මුහුණු ආවරණ වර්ග 7 ක් සහ ඒවායේ ඵලදායීතාවය

August 13, 2021
7,186
7 types of masks and their efficiency
පසුගිය වසරේ සිට ලෝකයම අසරණ කර තිබෙන කොරෝනා වසංගතයෙන් එහෙමත් නැතිනම් කොරෝනා මාරයාගෙන් ආරක්ෂාවීමට තිබෙන එක් ක්‍රමයක් වන්නේ නිසි ප්‍රමිතියකින් යුතු මුහුණු ආවරනයක් පැළදීමයි.. විශේෂයෙන් අප්‍රේල් මාසයෙන් පසුව මුලු ලංකාවම වෙලාගෙන තිබෙන කොරෝනා තුන්වන රැල්ලේ අවධානමත් සමග එක් මුහුණු ආවරණයක් පමණක් නොව මුහුණු ආවරණ 2ක් පළඳින ලෙසට සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබාදී තිබෙනවා.. ඉතින් ඔබත් නොයෙක් ආකාරයේ මුහුණු ආවරණ භාවිතා කරනවා ඇති.. නමුත් ඔබ දන්නවාද ඔබ පළදින මුහුණු ආවරණය නිසි ප්‍රමිතියකින් යුතුව නිපදවා තිබෙනවාද කියා.. නැතිනම් නිසි ප්‍රමිතියකින් යුතු මුහුණු ආවරණ තෝරාගන්නේ කෙසේද කියා.. එමනිසා හැඩකාරි අපි මෙම ලිපිය මගින් මුහුණු ආවරණ වර්ග 9ක් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිලිබඳව ඔබට මේ දිනවල බෙහෙවින් ප්‍රයෝජනවත් කරුණු ඉදිරිපත් කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය තුළ මුහුණු ආවරණයක් පැළදීමේ මූලික අරමුණ

මුඛ ආවරණයක් පැළදීමේ මූලික අරමුණ වන්නේ කොවිඩ් ආසාදිතයකුගෙන් තවත් කෙනෙකුට වාතය හරහා රෝගය සම්ප්‍රේශණය වීම වළක්වාලීමයි. විශේෂයෙන් ආසාදිත පුද්ගලයකුගේ මුවින් හෝ නාසයෙන් නිකුත් වන කෙළ බිදිති වාතයේ රැදෙන අතර නිසි ප්‍රමිතියකින් යුතු මුව ආවරණයක් පැළදීමෙන් ඒවා ශරීරගත වීම පාලනය කරනු ලබනවා.

වෙළදපොලේ ඇති මුව ආවරණ වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය

1. ලේන්සු මුව ආවරණ - Bandana



ත්‍රිකෝණාකාර හෝ සෘජුකෝණාශ්‍ර හැඩැති ලේන්සුවක් වැනි රෙදි කැබැල්ලක් මුඛය සහ නාසය ආවරණය වන පරිදි පළදිනු ලබනවා. මෙගින් දූවිලි සහ අනෙකුත් අංශු නාසය ඔස්සේ ශරීරගත වීම වළක්වා ගත හැකියි. එමෙන්ම ඔබගෙන් පිටවන කෙළ බිදිති පිටතර යාමද වළක්වාලනවා.. සාමාන්‍යයෙන් මුඛ ආවරණයක් නොමැතිව කෙළ බිදිති අඩි 8කට වඩා දුරකට විහිදෙන අතර ලේන්සු මුව ආවරණය මගින් එය අඩි 4ක් දක්වා අඩුකරනු ලබනවා.

2. නිවසේ මසන ලද මුව ආවරණ - Homemade cloth mask



කපු හෝ වෙනත් සැහැල්ලු රෙදි භාවිතයෙන් නිවසේ සකස් කරන ලද මෙම මුව ආවරණ ස්ථර් එකක්, දෙකක් හෝ තුනක් වන පරිදි මසා තිබෙනවා.මේ පිළිබදව කරන ලද අධ්‍යනයකට අනුව ස්ථ‍ර එකකින් යුක්තව මසන ලද මුව ආවරණ මගින් බාහිර පරිසරයේ ඇති අංශු 1%ක පමණ ප්‍රමාණයක් පෙරීම නැතිනම් ෆිල්ටර් වීම (filtration) සිදුවන අතර ස්ථර 2කින් යුතු රෙදි මුව ආවරණ මගින් 35%ක පමණ ෆිල්‍ටර් වීම සිදුවන අතර පැළැද සිටින පුද්ගලයාට පුද්ගලික ආරක්ෂාවක් සපයනු ලබනවා. මෙම කපු රෙදි මුව ආවරණ මගින් ඔබ රෝගය ආසාදනය වී උන්නද මුවෙන් හෝ නාසයෙන් පිටවන බිදිති අගල් 2 ක දුරක් දක්වා අඩු කරනු ලබනවා. තුනී කපු රෙදි වලට වඩා ඝණකමින් යුතු රෙදි වඩාත් සුදුසු වනවා. නමුත් මෙම නිවසේ මසන ලද රෙදි මුව ආවරණ පැළදීමේ සාර්ථකත්වය රදාපවතින්නේ එහි අඩංගු ස්ථර ප්‍රමාණය මතයි.. තනි ස්ථර සහ ස්ථර 2ක් සහිතව නිර්මාණය කරනු ලබන මුව ආවරණ වලට වඩා ස්ථර තුනක් සහිත මුව ආවරණයක් පැළදීමේන් වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා.

3. ටී ෂර්ට් මාස්ක් - T-shirt mask



තුනී ටී ෂර්ට් මසන රෙදි වලින් නිර්මාණය කරනු ලබන රෙදි මුව ආවරණ පහසුවෙන් පැළදිය හැකි වුවත් ලාභදායි වුවත් එහි ඵලදායිතාවය ඉතා අඩුවනවා. එය සාමාන්‍යයෙන් ‍ශල්‍යාගාර තුල භාවිතා වන මුව ආවරණවලට වඩා 3 න් 1 ක පමණ ආරක්ෂාවක් පමණක් ලබාදෙනු ලබනවා. නමුත් මෙය ස්ථර 3 ක් සහිතව නිර්මාණය කල විට එහි ඵලදායිතාවය වැඩි කර ගැනීමටත් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමටත් හැකියි.

4. රෙදි වලින් මසන ලද ස්ථර 3 ක් සහිත මුව ආවරණ - Store-bought cloth mask



මෙම මුව ආවරණ මේ දිනවල ඔබට බහුලව දැකිය හැකි අතර ඝනකම් රෙදිවලින් මසා තිබෙනවා.. මෙම මුව ආවරණ මිලදී ගන්නා විට ස්ථර 3ක් සහිතව මසා තිබෙනවාදැයි බලන්න.. සාමාන්‍ය රෙදි මුව ආවරණයක් 50% ක පමණ ආරක්ෂාවක් සපයන අතර ස්ථර 3ක් සහිතව මසන ලද තත්ත්වයෙන් උසස් මුව ආවරණයක් මගින් 80% ත් 95%ත් අතර ආරක්ෂාවක් ලබාදෙනු ලබනවා.

5. ෆිල්ටරය සහිත රෙදි මුහුණු ආවරණ - Cloth masks with filter



වෛද්‍යවරුන්ට අනුව මෙම වසංගතයෙන් ආ‍රක්ෂා වීම සදහා පොලිප්‍රොපිලීන් අමුද්‍රව්‍ය (polypropylene material) වලින් නිර්මාණය කරන ලද පෙරණයක් (ෆිල්‍ටරයක්) සහිතව ඇති මුව ආවරණ භාවිතය වඩාත් සුදුසු වනවා. රෙදි ස්ථර 2 කින් නිර්මාණය කරන ලද මුව ආවරණයක් සඳහා මෙවැනි පෙරණයක් භාවිතයෙන් එහි ඵලදායිත්වය 35% සිට 70% දක්වා වැඩිකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

6. ඉවතදැමිය හැකි සර්ජිකල් මාස්ක් - Disposable surgical mask



තුනී ස්ථර තුනකින් සමන්විත ඉවතදැමිය හැකි සර්ජිකල් මාස්ක් මගින් විෂබීජ සහ අංශු වලින් 60%ක පමණ ආරක්ෂාවක් ලබාදෙනු ලබනවා.. ඒවා සකස් කර තිබෙන්නේ එක්වරක් පමණක් භාවිතයට වන අතර භාවිතයෙන් පසු ඉවත කල යුතු වනවා.

7. N95, KN95 මුහුණු ආවරණ



මේ දිනවල ශ්‍රී ලංකාවේ අප මුහුණ දී තිබෙන තුන්වන කොරෝනා රැල්ලේ අවධානමත් සමග වැඩි වශයෙන් භාවිතා කරන සහ වෛද්‍යවරුන් විසින් මෙම දිනවල භාවිතයට වඩාත් සුදුසු බවට උපදෙස් දී තිබෙන්නේ N95, KN95 මුහුණු ආවරණයි. මෙම මාස්ක් මගින් අවට වාතයේ ඇති වාතය 95%ක් දක්වා ෆිල්ටර කිරීම සිදුකරනු ලබනවා. එබැවින් වඩා වැඩි ආරක්ෂාවක් ඔබවෙත ලැබෙනවා..

කෙසේ නමුත් මෙම වසංගත තත්ත්වයෙන් ගැලවීම සඳහා ඔබ අනිවාර්‍යෙන්ම වෛද්‍ය උපදෙස් මත ප්‍රමිතියෙන් යුතු මුව ආවරණ එකක් හෝ දෙකක් පැළදිය යුතු අතර මම මුහුනු ආවරණ පැළද සිටිනවා ඒ නිසා බයවෙන්න දෙයක් නෑ මට කොරෝනා වැළදෙන්නේ නෑ වැනි දෑ සිතිවීමෙන් වැළකී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් සිදුකල යුතුවනවා. එමෙන්ම ඔබ භාවිතා කරන මුව ආවරණ වැනි දෑ ඉවත දැමීමේදිද ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුවනවා..මන්ද ඔබ සිතනවාටත් වඩා මෙම වසංගතය මගින් එල්ල වන බලපෑම ඉතාමත් වැඩියි.. ඔබ ප්‍රවේසම් වීමෙන් ඔබත් ඔබගේ ආදරණීය පවුලේ සියළු දෙනාත් ආරක්ෂා කර ගැනීමට ඔබට පුලුවන්කම ලැබෙනු ඇති..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed