උස, කෙට්ටු කෙනෙක්ට ගැළපෙන විලාසිතා මෙන්න

August 23, 2018
25,066
Clothing for tall thing women
විලාසිතා කියන්නේ අද කලාවක්. එය කොතරම් ප්‍රබලද කියනවා නම් ගෙවෙන සෑම තප්පරයකදීම විලාසිතා කලාව අලූත් වෙනවා. විලාසිතා කලාවට අලූතෙන් දේවල් එකතු වෙන්නේ ඇත්තටම ඔයාටත් මටත් හිතා ගන්නවත් බැරි විදිහට. ඒ තරම් අද විලාසිතා කලාව දියුණුයි. විලාසිතා කරන්න කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයේ බොහෝ දෙනෙක් කැමතියි. විලාසිතා කරන්න අකමැති තරුණියක් එහෙමත් නැත්තම් කාන්තාවක් අද හොයා ගන්නත් නොමැති තරම්. කොච්චර විලාසිතා කරන්න කැමති වුණත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළු අතරේ උස, මහත, මිටි, කෙට්ටු බව අද ප්‍රබල බාධාවක් කියලා ගොඩක් දෙනෙක් හිතනවා.

ඔයාට කොච්චර ලස්සනට අඳින්න කැමැත්තක් තිබුණත් ඔයා බොහෝ අවස්ථාවල ඒ සිතුවිල්ල යටපත් කර ගන්නේ ඔයාගේ සිරුර කෙට්ටුයි කියලා. එහෙමත් නැත්තම් ඔයා මහත වැඩියි කියලා. ඔයා ඇඳුමක් ගන්න ගියාම අනන්තවත් හිතිලා ඇති අනේ මම කෙට්ටු වුණා නම්, අනේ මම මහත් වුණා නම් මටත් ලස්සන ඇඳුමක් අඳින්න තිබුණා කියලා. ඒත් ඔයා දන්නවාද ඔයාගේ සිරුරට ගැළපෙන විදිහේ ඇඳුම් ටිකක් හොයා ගත්තොත් ඔයාටත් පුළුවන් අනෙක් අය වගේම ලස්සනට අඳින්න පළඳින්න. ඉතිං අද Hadakari අපි ඔයාට කියන්න යන්නේ කෙට්ටු වගේම ටිකක් උස කෙනෙක් විලාසිතා කරන්නේ කොහොමද කියලා. ඔයා කෙට්ටු කෙනෙක් නම් ලස්සනට අඳින්නේ පළඳින්නේ කොහොමද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

Maxi Dresses









ඔයා සිරුරෙන් කෙට්ටු වගේම ටිකක් උස කෙනෙක් නම් ඔයාගේ පෙනුම ආකාර්ශනයට පත් කර ගන්න අඳින්න පුළුවන් මැක්සි (Maxi) වර්ගයේ ඇඳුමක්. එමගින් ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්.

Skinny Jeans (ස්කිනී ජීන්ස්)







Skinny jeans කෙට්ටු ශරීරයක් තියෙන කෙනෙක්ට හොඳින් ගැළපෙනවා. කෙට්ටු කෙනෙක් කලිසමක් හෝ ඩෙනිමක් අඳිනවා නම් කකුල් වලට වැඩිපුර තියෙන ඇඳුමක් ඇන්දම සිරුරේ ෂේප් එකවත් ලස්සනට පෙනෙන්නේ නෑ. නමුත් skinny Jean එකකින් ඔයාගේ සිරුරේ ෂේප් එක ඉස්මතු වෙලා පේන විදිහට අඳින්න පුළුවන්. ඔයා කැමති වර්ගයකින් මෙම ජීන්ස් වල වර්ණය තෝරා ගත හැකියි. ඔයා මේ ජීන්ස් එකට අඳින ටොප් එක ඔයාට පුළුවන් ඇගට ටිකක් වැඩියෙන් තියෙන් ටී ෂර්ට් එකක් හෝ බ්ලූවුසයක් එහෙමත් නැත්තම් ෂර්ට් බ්ලවුස් එකක් අඳින්න. එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා යනවා.

Blazer (බ්ලේසර්)







ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු කරලා පෙන්වන්න පුළුවන් උපක්‍රමශීලි ඇඳුමක් විදිහට බ්ලේසර් එකක් භාවිත කළ හැකියි. විශේෂයෙන්ම ඔයා ජීන්ස් එකක් අඳිනවා නම් ඔයාට පුළුවන් ඇඳුමේ උඩ කොටසට බ්ලේසර් එකක් භාවිත කරන්න. එමගින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා පේන්න පටන් ගන්නවා. ගවුමකට, ස්කර්ට් එකකට වගේම ජීන්ස් එකකටත් ඔයාට බ්ලේසර් එකක් භාවිත කළ හැකියි.

Waist Length Jacket (ඉන උසට ඇති ජැකට්)







ඔයා තරමක් උසින් වැඩි වගේම කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක් නම් ඔයාගේ සිරුරේ ලස්සන පේන ඇඳුමක් විදිහට Waist Length Jacket එකක් අඳින්න පුළුවන්. ඔයා අඳින ඕනෑම ජීන්ස් එකකට මේ ජැකට් එක ඇඳුමේ උඩ කොටසට අඳින්න පුළුවන්. මෙහි විශේෂත්වය වෙන්නේ ජැකට් එක ඇඳුමේ ඉණ ප්‍රදේශයට සීමා වෙනවා. මෙයිනුත් ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් වගේම කෙට්ටු උස කෙනෙක්ට ඉතාමත් ආකාර්ශනීය ඇඳුමක්.

Waist Clinching Belt (ඉන තද කර බඳින බෙල්ට්)







ඔයා සිරුරෙන් කෙට්ටු වුණත් කිසිම අවස්ථාවක හිතන්න එපා එයාගේ සිරුර කෙට්ටු නිසා කැතැයි කියලා. මොකද කෙට්ටු ඔයාගේ සිරුරටත් නියම වු හැඩයක් තියෙනවා. ඔයා ඒ හැඩයට ගැළපෙන විදිහේ ඇඳුම් ඇන්දොත් අනිත් අය වගේම ඔයාටත් ලස්සන ලස්සන විලාසිතා කරන්න පුළුවන්. ඉන තද කර බඳින බෙල්ට් එක මගින් ඔයාගේ ඉනේ හැඩය මනාව ඉස්මතු කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ඒ ඒ ඇඳුමට ගැළපෙන විදිහේ Waist Clinching Belt භාවිත කරනවා. මෙය ඇඳුමේ කොටසක් විදිහටමයි එතකොට පෙනේනනේ . ඔයාගේ ඇඳුමට වගේම ඔයාටත් ආකාර්ශණීය පෙනුමක් එකතු වෙනවා.

හීල්ස් අඳින්න බය වෙන්න එපා












සිහින් සිරුරක් හිමි ඔයාට ලස්සන අඳින්න පළඳින්න ඇඳුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔයා පළඳිනසපත්තුත් අඩු වැඩි වශයෙන් බලපානවා ඔයාගේ ලස්සන පෙන්වන්න. ඔයා උසයි කියලා අඩි උස සපත්තු දාන්න බය වෙන්න එපා. අඩි උස සපත්තුවකින් ඔයාගේ පෙනුමට වැඩි ආකර්ෂනීය බවක් එකතු කරනවා. අඟල් 6 සපත්තුම දාන්න ඔනේ නෑ. උසින් අඩු අඟල් 3'-4' උස, පටි සහිත හීල්ස් ඔයාට වඩාත් ගැලපෙනවා.

දණහිසට ආසන්නව ස්කර්ට් අඳින්න







ඔයාට ලස්සනට අඳින්න පුළුවන් තවත් ඇඳුමක් තමයි කොට සාය. මේ ස්කර්ට් එක ඔයාගේ සිරුරේ ප්‍රමාණයට අඳින්න පුළුවන් නම් වඩාත් හොදයි. මොකද එතකොට ඔයාගේ සිරුරේ හැඩය මනාව ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නවා. දණහිසට ඉහළින් හෝ දණහිස ආසන්නව තමයි සෑම විටම ඔයා ස්කර්ට් එක අඳින්න ඕන. එතකොට තමයි ඔයාට ආකාර්ශනීය පෙනුමක් එකතු වෙන්නේ.

ලොකු ආභරණ, බෑග් පළඳින්න












උස වගේම සිරුරෙන් කෙට්ටු කෙනෙක්ගේ ගෙල ප්‍රදේශය සිහින් වගේම තරමක් දිගින් වැඩියි. ඒ නිසා ඔයාට පුළුවන් casual jewelry පළඳින්න. ඔයා පළඳින්න ඕන සිහින් ආභරණ නම් නෙමෙයි. මොකද එයින් ඔයාට පෙනුමක් එකතු වෙන්නේ නෑ වගේම ඔයාගේ ගෙල ප්‍රදේශයේ සිහින් බවට විකල්ප විසඳුමක් වෙන්නේ නෑ. ඒ නිසා තරමක් විශාල ආභරණ, ඇඳුමේ වර්ණය හා ගළපමින් පළඳින්න. ඒ විතරක් නෙමෙයි ඔයා පළඳින කරාබු මාල සමබර කරලා පළඳින්න පුරුදු වෙන්න. මොකද ඔයා ආභරණ සියල්ලම විශාලව පැළදීම ගැළපෙන්නේ නෑ. අත් බෑගය උනත් තරම්ක් ලොකු එකක් පාවිච්චි කරන්න.

හිත ඇදෙන රටා සහිත රෙදි







ඔයා අඳින ඇඳුම විතරක් නෙමෙයි ඒ ඇඳුම මහන්න භාවිතා කරලා තියෙන රෙදි වර්ගයත් ඉතාමත් වැදගත්. ඔයාට අඳින ජීන්ස්, ගවුම්, බ්ලවුස් ආදීය සදහා තවත් කෙනෙක් ආකාර්ශණය වෙන විදිහේ රෙදි වලින් මහලා තියෙන ඇඳුමක් තෝරා ගන්න. ඔයා තනි පාට ඇඳුමක් අඳිනවාට වඩා ආකාර්ශණීයයි විවිධ රේකා හා හැඩතල ඇති ඇඳුමක් අඳින එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,865
   56

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,170
   34

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
These signs may be saying that you have cholesterol
   41,170
   17

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed