදු වර්ණය හොඳින් ගැළපෙනවා. සුදු පාට ගවුමක් අඳිනවා නම් ලස්සනට පේන්න ඔයා උපක්‍රමශීලී වෙන්නේ ඕනේ. මෙන්න මේ ටිප්ස් ටික දැනගෙන හිටියොත් ඔයාට කැපිලා පේන් විදිහට සුදු ඩ්‍රෙස් එකක් අඳින්න පුලුවන්.

ඔයාගේ සමේ වර්ණය සලකා බලන්න

ඕනෑම කෙනෙකුට සුදු පැහැයෙන් යුත් ඇඳුම් අඳින්න පුළුවන්. ඔයාට තලෙළු හෝ අඳුරු පැහැ සමක් තිබේ නම්, ඔයාට ඕනෑම සුදු වර්ණයක් හොඳින්ම ගැළපෙනවා. නමුත් ඉතාමත් ලා පැහැති සමක් ඇති යුවතියන්ට උණුසුම් සුදු වර්ණ (warm whites) තමයි ගැලපෙන්නේ.

ඔයා මහත උනත්, කෙට්ටු උනත්, සාමාන්‍ය සිරුරක් තිබ්බත් සුදු පාට ගවුම් අඳින්න පුළුවන්.















හරි රෙදි වර්ගය තෝරාගන්න

තත්වයෙන් උසස් රෙදි වලින් නිමා වූ ගවුමක් ඇන්දම ඔබටම අමුතුම පෙණුමක් ගෙනෙන බව ඔබ අත් විඳලා ඇති. එය විනිවිද පෙනෙන්නේ නැති නම් වඩාත් හොඳයි. ගවුම ලයින් කරලා තියෙනවා නම් එය තවත් බෝනස් එකක්.

සුදු ගවුම් තෝරද්දී ඇඟට නොඇලෙන රෙදි වර්ගයකින් තෝරා ගන්න. මොකද ඇඟේ තියෙන අඩුපාඩු සුදු වර්ණයෙන් ඉසමතු වෙලා පෙනෙන නිසා.


හරි යට-ඇඳුම් තෝරාගන්න

සුදු පාට ගවුම් අඳිනකොට කිසි විටක යට-ඇඳුම් ගැන අවතක්සේරු කරන්න එපා. ශරීර වර්ණයෙන් යුත් යට ඇඳුම් තෝරා ගන්න. හැකි සෑම විටම ස්ලිප් එකක් හෝ ශරීර හැඩයට යන යට-ගවුමක් අඳින්න. කළු පහැති යට-ඇඳුම් වලින් වලකින්න.






සපත්තු සහ ආභරණ

සුදු පැහැති ගවුම් එක්ක ආභරණ සහ සපත්තු ලස්සනට මැච් කරන්න පුලුවන්. රතු සපත්තු ඒ අතර විශේෂයි. සුදු පැහැති ගවුම් එක්ක nude වර්න, ගෝල්ඩ්, සිල්වර්, ලෙදර්, අළු පාට, කළු, දුඹුරු පැහැති පාවහන් හොඳින් ගැලපෙනවා. එහෙත් නිල් කොල කහ වගේ වෙනත් වර්ණත් අවස්ථාව අනුව ඔබට පලඳින්න පුලුවන්.

සුදු පාට ගවුම් එක්ක සුදු පටි සපත්තු, සුදු සැන්ඩ්ල්ස් ගැලපුනත් සුදු කෝට්ශූස් නම් කිසිසේත්ම ගැලපෙන්නේ නෑ.

රන් ආභරණ සුදු පාට ගවුම් එක්ක හොඳින් ගැලපෙනවා. ඒ වගේම සිල්වර්, මෙටැලික් වර්ණ සහ අවස්ථාව අනුව ඔයාට ආභරන වල වර්ණය තීරණය කරන්න පුලුවන්.

හැකි සෑම විටම ගැලපෙන ලෙස බෙල්ට් එකක් පළඳින්න. රතු, ගෝල්ඩ්, සිල්වර්, ලෙදර් හෝ ඔබ පළඳින පාවහන් වර්ණය අනුව බෙල්ට් එකේ වර්ණය වෙනස් කරන්න පුළුවන්.














































වෙනත් ඇඳුම් එක්ක මැච් කරන්නේ කොහොමද..

ඔබ සහභාගී වෙන අවස්ථාව අනුව සුදු පාට ගවුම් එක්ක ඔබට මැච් කරන්න පුලුවන් ඇඳුම් කීපයක්ම තියෙනවා. තනි පාට හෝ ප්‍රින්ට්.. නමුත් හරියට මැච් කරන්න.

- ලෙදර්, ඩෙනිම් ජැකට් එකක් සාමාන්‍ය ගමනකට හොඳි ගැලපෙනවා.
- අත් නැති සුදු පාට ගවුමටක කොලර් එකක් සහිත ශර්ට් එකක් අඳින්න පුලුවන්. තනි පාට හෝ ප්‍රින්ට් එකක් සහිත.. කෝකත් ගැලපෙනවා. හැකිනම් ශර්ට් එකේ පාටට ගැලපෙන බෙල්ට් එකක් පළඳින්න.
- ලස්සන ස්කාෆ් එකක් පළඳින්නත් පුලුවන්.
















විශේෂ කරුණු ටිකක්..
* සුදු පාට ඇඳුම් අඳින විට පීරියඩ්ස් දින මගහරින්න.
* මංගල උත්සව වලට සුදු පාට ගවුම් අඳින එකෙන් වලකින්න.
* හැකි තරම් වැසි දිනයන්හී සුදු පාට ඇඳුම් ඇඳීමෙන් වලකින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1754 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:38:10 AM
Script:/article/1754/things-to-keep-in-mind-when-you-wear-white-dresses.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:38:10 AM
Script:/article/1754/things-to-keep-in-mind-when-you-wear-white-dresses.html