ඔයාගේ ඇඳුම් හැමදාම අලුත් විදිහට තියා ගන්න කැමතිද?

November 17, 2018
6,153
Do you like to keep your clothes look new everyday?
හැමෝම කැමති ලස්සනට ඇඳුම් අඳින්න වගේම අනිත් හැමෝටම වඩා කැපිලා පෙන්නත් කැමති  ඔයාත් ඔයාගේ පඩියෙන් භාගයක්ම වගේ ඇඳුම් වලට වියදම් කරනවා. ඉස්සර කාන්තාවන්ට රෙදි සේදීම අමාරු කාර්යක් වුනා. නමුත් අද තාක්ෂණය නිසා ඔයාට රෙදි ටික හෝදගන්න වැඩි වෙලාවක් සහ අමාරුවක් දැනෙන්නේ නැහැ. පිරිමි පාර්ශවය රෙදි සේදීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසා කාන්තාවන්ටම තමා රෙදි හෝදන්න වෙන්නේ. අද හැඩකාරි ඔයාට ඇඳුම් අලුත් විදිහට හැමදාම  තියා ගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ.

බේබි ෂැම්පු පාවිච්චි කරන්න

ඔයාගේ ඇඳුමුත් ඇකිලිලා තියෙනවා නම් ඒ ඇඳුම් සෝදන්න බේබි ෂැම්පු භාවිතා කරන්න ඔයාට හිත ගන්නවත් බැරි විදිහේ වෙනසක් දකින්න ලැබෙයි. සමහර ඇඳුම් පළමු සේදිමෙන්ම ඇකිලෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඒ ඇඳුම් අඳින්න කැමති නැහැ . ඒ වෙලාවට ඔයා බේබි ෂැම්පු නැත්තම් කන්ඩිෂනර් පාවිච්චි කරලා ඔයගේ ඇඳුම් වලට අලුත් බවක් වගේම යථාතත්වයටත් පත් කර ගන්න පුළුවන්.

ඕනවට වඩා වෙලන්න එපා

ඕනවට වඩා ඇඳුම් අව්වේ දාලා වෙලන්න එපා. ඊට හේතුවක් ඔයාගේ ඇඳුම් වල ගුණාත්මක බව නැති වෙනවා. හිරු එළිය නිසා ඔයාගේ ඇඳුමේ පාට වෙනස් වෙන්නත් පුළුවන් වගේම ඇඳුම් වල පාට යනවා. සෝදා ගත් ඇඳුම් වලට වියලි තුවා දැමීමෙන් ඉක්මනින් වෙලා ගන්න පුළුවන් එමගින් හිරු එළියෙන් වෙන හානිය වලක්වා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඇඳුම් වෙලුණු ගමන් ගේ ඇතුලට ගන්න. නිකන් හරි ඔයාගේ ඇඳුම් වැඩියෙන් අව්වට පිච්චිලා නම්, අයන් කරද්දී  වතුර බිංදු කීහිපයක් රෙදි මතට ඉහින්න.

ඇස්ප්‍රින් භාවිතා කරන්න

සුදු පාට ඇඳුම් අඳින්න ගොඩක් කාන්තාවන් වගේම පිරිමි පාර්ශවයන් ද වැඩි කැමැත්තක් දක්වනවා. හැමෝම වගේ කැමති සුදු පාට ඇඳුම් වල පාට වෙනස් වෙන්නේ නැතිව තියෙනවා නම්. සුදු ඇඳුම් කහ පාට වෙන නිසා ගොඩක් අය සුදු ඇඳුම් මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. සුදු ඇඳුම් හෝදන වේලාවට ඇස්ප්‍රින් පෙති ටිකක් රෙදි සෝදන යන්ත්‍රයට දාන්න මතක තියා ගන්න.

මවුත් වොෂ් භාවිතා කරන්න

ඔයා අඳින ඇඳුම් වල පිරිසිදුකම ඔයාගේ සෞඛ්‍ය කෙරෙහි බලපානවා. රෙදි සෝදන යන්ත්‍රයේ නියම ක්‍රියාකාරිත්වය ලබා ගැනීමට නම්  යන්ත්‍රය පිරිසිදුව සහ විෂබීජ නැතිව තියෙන්න ඕනා. යන්ත්‍රයේ දුවිල්ල විෂබිජ තියෙනවා නම් ඔයාගේ ඇඳුම් වලත් ඒවා තැවරිලා ඔයාගේ ඇඳුම් වලට හානි කරනවා. ඒ නිසා රෙදි සෝදන කුඩු දාන කොටසට මවුත් වොෂ් ටිකක් දලා යන්ත්‍රය ක්‍රියා කරන්න එමගින් ඔයාට දිලිර සහ බැක්ටීරියා ඉවත් කර ගන්න පුළුවන්.

පාට අනුව ඇඳුම් වෙන් කරන්න එපා

හැමෝම වගේ කරන දෙයක් පාට අනුව ඇඳුම් වෙන් කරලා රෙදි සෝදන එක. එහෙම කරන්න එපා. ඇඳුමේ ඝනකම අනුව තෝරලා සෝදන්න. නැත්තම් තුනී එහෙමත් නැතිනම් සැහැල්ලු රෙද්දක් තිබුනොත් නාස්ති වෙලා යනවා. අන්න ඒ නිසා පාට නැතිව ඇඳුමේ ඝනකම අනුව වෙන්කරන්න. තව මතක තියා ගන්න සුදු ඇඳුම් හැමමෙලවේම වෙනම හෝදන්න. කොයි වෙලාවෙවත් රෙදි සෝදන යන්ත්‍රයේ උෂ්ණත්වය ෆැරන්හයිට් 85හේ තියන්න එපා. ඒකෙන් ඔයාගේ ඇඳුමේ පාට වෙනස් වෙනවා.

Hair Dryer එක භාවිතා කරන්න

සාමාන්‍ය සේදුමකින් යවන්න බැරි, තද කහට පැල්ලම් ලේසියෙන්ම යවන්න පුළුවන් Hair Dryer එකකින්. මුලින්ම Hair Dryer එක පාවිච්චි කරලා පැල්ලම ඇති තැන රත් කරලා ඊට පස්සේ එතනට සබන් කුඩු ස්වල්පයක් දලා ටික වේලාවකින් රෙදි සෝදන යන්ත්‍රයට දමන්න.

මේ ක්‍රම වලින් ඔයාගේ ඇඳුම් වල අලුත් පෙනුම ඔයාට කාලයක් තියාගන්න පුළුවන්. හැමදාම සල්ලි වියදම් කරන්නේ නැතිව විලාසිතා කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1169 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:20:19 PM
Script:/article/1169/do-you-like-to-keep-your-clothes-look-new-everyday.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:20:19 PM
Script:/article/1169/do-you-like-to-keep-your-clothes-look-new-everyday.html