ඔයා මේ රෝගවලින් පීඩා විදිනවා නම්, පමා වෙන්නේ නැතුව කුරුඳු ආහාරයට ගන්න

September 2, 2018
8,523
If you suffer from these, consume cinnamon
කුරුඳු කියන්නේ අනෙකුත් මුලුතැන්ගෙයි භාවිත කරන කුලුබඩු වලට වඩා මිල අධික කුළුබඩු වර්ගයක් කියලා ඔයා දන්නවානේ. ඒ වගේම අපේ රටේ ප්‍රදේශ කිහිපයකම හොඳින් වැවෙන කුළුබඩු වර්ගයක් තමයි කුරුඳු කියන්නේ. කුරුඳුවල මිල වගේම එහි ගුණයත් ඉතාමත් අනර්ඝයි. අද Hadakari තුළින් අපි ඔයාට කියන්න යන්නේ කුරුඳු භාවිත කරලා ලස්සනට වගේම නිරෝගිව ඉන්න පුළුවන් විදිහක් ගැන. විශේෂයෙන්ම ඔයාගේ සමට, හිසකෙස්වලට වගේම ශරීර සෞඛ්‍යයටත් ඉතා වැදගත් වාසි රැසක් කුරුඳු මගින් ලබාගත හැකියි. ඔයා කුරුඳු භාවිත කළොත් එයින් ලැබෙන ප්‍රතිඵල ගැන දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

රුධිරගත සීනි මට්ටම අඩු කර දියවැඩියාව පාලනය කරනවා

ඔයා දන්නවානේ අද කුඩා, වැඩිහිටි ගොඩක් දෙනෙක් පීඩා විදින බෝනොවන රෝගයක් තමයි දියවැඩියාව කියන්නේ. දැන් පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙන විදිහට ඔයා දිනපතා කුරුඳු කුඩු මේස හැන්දක් අවම වශයෙන් භාවිත කළොත් ඔයාගේ සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව හා රුධිරගත සීනි මට්ටම අවම කර කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සිරුරේ බර පාලනය කර හෘද රෝග අවධානම අඩු කරන්න කුරුඳු කුඩු වලට පුළුවන්. ඉතිං ඔයාගේ නිවසේත් දියවැඩියාවෙන් පීඩා විදින කෙනෙක් ඉන්නවා නම් තවත් ප්‍රමාද වෙන්නේ නැතුව කුරුඳු කුඩු දෛනිකව ලබා දෙන්න.

කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා

අවධිමත් ආහාර රටාව හා නිරෝගී සම්පන්න නොවු ආහාර රටාව නිසා ගොඩක් දෙනෙක් මේ රෝගී තත්ත්වයෙන් පීඩා විදිනවා. ඒත් ඔයාට පුළුවන් නම් දෛනික ඔයාගේ ආහර වේලට කුරුඳු එකතු කර ගන්න එය උපකාරී වෙනවා ඔයාගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගන්න. විශේෂයෙන්ම කුරුඳු ආහාරයට එකතු කර ගන්නේ ගොඩක් දෙනෙක් ආහාරවල රසය හා සුවද වැඩි කර ගන්නනේ. ඉතිං දැන් ගුණය දැනගෙන කුරුඳු ආහාරයට එකතු කරගත්තොත් ඔයාට නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. කුරුඳු ආහාරයට ගැනීමෙන් ඔයාගේ රුධිරයේ මේද අම්ල දහනය වෙන්න පටන් ගන්නවා. ඉතිං තවත් පමා නොවි කුරුඳු ආහාරයට එකතු කර ගන්න.

පිළිකා රෝගී තත්ත්වයන්ට සාර්ථක විසඳුමක්

අද ගොඩක් දෙනෙක් කුමන හෝ පිළිකා රෝගී තත්ත්වයකට මුහුණ දෙනවා. මේ වේදනාකාරී අත් දැකීමෙන් කවරකු හෝ පීඩා විදිනවා නම් එකී තත්ත්වයෙන් මිදෙන්න කුරුඳු කුඩු ඔයාට භාවිත කළ හැකියි. මොකද කුරුඳු කුඩු ආහාරයට එකතු කර ගැනීම මගින් පිළිකා සෛල මැඩ පැවත්වීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ලියුකේමියාව, ලිම්ෆෝමාව වැනි තත්ත්වයකදි ඒ පිළිකා සෛල මැඩ පැවත්වීමට හැකි බව පර්යේෂකයින් විසින් තහවුරු කරගෙන තියෙනවා. කුරුඳුවල අන්තර්ගත ෆයිබර් සහ කැල්සියම් සංඝටක පිළිකා සෛල වලට එරෙහිව සටන් කරනවා. පිළිකාවක් ඇති වෙලා තියෙන්න අවශ්‍ය වෙන්නේම නෑ කුරුඳු ආහරයට එකතු කර ගන්න. ඔයාට දැන් වුණත් පුළුවන් කුරුඳු ආහාරයට එකතු කර ගන්න. මොකද අවධානටම පෙර සුදානම හොඳයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑනේ.

හෘද රෝගී අවධානම අඩු කරයි

හෘද රෝගී අවධානමක් ඔයාට තියෙනවා නම් ඒ තත්ත්වය අඩු කරන්න කුරුඳු වලට පුළුවන්. මොකද කුරුඳු වලින් ඔයාගේ හෘදවාහිනී පද්ධතිය වැඩි දියුණු කරනවා. හෘදයාබාධයකින් ඇතිවන ඕනෑම ව්‍යාකූල තත්ත්වයකට ඔයාට විසඳුම් හොයන්න පුළුවන්. කුරුඳු මගින් අධිරුධිර පීඩනය හා කිරීටක ධමනි ආබාධවලින් පෙළෙන ඕණැම කෙනෙක්ට කුරුඳු කුඩු ගුණදායකයි.

මුඛ සෞඛ්‍යයට ඉතාමත් ගුණදායකයි

ඔයාගේ මුවින් දුර්ගන්ධය වහනය වීම වැනි බොහෝ මුව ආශ්‍රිත ගැටළුවලට සාර්ථක විසඳුමක් ලබාගත හැකියි කුරුඳු මගින්. අදටත් වැඩිහිටයන් බුලත් ආහාරයට ගැනීමේදී කුරුඳු කැබලි එකතු කර ගන්නවා. විශේෂයෙන්ම කුරුඳු ඔයා ආහාරයට ගත්තොත් ඔයාගේ මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යා හැකියි. දුර්ගන්ධයක් ඇති වෙන්නේත් නැහැ.

රූපලාවණ්‍ය සත්කාරයක් විදිහට භාවිත කළ හැකියි

ඔයාගේ ශරීර සෞඛ්‍යයට විතරක් නෙමෙයි සම පැහැපත්ව තියා ගන්නත් ඔයාට කුරුඳු කුඩු භාවිත කළ හැකියි. විශේෂයෙන්ම ඔයාගේ සමේ සමතුලිත බව පවත්වා ගන්න කුරුඳු කුඩු භාවිත කළ හැකියි. ඔයාගේ සමේ අවපැහැ ගතිය අඩු කරලා ඔයා පැහැපත් සමක් ලබා ගන්න කුරුඳු උපකාරී වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. කුරුඳු කුඩු ස්වල්පයකට ලෙමන් යුෂ ටිකක් එකතු කර තලපයක් වශයෙන් මිශ්‍ර කර ගන්න. මේ මිශ්‍රණය හොදින් මුහුණේ ආලේප කිරීම මගින් ඔයාගේ මුහුණට නව පැහැයක් ලබාගත හැකියි. බොහෝ යුවතියන් පීඩා විදින ගැටළුවක් තමයි කුරුළෑ කරදරය. දැන් ඔයාට එයින් මිදෙන්නත් පුළුවන් කුරුඳු කුඩු සත්කාරය මගින්. කුරුඳු කුඩු ස්වල්පයකට මී පැණි ස්වලපයක් එකතු කර සකස් කර ගන්නා තලපය මුහුණේ හොඳින් ආලේප කරන්න. මී පැණි මගින් ඔයාගේ මුහුණේ කුරුළෑ තුවාල සුව කිරීමේ හැකියාව නොඅඩුව තියෙනවා.

හිසකෙස් නිරෝගීව තියා ගන්න

ඔයාගේ හිසකෙස් නිරෝගීව තියා ගන්න කරන්න පුළුවන් වටිනා සත්කාරයක් තමයි කුරුඳු කියන්නේ. කුරුඳු ආහාරයට ලබා ගැනීම මගින් ඔයාගේ සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත්ව සිදු කරනවා. රධිර සංසරණය විධිමත්ව සිදු වෙනවා කියන්නේ ඔයාගේ හිසකෙස් ශක්තිමත් කිරීමට සහ හිසකෙස් නිරෝගීව තියා ගන්න උපකාරී වෙනවා. රුධිර සංසරණය ක්‍රමවත් වීම තුළින් ඔයාගේ හිසකෙස් මුලයන් සහ හිස්කබල පෝෂණය කිරීමට තරම් පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් ස්වභාවිකම ලැබී හිසකෙස් නිරෝගීව පවත්වා ගන්න උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1059 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:14:41 AM
Script:/article/1059/if-you-suffer-from-these-consume-cinnamon.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:14:42 AM
Script:/article/1059/if-you-suffer-from-these-consume-cinnamon.html