A/C නැති ලෝකෙක කූල් පිට ඉන්න ටිප්ස්

March 27, 2019
10,579
How to stay cool without the AC
හරි ඉතිං හැමෝටම හැම තැනම ඒසී නැහැ කියල අපි දන්නවනෙ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ගෙදරකට ඒසී එකක් සවිකරගන්නෙත් දාහකුත් එකක් දේවල් හිතලා ඉවරවෙලායි. එහෙම තත්ත්වෙකදි අපි මේ දාඩියේ ඉන්නෙ කොහොමද? කියලා ලෝකෙට දොස් කියනවට වඩා තමුන්ම ඒකට යම් තරමකින් හරි විසඳුම් හොයාගන්න එක තමයි වටින්නෙ.

කට්ටිය දාඩිය දාද්දි පුදුම දාඩියක් දාන්නෙ, රෙද්ද! කියල කේන්තියට කියනව. හැබැයි කේන්තියට රෙද්ද කිවුවට ඇත්තටම ඔයාට දාඩිය දාන්න රෙද්ද ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. රස්නෙ දවස්වල කපු ඇඳුම් අඳින එක ඇඟට සනීපයක්. ඒ වගේම රෑට නිදියද්දි කකුල් දෙකට පෙරවගන්න‌ රෙද්දේ වර්ගය ගැනත් ඒ විදියටම හිතන්න. රෑට පෙරවගන්න අරගන්න කලින් පැය දෙක තුනක් ඇඳ ඇතිරිලි සහ පෙරවන රෙදි ටික ෆ්‍රීසර් දාලා තිබ්බානම් රස්නයට හොඳ විසඳුමක් ඒකෙන් ලැබේවි. දවාලට එළිමහනෙ ගමනක් බිමනක් යද්දි ඔයා ඇඳගෙන යන රෙද්දෙ පාටත් දාඩියට හේතු වෙන්න පුළුවන්.රස්නය උරාගන්න කළු පැහැය දවාලට අඳින්නෙ නැති තරමට හොඳ ඒ නිසායි. ඒ වගේම ඇඟට හිරවෙන්න තද ඇඳුම් අඳින්නෙ නැතිනම් ඒක වඩා හොඳයි.

තවත් විශේෂයෙන්ම නින්දෙදි රස්නය මැඩගන්න එක ගැනත් කියන්න ඕන. කාමරයේ ෆෑන් එකෙන් වියලි හුලඟ කැරකෙන්න නොදී කාමරයේ සිවිලිමට නිරාවරණය වෙන තැනකින් වතුර භාජනයක් තියන්න.ඒ වගේම සීතල වතුර පුරවපු බෝතලයක් කොට්ටය අසළින් තබාගෙන අතරමැද නින්දෙන ඇහැරෙන මොහොතක පානය කරන්න. දිගින් දිගටම දාඩිය පිටවෙන රස්නෙ කාලයට ඒක ඔබේ සමට වගේම සිරුරේ තෙතමනය ආරක්ෂා කරන්නට උදවුවක් දේවි.

කැෆේන් සහ ඇල්කොහොල් කියන්නෙ සිරුරෙන් ජලය පිටරවන සුළු දේවල් දෙකක්. රස්නෙ කාලයට මේ දෙකෙන් අත්මිදෙන්න පුළුවන්නම් සිරුරට ලොකු අපහසුවක් නොදැනේවි. සීතලට ලොකු බඩගින්නක් එනාව තමයි. හැබැයි එහෙමයි කියලා රස්නෙ දවසට පැය දෙකක් විතර ගිනි රස්නෙ උදුනක් ගාවා උයන්න පිහන්න යන්න එපා. ඒවගේම රස්නෙ කෑමත් මගහරින එක හොඳයි. ඒ වෙනුවට ඇඟ සීතල කරවන සවු ටිකක්, පළතුරක් වගේ සුළු සුළු ආහාරවලින් කුස පුරවාගන්න.

දවාලක ගෙදර ඉන්න සතිඅන්ත කාලයේදි රස්නය සහ මුහුණට දාන දාඩිය කියන්නෙ පොතක් කියවන්න ව‌ගේම ටීවී එක බලන්නත් ලොකු බාධාවක්. ඒකට ඉවරවෙච්ච ස්ප්‍රේ කෑන් එකකට වතුර පුරවලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. දාඩිය දානකොට වගේම අවේලාවේ නිදිමතක් එනකොටත් මූනට කූල් වතුර බින්දු ටිකක් ඉහුනම නියම ජවයක් දැනේවි. ඒ දේ මූන හේදීමෙන් ලොකුවට ලැබෙන්නෙ නෑ. අනික මූන හේදුවොත් පිහදාන්නත් සිද්ධ වෙන ‌නිසා ඒකෙන් ලොකු වාසියක් අත්වෙන්නෙ නැහැ. දවසෙ දිගු වේලාවක් බාත්රූම් එකේ රිගගෙන ඉන්නෙ නැතුව වතුරත් ඉතිරිවෙන, සිසිලසත් දැනෙන ක්‍රමයක් විදියට කෙටි කාලයන් කිහිපයක් විටෙන්විට ෂවර් එක යටට ගොඩ වීමත් වාසියක් වේවි.

පුංචි පුංචි ගැජට් ඕනතරම් තියෙනවා. අනික් මිනිසාගේ සුභසිද්ධිය ගැන හිතලා මිනිස්සු හදපු ඒ තාක්ෂණයන් මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න. උදාහරණෙකට ෆෝන් එට ප්ලග් කරන්න පුළුවන් චූටි ෆෑන් වගේම මේසෙක ඇටෑච් කරන්න පුළුවන් පුංචි ෆෑන් ඔබට වාසියක් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1288 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:12:52 AM
Script:/article/1288/how-to-stay-cool-without-the-ac.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:12:53 AM
Script:/article/1288/how-to-stay-cool-without-the-ac.html