යෝනි මාර්ගයට හිතකර ආහාර මොනවද කියලා ඔබ දන්නවාද?

April 4, 2017
4,832
Foods your vagina needs you to eat
හිසේ ඉදන් පාදාන්තය දක්වාම අපේ හැම ශරීර අවයවයකටම අපි කන කෑම වලින් බලපෑමක් තියෙනවා. කාන්තාවක් විදිහට වැදගත්ම ශරීර අවයවක් කියලා නම් කරන්න පුළුවන් අපේ යෝනි මාර්ගය. යෝනි මාර්ගයේ යහපත් පැවැත්ම සහ නිරෝගීකම වෙනුවෙන් විශේෂිත ආහාර වර්ග තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියාද?

1. තේ

තේ පානය මගින් යෝනි මාර්ගයේ සමහරක් අවස්ථාවල වර්ධනය වෙන ඊස්ට් පාලනය කරලා එය නිරෝගී කරන්න හේතු වෙනවලු.

2. සැමන්

සැමන් මාළුවා ඔමේගා 03 කියන මේද අම්ලයෙන් අනුන නිසා යෝනි මාර්ගය වියලි බවෙන් ආරක්ෂා කරගන්න හේතු වෙනවා.

3. යෝගට්

යෝගට් වල ප්‍රෝබයෝටික් අඩංගු නිසා යෝනි මාර්ගය ආශ්‍රිතව හිතකර බැක්ටීරියා වර්ධනයට හේතු වෙනවා.

4. අලිගැටපේර

අලිගැට පෙර මගින් ලිංගික හෝමෝන වර්ධනයට උදව් වෙනවා. ස්ත්‍රීන්ට අවශ්‍ය ඉස්ට්‍ර්ස්ජන් හෝමෝනය අඩුනම් යෝනි මාර්ගය ගොඩාක් වෙලාවට වියලි වෙලා, ලිංගිකව එක් වීම අපහසු කරනවා. එහෙම අපහසුතාවයක් තියෙනව නම්, ඔබට පුළුවන් වැඩිපුර අලිගැට පේර ඔබේ ආහාරයට එක් කර ගන්න.

5. ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි, දොඩම් වලට වඩා විටමින් c බහුල ආහාරයක්. ලිංගික හෝමෝන හොඳින් ශ්‍රාවය වෙන්නත්, මාංශ පේශි වල අදෙනසුලු බව රැක ගන්නත් විටමින් c උපකාරී වෙනවා.

6. බිත්තර

බිත්තර වල විටමින් D යහමින් අඩංගු වෙන නිසා, යෝනි මාර්ගයේ සෞඛ්‍යට හිතකරයි.

7. ගෝවා කොළ

කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාරයක්. ඒ මගින් යෝනි මාර්ගයේ මාංශ පේශි වර්ධනයට ඉවහල් වෙනවා.

8. වතුර

අනිත් හැමදේටම වගේ, හොඳින් වතුර බොන එක යෝනි මාර්ගයේ සෞක්‍යටත් ගොඩාක් හිතකරයි.

9. ධාන්‍ය වර්ග

ප්‍රෝබයෝටික් අඩංගු නිසා ශරීරයට හිතකර බැක්ටීරියා වර්ධනයට උපකාරී වෙලා යෝනි මාර්ගයේ බැක්ටීරියා ආසාදන අඩු කරන්න හේතු වෙනවා.

** එළවලු පලතුරු

එළවලු පලතුරු වල අඩංගු විටමින වර්ග බොහොමයක්, යෝනි මාර්ගයේ සෞක්‍යමත් පැවැත්මට උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Bad habits that destroy your look
   2,871
   284

ඔයාගේ පෙනුමට හානි කළ හැකි පුරුදු වලින් මිදෙන්න ඔයාට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි

ඔයාගේ පෙනුමට හානි කළ හැකි මේ පුරුදු වලින් මිදී තරුණ පෙනුම සදහටම රැක ගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් කියන්න හිතුවේ
Tips to avoid period rashes
   559
   198

ඔසප් සමයේදී ඇති වෙන රෑශ් වළක්වා ගන්න පුලුවන් සරල ක්‍රම 4 ක් මෙන්න

මේ ගැන උපදෙසක් ගන්න බැරුව බොහොමයක් කාන්තාවන් නිහඬව සිටියත් ඔසප් කාලයේදි ඇති වන මේ කුෂ්ඨ වලින් ඔවුන් සැහෙන්න පීඩා විඳිනවා. ඉතින් බොහෝ දෙනෙක් නොදන්නා සහ මෙම ගැටලුව වළක්වා ගන්න පුලුවන් වටිනා ක්‍රම 4ක් මෙන්න
Eat dates for better health and beauty
   8,951
   173

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
Hit pants and trousers in 2019
   9,825
   171

2019 වසරේ hit පෑන්ට්ස් සහ ට්‍රව්සර්ස්

මේ කලිසම් යුවතියකට අමුතුම ලස්සනක් එකතු කරනවා. බලමු ඒ විලාසිතා කීපයක්..
How to avoid pimples caused by masks?
   1,857
   164

මෙඩිකල් ෆේස් මාස්ක් පැළඳීම නිසා ඇති වෙන කුරුලෑ වළක්වා ගන්නේ කොහොමද?

කුරුලෑ සහ සමේ දැවිල්ල කියන්නේ ෆේස් මාස්ක් නිසා ගොඩක් අයට ඇති වෙන පොදු අතුරු ආබාධ දෙකක්. ඒ වගේ ගැටලු සමඟ කටයුතු කරන්නේ කොහොමද යන්න පිළිබඳ නිවැරදි උපදෙස් කිහිප්‍යක් අපි අද ඔබට ලබා දෙන්නම්

Latest Articles

Most Viwed