A/C නැති ලෝකෙක කූල් පිට ඉන්න ටිප්ස්

March 27, 2019
11,076
How to stay cool without the AC
හරි ඉතිං හැමෝටම හැම තැනම ඒසී නැහැ කියල අපි දන්නවනෙ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ගෙදරකට ඒසී එකක් සවිකරගන්නෙත් දාහකුත් එකක් දේවල් හිතලා ඉවරවෙලායි. එහෙම තත්ත්වෙකදි අපි මේ දාඩියේ ඉන්නෙ කොහොමද? කියලා ලෝකෙට දොස් කියනවට වඩා තමුන්ම ඒකට යම් තරමකින් හරි විසඳුම් හොයාගන්න එක තමයි වටින්නෙ.

කට්ටිය දාඩිය දාද්දි පුදුම දාඩියක් දාන්නෙ, රෙද්ද! කියල කේන්තියට කියනව. හැබැයි කේන්තියට රෙද්ද කිවුවට ඇත්තටම ඔයාට දාඩිය දාන්න රෙද්ද ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. රස්නෙ දවස්වල කපු ඇඳුම් අඳින එක ඇඟට සනීපයක්. ඒ වගේම රෑට නිදියද්දි කකුල් දෙකට පෙරවගන්න‌ රෙද්දේ වර්ගය ගැනත් ඒ විදියටම හිතන්න. රෑට පෙරවගන්න අරගන්න කලින් පැය දෙක තුනක් ඇඳ ඇතිරිලි සහ පෙරවන රෙදි ටික ෆ්‍රීසර් දාලා තිබ්බානම් රස්නයට හොඳ විසඳුමක් ඒකෙන් ලැබේවි. දවාලට එළිමහනෙ ගමනක් බිමනක් යද්දි ඔයා ඇඳගෙන යන රෙද්දෙ පාටත් දාඩියට හේතු වෙන්න පුළුවන්.රස්නය උරාගන්න කළු පැහැය දවාලට අඳින්නෙ නැති තරමට හොඳ ඒ නිසායි. ඒ වගේම ඇඟට හිරවෙන්න තද ඇඳුම් අඳින්නෙ නැතිනම් ඒක වඩා හොඳයි.

තවත් විශේෂයෙන්ම නින්දෙදි රස්නය මැඩගන්න එක ගැනත් කියන්න ඕන. කාමරයේ ෆෑන් එකෙන් වියලි හුලඟ කැරකෙන්න නොදී කාමරයේ සිවිලිමට නිරාවරණය වෙන තැනකින් වතුර භාජනයක් තියන්න.ඒ වගේම සීතල වතුර පුරවපු බෝතලයක් කොට්ටය අසළින් තබාගෙන අතරමැද නින්දෙන ඇහැරෙන මොහොතක පානය කරන්න. දිගින් දිගටම දාඩිය පිටවෙන රස්නෙ කාලයට ඒක ඔබේ සමට වගේම සිරුරේ තෙතමනය ආරක්ෂා කරන්නට උදවුවක් දේවි.

කැෆේන් සහ ඇල්කොහොල් කියන්නෙ සිරුරෙන් ජලය පිටරවන සුළු දේවල් දෙකක්. රස්නෙ කාලයට මේ දෙකෙන් අත්මිදෙන්න පුළුවන්නම් සිරුරට ලොකු අපහසුවක් නොදැනේවි. සීතලට ලොකු බඩගින්නක් එනාව තමයි. හැබැයි එහෙමයි කියලා රස්නෙ දවසට පැය දෙකක් විතර ගිනි රස්නෙ උදුනක් ගාවා උයන්න පිහන්න යන්න එපා. ඒවගේම රස්නෙ කෑමත් මගහරින එක හොඳයි. ඒ වෙනුවට ඇඟ සීතල කරවන සවු ටිකක්, පළතුරක් වගේ සුළු සුළු ආහාරවලින් කුස පුරවාගන්න.

දවාලක ගෙදර ඉන්න සතිඅන්ත කාලයේදි රස්නය සහ මුහුණට දාන දාඩිය කියන්නෙ පොතක් කියවන්න ව‌ගේම ටීවී එක බලන්නත් ලොකු බාධාවක්. ඒකට ඉවරවෙච්ච ස්ප්‍රේ කෑන් එකකට වතුර පුරවලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. දාඩිය දානකොට වගේම අවේලාවේ නිදිමතක් එනකොටත් මූනට කූල් වතුර බින්දු ටිකක් ඉහුනම නියම ජවයක් දැනේවි. ඒ දේ මූන හේදීමෙන් ලොකුවට ලැබෙන්නෙ නෑ. අනික මූන හේදුවොත් පිහදාන්නත් සිද්ධ වෙන ‌නිසා ඒකෙන් ලොකු වාසියක් අත්වෙන්නෙ නැහැ. දවසෙ දිගු වේලාවක් බාත්රූම් එකේ රිගගෙන ඉන්නෙ නැතුව වතුරත් ඉතිරිවෙන, සිසිලසත් දැනෙන ක්‍රමයක් විදියට කෙටි කාලයන් කිහිපයක් විටෙන්විට ෂවර් එක යටට ගොඩ වීමත් වාසියක් වේවි.

පුංචි පුංචි ගැජට් ඕනතරම් තියෙනවා. අනික් මිනිසාගේ සුභසිද්ධිය ගැන හිතලා මිනිස්සු හදපු ඒ තාක්ෂණයන් මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න. උදාහරණෙකට ෆෝන් එට ප්ලග් කරන්න පුළුවන් චූටි ෆෑන් වගේම මේසෙක ඇටෑච් කරන්න පුළුවන් පුංචි ෆෑන් ඔබට වාසියක් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed