තරබාරුව මට්ටු කරමු..

November 19, 2019
12,266
Lets control obesity
සිසිවන උවන ඉඟ සුග ගත හැකි මිටින
නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන

අද අප කතා කරන ශරීර ස්කන්ධ දර්ශකය ගැන එදා කතා වුනේ මේ විදිහටයි. එදා පටන් අද දක්වාම කාන්තාවකගේ ලස්සන ගැන කතා වුනේ සිහින් සිරුරක් මුල් කර ගෙනයි. ඉතින් අදටත් හැඩකාරියකගේ හැඩ රැකගන්න නම් අපේ ශරීරයේ තරබාරුව මට්ටු කර ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි හෙවත් හැඩකාරියන් විසින්ම ස්වයංපාලනයක් පනවා ගත හැකි පුංචි ඉඟි කීපයක් මේ...

ආහාර පිසීමේදී කුළුබඩු එකතු කරන්න...

අද හැඩකාරියන්ගේ ආහාර පිලියෙල කිරීම බොහොම ඉන්ස්ටන්ට්. ඒ හින්දා රසකාරක, වර්ණ කාරක ටිකක් එකතු කරල බොහොම සරලව සෝස් අතිරේකයක් සමග ආහාර ගැනීමේ කලාවක් තිබුනත් එයින් ටිකක් ඈත් වීම වැදගත්. ඔබ නොදැන සිටියත් මයෝනිස් වලින් ආහාරයට කැලරි 108 ක්ද, සෝස් හැන්දකින් කැලරි 20 ක්ද එකතු වෙනවා. ඒ නිසා ආහාර පිසින විට හැකි තරම් කුලුබඩු එකතු වුනොත් ඒවායේ ස්වභාවයෙන්ම අන්තර්ගත රසායන සංයෝගයන් මගින් අපේ සිරුරේ මේද ගබඩා වීම වලක්වන නිසා තරබාරුවට බොහොම හොද විසදුමක් ලැබේවි.

ආහාර පිසින භාජනත් වැදගත්...

අපි ආහාර පිසින විට භාවිතා කරන භාජනයත් ඉතාම වැදගත්. විශේෂයෙන් නොන්ස්ටික් භාජනයක තෙම්පරාදු කරන විට ඒවා වැඩියෙන් ආහාරයට එකතු වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම අඩු තෙල් ස්වල්පයකින් තෙම්පරාදු කර ගැනීමට පුලුවන්. ඉතින් නොන්ස්ටික් භාජනවලින් ආහාර සකස් කර ගැනීමත් පහසුයි. පිරිසිදු කර ගැනීමත් සරලයි.

වැඩි වේලාවක් හපන්න...

අපේ හැඩකාරියෝ කියන මේ කතාව ඔබ අහලා ඇති. අනේ..කෑවා නොවෙයි, ගිල්ලා..වෙන දෙයක් තබා හපන්නවත් වෙලාවක් නැහැ. ඔහොම කිව්වත් ඔබ මේ ටික අමතක කරන්න එපා. ඔබ ආහාරයක් හතළිස් වතාවක් හැපුවොත් ඒ ආහාරයම පහළොස් වතාවක් හපනවාට වඩා අඩු කැලරි ශක්තියක් එකතු වෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා පෝෂණය පිළිබඳ චිකිත්සාගාරය සදහන් කරනවා.

පළතුරු යුෂ හා එළවලු වැඩිපුර ආහාරයට

තරබාරුව මට්ටු කර ගන්න කැමැති හැඩකාරියන්ට මේ ආරංචිය ඉතාම සුබයි. හැබැයි දැන් ට්‍රෙන්ඩ් එකට නම් එලවළු පළතුරු මේ අයගේ ලිස්ට් එකෙන් බොහොම ඈතයි. කෙටි කැම, බයිට් වර්ග, ලුණු සහ වෙනත් රසකාරක සහිත ආහාරවලට වඩා හැකි තරම් එලවළු හා පළතුරු ආහාරයට ගන්න. එයින් ඔබේ සිරුරට අනවශ්‍ය විදිහට මේද ගබඩා වීමක් නැහැ. ඒ නිසාම කොලස්ටරෝල් වගේ අතුරු ආබාධයන්ගෙනුත් නිදහස් වෙන්න පුලුවනි.

නින්ද

දැන් බොහෝ හැඩකාරියන් නයිට් ඩේටා වලින් ප්‍රෙයෝජන ගැනීමට වෙර දරන නිසාම රාත්‍රිය අවදිව සිටින කලාවක් නොදැනීම ඇති වෙලා. සුවදායක නින්දක් ජීවිතයේ නිරෝගී පැවැත්මට ඉතාම අවශ්‍ය වෙනවා. කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයක පෙන්වා දෙන්නේ නින්ද මගින් කැලරි ශක්තිය 300 ක් දහනය වෙන බවයි. ඉතින් හැඩකාරියන් නයිට් ඩේටාවලට වඩා නින්දට තැනක් ලබා දුන්නොත් ජීවිතයේ නිරෝගිතාවය ආරක්ෂා කර ගැනීම විතරක් නොවෙයි, හැඩකාර සිරුරක් වෙනුවෙනුත් අයිතිය ලැබේවි.

සිහියෙන් ආහාර ගන්න

අපි ආහාර ගනිද්දී වෙනත් කාර්යක යෙදෙමින් ආහාර ගැනීමට යොමු වීම ගැන හිතන්නේ කාලය ඉතිරි කර ගැනීමේ මාර්ගයක් විදිහටයි. ඒත් ඔබ වැරදියි. සිහියෙන් ආහාර ගනිද්දී ඒ වෙනුවෙන් අවධානය යොමු වෙන නිසා අනවශ්‍ය විදිහට ආහාර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් වෙනත් වැඩක නිරත වෙමින් ආහාර ගනිද්දී සීමාවක් නැතුව කෑමට යොමු වීම නිසා ආහාර පංගුව වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා නිතරම ආහාරපාන ගැනීමේදී සිහියෙන් යුතුව ඒ වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1448 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:29:09 AM
Script:/article/1448/lets-control-obesity.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:29:10 AM
Script:/article/1448/lets-control-obesity.html