කොරෝනා කාලේ ගැබ් ගත්තොත් මොකද වෙන්නේ..?

May 14, 2020
7,650
What happen if you get pregnant in Corona time?
කොරෝනා කාලේ ගැබ් ගත්තොත් මොකද වෙන්නේ...? අපේ හැඩකාරියන්ගේ හිතටත් මේ ප්‍රශ්නය මානසිකව වධ දෙන්න පුලුවනි. ඇත්තටම කොරෝනා ආසාදිත වුනොත් දරු පැටියාට මොකද වෙන්නේ.. මේ තත්වය අපට සුලුවෙන් හිතන්න බැහැ. ලෝකයේ තිබෙන උතුම් මව්පදවියෙන් පිදුම් ලබමින් බිහිකරන දරු පැටියා කොවිඩ් 19 ආසාදිතයෙක් වෙන්න ඉඩ තිබෙනවාද..?

කොරෝනාවෛරසයෙන් ගර්භණීභාවයට කෙතරම් බලපෑමක් ඇතිවේද යන්න පිළිබඳව වෛද්‍යවරුන් තවමත් වැඩි යමක් නොදන්නා නමුත් ඉන් රෝගාතුර වන සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දරුණු මට්ටමකට ගැබිණි කාන්තාවක් පත් වන බවක් පෙනෙන්නට නොමැති බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

"විශාල අවදානමකට ඔවුන් ලක්වෙනවා නම් මේ වන විට එය අපට දැකගන්න ලැබෙන්න ඕන," ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි ප්‍රසව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝෆ් ලීස් සඳහන් කරනවා.
කොරෝනාවෛරසයෙන් රෝගාතුර වූ ගැබිණි කාන්තාවන් නිසි ගැබ් කාලය නිම කිරීමට මත්තෙන් සිය දරුවා ප්‍රසූත කළ අවස්ථාවන් ගැන වාර්තා ලැබී තිබුනත්, ඊට හේතුව තවමත් පැහැදිලි නැහැ.
"සමහර විට මව තුළ පවතින ආතතිය දරුවාට බලපෑමක් ඇති කිරීම මීට හේතුවක් විය හැකියි. එහෙම නැතිනම් මවට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වීම නිසා දරුවා කලින් උපදිනවා වෙන්නත් පුළුවන්." ලන්ඩන් නුවර Queen Charlotte's and Chelsea රෝහලේ වෛද්‍ය එඩ් මුලින්ස් සඳහන් කරනවා.

"දරුණු රෝගී තත්වය මත ඇතිවන උණ ගතිය නිසාත් දරු උපත කලින් සිදු වීමට ඉඩ තියෙනවා." ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මාතෘ සහ ළමා සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය මේරියන් නයිට් සඳහන් කරනවා.

කෙසේ නමුත් කෝවිඩ්-19 රෝගයට ගොදුරු වූ ගැබිණි කාන්තාවන්ගේ ශ්වසන අපහසුතා නිසා සිසේරියන් සැත්කමක් හරහා දරු උපත සිදු කිරීම බොහෝ විට සිදුකර ඇති බව මහාචාර්ය මේරියන් නයිට් හෙළි කළාය.

කොරෝනාවෛරසයට ගොදුරු වීම හේතුවෙන් ගබ්සාවන් සිදුවන බවට සාධක නැහැ. මවට ආසාදනය වූ කොරෝනාවෛරසය කුස තුළ සිටින දරුවාට ද ආසාදනය වීමේ හැකියාවක් පවතී. එවැනි අවස්ථා වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවකි. එනමුත් එවැනි දරුවන් සුවය ලබා නිරෝගීව සිටින බව වාර්තා වී තිබෙනවා.

චීනයෙන් ලැබුණු සංඛ්‍යා ලේඛන අනුව, කොරෝනාවෛරසයට ගොදුරු වූ ගැබිණි කාන්තාවන් බිහි කළ දරුවන් 33 දෙනෙකු අතරින් තිදෙනෙකුට පමණක් ආසාදනය වී තිබුණා.

නමුත් දරුවාට වෛරසය ආසාදනය වූයේ ගර්භාෂය තුළදී ද, ප්‍රසුතිය සිදුවන අතරතුරදීද නැතහොත් ප්‍රසුතිය සිදුවීමෙන් මොහොතකට පසුවද යන්න තවමත් පැහැදිලි නැහැ. දරුවා උපන් මොහොතේ පටන් මව සමඟ සමීපව සිටීමේ අවකාශය වැඩියි.

කොරෝනාවෛරසය දරුවාගේ වර්ධනයට බලපෑමක් සිදු කරන බවට තවමත් කිසිදු සාක්ෂියක් නොමැති බව බ්‍රිතාන්‍යයේ, ප්‍රසව හා නාරිවේදය පිළිබඳ රාජකීය විදුහල පවසයි.

අපේ රටේ තත්වය කොහොමද...?

ශ්‍රී ලංකාවේ වසරකට 360,000 ක් පමණ කාන්තාවන් ගර්භණී භාවයට පත් වන අතර වසරේ ඕනෑම අවස්ථාවක 201,000 ක් පමණ ගර්භණී මවුවරුන් සිටින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා සදහන් කරනවා.

ගර්භණී මවුවරුන් ද සුවිශේෂී කාණ්ඩයක් ලෙස සැළකෙන හෙයින් මෙම කාල පරිච්ජෙදයේදී ඔවුනගේ සෞඛ්‍යමය ආරක්ෂාව ඉතා වැදගත් .

මේ අනුව සියලුම ගර්භණී මවුවරු මෙම කාලයේදී අනෙකුත් පුද්ගලයිනට වඩා ආරක්ෂාකාරී විය යුතුය. විශේෂයෙන්ම ඔවුනට හැකිතාක් නිවසටම වී සිටීමට උපදෙස් දෙනු ලැබෙනවා.

- මහජනයා එකතු වෙන ස්ථාන වල ගැවසීම
- උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු පුද්ගලයින් ගෙන් ඈත්ව සිටීම
- පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම
- වැඩි පිරිසක් එකතු වන විනෝද චාරිකා
- විවාහ හෝ මංගල උත්සව, අනෙකුත් ප්‍රිය සාද
- ආගමික උත්සව
- පොදු හෝ සුපිරි වෙළෙඳ සල් හෝ සාප්පු සංකීර්ණ වලට යාමෙන් වැලකී සිටීම මේ කාලයේදී ගර්භණී මව්වරුන්ට යෝග්‍යයි.

"සෑම ගර්භණී මවක්ම උණ හෝ ඒ සමග සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවුවහොත් පළමු දිනයේ දීම ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු විය යුතුයි. හැකි සෑම විටම පවුල් සෞඛ්‍ය නිලධාරිනියට තමාගේ ගැටළු සහ රෝගී තත්ත්ව නිරන්තරයෙන්ම දැනුම් දීම අත්‍යවශ්‍යයි," ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා සඳහන් කරනවා.
මෙතෙක් වාර්තා වී ඇති අන්දමට ගැබිණි කාන්තාවන්ට ද මතු වී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට මතුවන රෝග ලක්ෂණ පමණි. එය සුළු හෝ මධ්‍යම මට්ටමේ විය හැක. කැස්ස, උණ, කෙටි හුස්ම, හිසරදය සහ ගන්ධය පිළිබඳ දැනීම අඩු වීම එම රෝග ලක්ෂණ අතර වෙයි.

කෙසේ නමුත් ගැබිණි කාන්තාවක් කොරෝනාවෛරසයට ගොදුරු වී බරපතල ලෙස රෝගාතුර වුවහොත් එය දරු ගැබට ප්‍රශ්නයක් වීමට ඉඩ ඇතත් එම තත්වය ඉතා විරලයි.

හෘද රෝග සහිත කාන්තාවක් ගැබ් ගෙන ඇත්නම් මෙම වසංගත තත්වය හමුවේ ඇය අයත් වන්නේ වැඩි අවදානම් සහිත කාණ්ඩයටය. ඔවුන් නිවෙසින් පිටත නොගොස් සිටිය යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දෙන අතර තම රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය.ඒ වගේම කොරෝනා කාලේ ගැබ්ගත් මවක් තුළ කිසියම් සැකයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් 0710301225 දුරකථනයට අමතා ගැටළුවට විසදුම් ලබා ගත හැකියි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1593 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:18:21 AM
Script:/article/1593/what-happen-if-you-get-pregnant-in-corona-time.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:18:21 AM
Script:/article/1593/what-happen-if-you-get-pregnant-in-corona-time.html