කුරුළෑ සහිත මුහුණ මේක් අප් කරද්දී මේ දේවල් දැනගෙන ඉන්න

October 7, 2020
6,854
Consider these when you make up skin with pimple
අපි ලස්සන පෙනුමක් ලබා ගන්න කියලා හිතන් බොහෝ කාලයක්, වෑයමක් සහ මුදලක් රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් යොදවනවා. ඔබ දන්නවාද ඇමරිකානුවන් වාර්ෂිකව ඩොලර් බිලියන 9 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීම්, ස්ක්‍රබ්, කන්සීලර් සහ සම පිරිසිදු, පැහැදිලි හා වඩා තරුණ පෙනුමක් ඇති කරවන බව පවසන ආලේපන සඳහා වැය කරනවා. හාස්‍යයට කරුණ තමයි ඒ විදිහට සමේ පෙනුම වඩාත් හොඳින් තබා ගැනීමට මිනිස්සු විශ්වාසය තබන නිෂ්පාදන වලින්ම තමයි මිනිස් සමට විශාල හානියක් වෙන්නේ. මොකද වැරදි මේක් අප් හෝ ක්‍රීම් භාවිතා කිරීමෙන් අපි සැඟවීමට දැඩි උත්සාහයක් ගන්නා කුරුලෑ උද්දීපනය වෙන්න පුලුවන්. ඉතින් කුරුලෑ සහිත සමක් හොඳින් රැකබලා ගැනීම සඳහා පරෙස්සමින් රූපලාවණ්‍ය නිෂ්පාදන යෙදීම අවශ්‍ය වෙනවා. ඔබේ සමේ සිදුරු අවහිර නොවන නිෂ්පාදන සහ සමේ ආසාදන වලට හේතු නොවෙන නිෂ්පාදන සොයා ගැනීමට නම් ඒවායේ ලේබල් කියවලා බලලා, සමට සුදුසු නම් විතරක් එම රූපලාවණ්‍ය නිෂ්පාදන මිල දී ගන්න එක පුරුද්දක් කරගන්න. ඒ වගේම අද අපි ඔබට කියන්නම් කුරුළෑ තියෙද්දී රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරා ගන්නේ කොහොමද කියලා...

මොයිස්චරයිසර් සහ කුරුලෑ
මොයිස්චරයිසර් කියන්නේ කුරුලෑ සහිත සමකට දෙන්න ඕනේ රැකවරණයේ අත්‍යවශ්‍ය අංගයක්. ඔබ සමට වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් ඔබේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් නියම කරන ලද හෝ නිර්දේශ කරන ලද කුරුලෑ ප්‍රතිකාර වල බෙන්සොයිල් පෙරොක්සයිඩ් වගේ වියළන ද්‍රව්‍ය අඩංගු වෙන්න පුලුවන්. ඒවා හරහා ඔබේ සමෙන් තෙතමනය උරා ගන්න අතර සමහර අයගේ සම මත එම ප්‍රතිකාර නිසා රතු පැහැයක් සහ දැවිල්ලක් ඇති වෙන්න පුලුවන්. ඒත් හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් මගින් ඔබේ සමේ ජලය රඳවා තබා ගන්නා අතර අපිරිසිදු වියළීම් හා සමේ පොතු ගැලවී යාම් වළක්වා ගන්න පුලුවන්.

සෙවිය යුතු දේ: "non-comedogenic" ලෙස ලේබල් කර ඇති මෘදු, තෙල් රහිත මොයිස්චරයිසර් එකක් තෝරන්න. ඒක ඔබේ මුහුණේ සමේ සිදුරු අවහිර නොකරන හොඳ ක්‍රමයක් වෙයි. සමේ තෙතමනය රඳවා ගන්නා glycerin හා hyaluronic අම්ලය වගේ අමුද්‍රව්‍ය ගැනද සොයා බලන්න. ඔබ වැළකෙන්න ඕනේ මොන වගේ අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වලින් ද දන්නවාද? කොකෝවා බටර්, මිනරල් ඔයිල් හෝ cold cream වගේ කුරුලෑ නිපදවන අමුද්‍රව්‍ය අඩංගු අධික තෙල් සහිත නිෂ්පාදන මිල දී ගන්න එපා.

කුරුලෑ සඳහා ඔබ ස්ක්‍රබ් සහ ෆේස් මාස්ක් භාවිතා කළ යුතුද?
ප්‍රවීණයන් පවසන්නේ කුරුලෑ මර්දනය කිරීම සඳහා ෆේස් මාස් සහ ස්ක්‍රබ් අවශ්‍ය වෙන්නේ නෑ කියලායි. ඒ වෙනුවට ඔබේ සමේ වර්ගය (තෙල් සහිත, වියලි හෝ මිශ්‍ර) සඳහා සකස් කර ඇති මෘදු, සීරීම් ඇති නොකරන ක්ලෙන්සර් එකක් පාවිච්චි කිරීම මඟින් ඔබේ මුහුණ කුරුලෑ රහිතව තබා ගැනීමට බෙහෙවින් උදවු වෙන්න පුලුවන්.

කුරුලෑ තියනකොට මේක් අප් කිරීම
සියවස් ගණනාවක් තිස්සේ අතීතයේ ජීවත් වුණු කාන්තාවන් වගේම වර්තමනයේ ජීවත් වෙන කාන්තාවන් විදිහට අපිත් අපේ මුහුණේ කැළැල් සහිත ප්‍රදේශ වසන් කරන්න උත්සහ කරනවා. වර්ෂ1600 ගණන් වලදී කාන්තාවන් වසූරිය කැළැල් සැඟවීම සඳහා තරු හා සඳ හැඩැති සිල්ක් පැච් පැළඳගෙන ඉඳලා තියනවා. වර්තමානයේ අපි අපේ කුරුලෑ සැඟවීමට මේක් අප් භාවිතා කරනවා. නමුත් ඔබට කුරුලෑ තියනකොට ඒවා ආවරණය කිරීමට මේක් අප් ස්ථර කීපයක් යොදන එක නම් කිසිම වෙලාවක හොඳ දෙයක් නෙමෙයි. මේක් අප් වලින් කුරුලෑ සඟවන එක ලේසි වෙන්න පුලුවන්, නමුත් ඔබ වැරදි ආකාරයේ කන්සීලර් තට්ටු යොදමින් කුරුළෑ වහන විට තවත් මේ කුරුලෑ මතුවෙලා පෙනෙන්නට පුලුවන්. කුරුලෑ ප්‍රතිකාර නිසා මුහුණේ ඇති වෙන බොහෝමයක් රතු පැහැයන් සහ පොතු ගැලවීම් වලට ද ඝන මේක් අප් යෙදීමෙන් අවලස්සනට පෙනෙන්න පුලුවන්.

මේක් අප් මිලදී ගන්නා විට ඔබ සොයාබැලිය යුතු දේවල්
ඔබේ මේක් අප් නිෂ්පාදන, ඒ කියන්නේ බ්ලෂ් එකේ ඉඳන් අයි ශැඩෝ එක දක්වා සෑම නිෂ්පාදනයක් ම තෙල් රහිත, කුරුලෑ වර්ධනය නොකරන, ආසාදන ඇති නොකරන, දැවිල්ල ඇති නොකරන නිෂ්පාදන වෙන්න ඕනේ. මුහුණට නිෂ්පාදනයක් තෝරා ගනිද්දී මුලින්ම ඒකේ සඳහන් වෙලා තියෙන අමු ද්‍රව්‍ය ගැන කියවන්න - තියෙන්න ඕනේ මුල්ම දේ ජලයයි. සාමාන්‍යයෙන් Mineral-based ආලේපනවල සිලිකා (silica), ටයිටේනියම් ඩයොක්සයිඩ් (titanium dioxide) සහ සින්ක් ඔක්සයිඩ් (zinc oxide) වගේ අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒවා තෙල් අවශෝෂණය කරමින් සමේ දැවිල්ල සහ ආසාදන ඇති නොකර කුරුලෑ ඇති කිරීම ද වළක්වනවා. ඔබ බලන්න ඕනේ තවත් අමුද්‍රව්‍යයක් වෙන්නේ dimethicone. මෙය ඔබේ සම සුමට කරනමින් රතු පැහැයන් ද සඟවවනවා.

ඒ වගේම ඔබේ සමේ වර්ණය ට ගැලපෙන අවුන්ඩේශන් එකක් තෝරා ගන්න. ෆවුන්ඩේශන් යොදනකොට, ෆවුන්ඩේශන් පොඩි ප්‍රමාණයකින් ලොකු ප්‍රදේශයක් ආවරණය කරන්න. ඒ නිසා සමාන්‍යයෙන් ඔබේ මුහුණට අවශ්‍ය ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක පමණ ප්‍රමාණයක් පමාණක් භාවිතා කරන්න. ඔබේ මේක් අප් එක යොදන්න කලින් ඔබේ ෆවුන්ඩේශන් එකට මිනිත්තු කිහිපයක් වියළෙන්න ඉඩ දෙන්න.

ඔබ මේක් අප් එකක් යෙදුවාට පස්සේ ඔබේ සමේ රතු වීමක්, කැසීමක් හෝ ඉදිමීමක් ඇති වෙනවා නම් වහාම එම මේක් අප් භාවිතා කිරීම නවත්වන්න. ආලේපන වල අඩංගු සමහර සංඝටක වලින් සමහර අය තුළ contact dermatitis ලෙස හඳුන්වන ආසාත්මිකතා තත්ත්ව ඇති කරනවා.

කුරුලෑ ඇති අය සඳහා සන්ස්ක්‍රීන්
සන්ස්ක්‍රීන් වලින් කුරුලෑ ඇති කරන්නේ නෑ. කුරුලෑ සහිත සම බොහෝ වාරයක් හිරු එළියට පිළිස්සී යාමෙන් ඔබේ සම මත රේඛා සහ රැළි ඇති වෙන්න පුලුවන් අතර සමේ පිළිකා ඇතිවීමේ අවදානම ද තියෙනවා. ඒ නිසා ඔබ අවුවේ යනවා නම් අනිවාර්‍යෙන්ම සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරමින් අධික අව්වෙන් ඔබේ සම ආරක්ෂා කර ගන්න. 

අවම වශයෙන් SPF අගය 30 සහිත සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. අවම වශයෙන් 6% ක් වත් සින්ක් ඔක්සයිඩ් වගේ බාහිරින් හිරු එළිය අවහිර කරන නිෂ්පාදනයක අඩංගු UVA සහ UVB ආලෝකයෙන් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න. ජලය මත පදනම් වූ හෝ සැහැල්ලු දියර මත පදනම් වූ ජෙල් නිෂ්පාදනයක් හෝ ස්ප්‍රේ සන් ස්ක්‍රීන් එකක් සමේ පිම්පල් ඇති අයට වඩාත් සුදුසුයි. ඒ වගේම ඔබට ඝන නැති, මෘදු ලෝෂන් එකක් හෝ සහ powder sunscreen ගැන ද සොයා බලන්න පුලුවන්. මතක් කරලා ලේබලයේ “noncomedogenic” කියලා තියනවාද බලන්න. ඒකෙන් අදහස් කරන්නේ එය ඔබේ සමේ සිදුරු අවහිර නොකරන බවයි. ඒ වගේම ඔබේ සංවේදී සමට ආසාදන ඇති කරන්න පුලුවන් PABA සහ benzophenone වගේ රසායනික ද්‍රව්‍ය ඔබ මිල දී ගන්න සන්ස්ක්‍රීන් නිෂ්පාදනයේ අඩංගු ද කියන එක ගැනත් විමසිල්ලෙන් බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1860 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:13:20 AM
Script:/article/1860/consider-these-when-you-make-up-skin-with-pimple.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:13:20 AM
Script:/article/1860/consider-these-when-you-make-up-skin-with-pimple.html