මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි?

April 4, 2017
25,616
Sri Lankan Wedding Traditions
කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති වුවද කාන්තාවකට තියන පිරිසිදුබාවය නැතිවෙන්න ඉඩ තියනවා. නමුත් අතීතයේ පටන් දියුණු වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබද දැනුමක් පැරැන්නන් තුළ නොතිබුනා කියන්න අමාරුයි. කාන්තාවක් වහලියක් සේ සළකනවා වෙනුවට කාන්තාවක් වටිනවා කියල සිතුවේ කාන්තාවකගේ මේ පාරිශුද්ධිය තිබෙන නිසාය.

ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ශාරීරික ලක්ෂණ එකිනෙකට වෙනස්. පිළිගත් සම්ප්‍රදායන් , වත්පිළිවෙත් සියල්ලන්ගෙන්ම ආරක්ෂා වීමට වැඩි බලපෑමක් තියෙන්නේ ස්ත්‍රියටයි. මෙවැනි වත්පිළිවෙත් වලින් ආරක්ෂා නොවන්නේනම් ඇය විනාශවීමේ වැඩි අවදානමක් පවතී. මන්ද මෙවැනි අනියම් සම්බන්ඳතාවයකින් අවසානයේ අසරණ වෙන්නේ කාන්තාවන්ය. මෙවැනි තත්වයකින් කාන්තාව ආරක්ෂා කරගැනීම සඳහා තමයි චාරිත්‍ර වාරිත්‍ර ඇඳහිලි පැරණි අය සිදු ක‍ලේ.

අතීතයේ දී කාන්තාවකට දියනෑමට පවා තනියම තොටුපලට යාමට ඉඩ දුන්නේ නැහැ. තොටුපල ළග යකුන් සිටිනවා යැයි බය කළා. එලෙස ඇයට මෙවැනි කාරණා පිළිබඳව දෙමාපියන් සූක්ෂම ලෙස කියා දී කාණ්ඩායම් වශයෙන් ආරක්ෂාකාරී ලෙස යාමට තමයි අවසර ලබා දුන්නෙ.

එසේ ඇයට දැඩි විනයක් හා ආරක්ෂාවක් ලබා දුන්නෙ පිරිමි ග්‍රහනයෙන් ඇයව ආරක්ෂා කර ගැනීම සඳහාය. මෙන්න මේ විනය තුළ තමයි සිංහල කුල කාන්තාවක් ඇගේ මඟුල් දිනය එළබෙන තුරු දෙමාපියන් ආරක්ෂා කරගනු ලැබුවේ. තම දියණියව විවාහ කර දීම සදහා චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කරනු ලබන අතරම ඉන් ප්‍රධාන සාධකය වන්නේ එම මනාලියගේ පාරිශුද්ධත්වය සනාථකර පෙන්වීමයි. මානාලිය හා මනාලයා ශුද්ධ තත්වයට පත්ව ඇති බව සනාථ කිරීම සඳහා මංගල පෝරුව නිර්මාණය කර පෝරුවක තැබීමක් සිදු කරයි. මංගල පෝරුව නිර්මාණය කිරීමේ දී එය තරමක් උස්ව සිටින අයුරින් සකස් කරන අතර ඒ සඳහා ඖෂධීය ගුණයෙන් යුතු ලීයක් භාවිතයට ගන්නා අතර එය අලංකාර ලෙස සරසයි.

මංගල දිනයේදී මනාලයා හා මනාලිය කැපී පෙනෙන ලෙස දිස්වනවා. විශේෂයෙන්ම මෙතනදී කාන්තාව අනෙක් අයට වඩා කැපී පෙනෙන ලෙස සිටීම සිදු කළා. මානාලියව එදින දෙවඟනක් ලෙස දිස්වන අයුරින් සරසවනවා. සියලුම ඇදුම් අතුරින් ඇය පැළඳ සිටින මාල හතට සුවිශේෂී ස්ථානයක් ලැබුණා. එකට එකක් විශාලවන පරිදි සකස් කෙරුණු මාලවල අවසාන මාලය මනාලියගේ දෙපතුල දක්වා දිගින් යුතු වුණා. අද නම් මෙය මනාලියගේ උස මිටි භාවය අනුව සකස් කරනු ලබනවා. මනාලිය විසින් පලදා සිටින මාල හත පෙති මාලය, ගෙඩි මාලය, කිරි බෝ මාලය, පොල් මල් මාලය, අගස්ති මාලය, ගෙල පෙති මාලය, තවලම් මාලය යන නම් වලින් හදුන්වනු ලබන අතර මේ සියලුම මාල අවසානයේ පදක්කමක් තියනවා දක්නට ලැබෙනවා. තවද මෙම මාල හත පත්තිනි මෑණියන්ගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. මෙම මංගල මාල හත වටිනා ලෝහ හා මැණික් වලින් සාදනු ලැබුවද නිර්මාණය තුළ ගොඩනැගී තිබෙන්නේ අපට ප්‍රයෝජනවත් ස්වාභාවික ඖෂධ වන අරළු, බුළු, කිරි බෝ ඇට, පොල් මල්, අගස්ති ඇට ආදී ගෙඩි වල හැඩ වලට අනුකූලවයි.

මෙසේ වටිනා ලෝහ වලින් නිර්මාණය කර ඇති මාල හතෙන් පෙන්නුම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත් දෙනාගේ ගුණයි. අතීතයේ සිටම අද දක්වා අප විශ්වාසයකින් හා ගෞරව‍යෙන් දේවත්වයෙන් වැදුම් පිදුම් කරන එකම දෙවි කාන්තාව පත්තිනි මෑණියන්ය. එයට හේතුව කාන්තාවකගේ පිරිසිදු බව සංකේතවත් කරන නිසාවෙනි. කුල ගෙදරට යන පතිනියට මාල හත පළදා පෝරුවක චාරිත්‍ර ඉටු කර ඉන් අනතුරුවයි මනමාල මහතාට හා එම පිරිසට මනාලිය බාරදෙනු ලබන්නෙ. මංගල මාල හත එදිනට මනාලිය වන දියණියට පළදන්නේ ඇයත් පත්තිනි මෑණි කෙනෙකු විදියට සලකනු ලබන නිසාවෙනි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed