රස දේවල් කන්නම හිතෙනවා නම් රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්නේ මෙහෙමයි

February 22, 2019
8,230
How to balance tasty and healthy food
මොන දේ උනත් අපේ දිව වැඩියෙන්ම හොයන්නේ රස. රස කිවුවම ඉතින් ලොකුවටම මතක් වෙන දේ තමයි පැණි රස. ඒ විතරක් නෙවෙයි තව ක්ෂණික කෑම බීම වර්ග ගොඩක් තියෙනවා දැක්කම අපිට නොකා නොබී ඉන්නම බැරි. එහෙම කියලා ඉතින් ඒ දේවල්ම කෑවොත් බිවුවොත් අපිට වෙන්නේ රටේ ලෝකේ නැති ලෙඩ ගොඩක් එක්ක ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න. ඒ නිසා අද අපි ඔයාලට කියන්නේ රස දේවල් කන්නම හිතෙන වෙලාවට රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන.

01. රස දේවල් වගේම ගුණ දේවලුත් ලස්සනට

නිකමට හිතලා බලන්නකෝ ඔය අපි රසයි කිය කිය මාර අසාවෙන් කන බොන ගොඩක් කෑම බීම වර්ග වල තියෙන්නේ දැක්ක ගමන් නොකා ඉන්නම බැරි විදිහේ ලස්සනක්. ඒ නිසා රස බලන්නත් කලින්ම ඒ කෑම බීම වර්ග වලට අපේ හිත ඇදිලා ගිහින් ඉවරයි. මේ නිසා වෙන්නේ ඒ දේවල් නොකා නොබී ඉන්නම බැරි තත්වයකට අපි පත්වෙන එක. හැබැයි ගුණ දේවල් ගොඩක් වෙලාවට අපි පිළියෙළ කරගන්නේ ඕනෙවට එපාවට. ඒ කෑම බිම වර්ග වල කොච්චර ගුණයක් තිබුනත් වෙලාවකට දැක්කත් කන්න එපා වෙනවා. මේ නිසා අපේ ඇස් රවට්ටන රසවත් කෑම බිම තරම් ලස්සනටම ගුණවත් කෑම බීමත් අලුත් අලුත් විදිහට ලස්සනට හදාගන්න පුළුවන් නම් රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

02. ගුණ දේවල් වෙනස් විදිහට

හැමදාම එකම කෑම බීම එකම විදිහට කනකොට බොනකොට ටික දවසකින් නිකම්ම එපා වෙලා යනවා. ඒ නිසා එකම වර්ගේ කෑම බිම උනත් එක එක විදිහට හදාගන්න පුළුවන් නම්. රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්න හරිම ලේසියි. අපිට ශරීරයට ගුණ ආහාර වර්ග අලුත් අලුත් විදිහට ඒවගේ ගුණයත් ආරක්ෂා වෙන විදිහට හදාගන්න පුළුවන් නම් රස දේවල් තරම්ම අසාවෙන් ගුණ දේවල් කන්නත් ආසාවක් ඇතිකර ගන්න පුළුවන්.

03. හරිම දේවල් තෝරාගන්න

අද කාලේ කොච්ච්ච්ර ගුණයි කියලා කිවුවත් හිතේ විශ්වසෙන් බයක් නැතුව කන්න බොන්න පුළුවන් දේවල් තියෙන්නේ බොහොම ටිකයි. එළවළුවක් පළතුරක් ගත්තත් ඒ දේවල් වලට රටේ ලෝකේ ගහන්න තියෙන ඔක්කොම වස වර්ග ටික ගහලා තියෙන්නේ. වතුර උගුරක් බිවුවත් අද කාලේ නම් විශ්වාසෙන් බොන්න හරිම අමාරුයි. මේ නිසා ගුණ දේවල් වගේම රස දේවල් තෝරා ගන්නකොට ඒවා කොච්චර දුරට සෞක්‍යරක්ෂිතද කියන කාරණාව ගැනත් හොඳට හොයලා බලලා තමයි ගන්න ඕනේ. මෙවැනි අවස්ථාවකදී විශ්වාසයෙන් බොන්න පුළුවන් දෙයක් තමයි අලුතෙන් වෙළඳපලට හඳුන්වාදුන් Anchor Newadale රස කළ කිරි. පැණිරස කාරක කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති ඇන්කර් නිවුඩෙල් flavoured milk වලට සීනි එකතු කරලා තියෙන්නෙත් 4% පමණයි.

04. පුංචි පුංචි බාධක ටිකක් දාගන්න

අපි හැමෝම වගේ දන්නා දෙයක් තමයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා පරිභෝජනය කරන එක ශරීරයට අහිතකරයි කියන එක. එත් ඉතින් රස කෑමක් දැක්කම අපිට අපිවම පාලනය කරගන්න බැහැ. මේකට කරන්න තියෙන හොඳම දේ තමයි රස කෑම වර්ග කන එක සම්බන්ධව පුංචි පුංචි තහනම් ටිකක් ඔයාටම පනවා ගන්න එක. රස කෑම නොකාම ඉන්නවා කියන්නේ ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ? හැබැයි ඔයාට පුළුවන් ඔයා දවසකට කන බොන ප්‍රමාණය හිතකර විදිහට පාලනය කරගන්න. රස වගේම ගුණ දේවල් හරියට බැලන්ස් කරලා පාවිච්චි කරන්න.

රස දේවල් කන්න අපි කොච්චර ආස උනත්. අපිට හොඳ නිරෝගී ජීවිතයක් ගත කරන්න ඕනේ නම් අපිට රස දේවල් එක්ක ගුණ දේවලුත් ශරීරයට හිතකර විදිහට බැලන්ස් කරගන්න වෙනවා. ඒ නිසා මේ අපි කියපු දේවලුත් උදවු කරගෙන ඔයාගෙම ක්‍රම ටිකකුත් හදාගෙන නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1274 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:35 AM
Script:/article/1274/how-to-balance-tasty-and-healthy-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:36 AM
Script:/article/1274/how-to-balance-tasty-and-healthy-food.html