රුවගුණ වඩවන මේ වාසී අඩුවක් නැතුව ලබා ගන්න ඕන නම් පමා නොවී මුරුංගා ආහාරයට ගන්න

January 18, 2019
13,773
Beauty treatments with drumsticks
අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න එළවළු, පළතුරු ඕනවටත් වැඩියෙන් තෝරන්න පුරුදු වෙලා ඉන්නවා. කාන්තාවක් විදිහට මුළුතැන්ගෙයි උයන්න පිහින්න ගියාම මේ වගේ අත්දැකීම් ඔයාට ඕනවටත් වැඩියෙන් ඇති. විශේෂයෙන්ම ගෙදර කිහිපදෙනෙක් කැමති අකමැති එළවළු තෝරන්න ගියාම එයින් වැඩියෙන්ම අපහසුතාවට පත්වෙන්නේ ඔයා. ඉතිං ගොඩක් දෙනෙක් ප්‍රතික්ෂේප කරන එළවළුවක් තමයි මුරුංගා කියන්නේ. ඒත් අද හැඩකාරී අපි මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයා මුරුංගා ආහාරයට ගන්න එක නම් ප්‍රතික්ෂේප කරන එකක් නෑ. ලෝකයේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ආහාරයක් වන මුරුංගා ආහාරයට විතරක් නෙමෙයි දැන් දැන් රූපලාවණ්‍ය සත්කාරකවලටත් යොදා ගන්නවා. ඉතිං රූ සපුව ලස්සනට තියා ගන්න කැමති ඔයාට අද හැඩකාරී මේ කියන මුරුංගා රූපලාවණ්‍ය සත්කාර එකින් එක අත්හදා බලලා මේ කියන වාසී අඩුවක් නැතුව ලබා ගන්න පුළුවන්.

සම පැහැපත් කර ගන්න

ඔයාගේ මුහුණ දුර්වර්ණ වෙලා නම්, එසේත් නොමැති නම් අවපැහැ වෙලා නම් දැන් මුරුංගා රූපලාවණ්‍ය සත්කාරය මගින් ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු කරගත හැකියි. ඔයාගේ මුහුණට දිදුලන පැහැයක් ලබාගන්න ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. හොදින් පොතු ඉවත් කළ මුරුංගා කරලක මදය ඉවත් කරගෙන මුරුංගා යුෂ ලබා ගැනීමට බ්ලෙන්ඩර් කර ගන්න. මේ විදිහට ලබා ගත් මුරුංගා යුෂ මුහුණේ කුරුළෑ සහ ළප කැළැල් තියෙන තැන්වල ආලේප කරන්න. මිනිත්තු විස්සක් විතර ගියාට පස්සේ සීතල වතුරෙන් මුහුණ සෝදා ඉවත් කරන්න. ඉතිං මේ සත්කාරය දිනපතා වුණත් ඔයාට කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල හිතුවටත් වඩා ඉක්මනින් ලබා ගත හැකියි.

සමේ සිදුරු ඉවත් කර ගන්න

මුහුණේ සම මතුපිට ඇතිවන කුරුළෑ, ළප කැළැල්, බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් වැනි තත්ත්වයන් නිසා ඔයාගේ මුහුණේ තැනින් තැන කුඩා සිදුරු ඇති විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඔයාගේ මුහුණේ ඇති වුණොත් යළි යථා තත්ත්වයට මුහුණේ පෙනුම ලබා ගන්න අසීරුයි. ගොඩක් දෙනෙක් මුහුණේ මෙවැනි අතුරු සිදුරු නැති කර ගන්න විවිධ ක්‍රීම් වර්ග භාවිත කරනවා. ඉතිං ඔයා හරියට නොදැන ආලේප කරන ක්‍රීම් වර්ග නිසා ඔයාගේ මුහුණේ පෙනුම තවත් නැති වෙලා යන්න පුළුවන්. ඒත් අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන මේ මුරුංගා සත්කාරය කළොත් ඔයාගේ මුහුණේ මේ කියන තත්ත්වය ඉක්මනින් අකාමකා දමන්න පුළුවන්. මුරුංගාවල කොලජන් ප්‍රෝටීනය හොඳින් අන්තර්ගත වෙනවා. ඉතිං මේ ප්‍රෝටීනය තමයි ඔයාගේ මුහුණේ සිදුරු වසා දමන්න උපකාරී වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ සම වියපත් වෙනකොට එල්ලා වැටීම සිදුවෙනවා කියලා ඔයා දන්නවානේ. ඉතිං මුරුංගා යුෂ ආලේප කිරීමෙන් මෙවැනි තත්වයක් ඇති වීම බොහොම ඉක්මනින් අඩු කර ගන්න පුළුවන්.

මුරුංගාවලින් ෆේස්මාස්ක් එකක්

කාන්තාවන් ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගේ රූ සපුව ලස්සනට තියා ගන්න. ඉතිං මේ වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නොමැති තරම්. ගොඩක් කාන්තාවන් හරියට නොදැන කරන රූපලාව්‍ය සත්කාර නිසා අමාරුවේ වැටෙන්නේ තිබුණ ලස්සනත් නැති කරගෙන. විවිධ රසායනික සංඝටක අන්තර්ගත රූපලාවණ්‍ය සත්කාරවලට වඩා ස්වභාවික සත්කාරයක් අනුගමනය කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතිං මුරුංගා ෆේස්මාස්ක් එක කියන්නේ ඔයාගේ රූ සපුව ලස්සනට තියා ගන්න උපකාරී වෙන ඉතාමත් වටිනා සත්කාරයක්. මේ ෆේස්මාස්ක් එක හදා ගන්න ඔයාට අවශ්‍ය වෙන්නේ හරිම පුංචි දේවල් ටිකක්. ලෙමන් යුෂ හැදි භාගයක්, මී පැණි හැන්දක්, රෝසවතුර හැන්දක් භාජනයකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට මුරුංගා පවුඩර් තේ හැන්දක් එකතු කරලා හොඳින් කලවම් කර ගන්න. මේ විදිහට පිළියෙල කර ගත්ත ෆේස්මාස්ක් එක දැන් මුහුණේ හොඳින් ආලේප කරන්න. විනාඩි 15 ක් විතර මුහුණේ තිබුණට පස්සේ මාස්ක් එක හොදින් මුහුණේ සමට උරා ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් සිසිල් වතුරෙන් මුහුණ සෝදලා තෙත් ගතිය ඉවත් වුණාට පස්සේ මොයිස්චරයින් ක්‍රීම් එකක් මුහුණේ ආලේප කරන්න. ඉතිං සතියකට එක් වතාවක් විතර ඔයා මේ සත්කාරය කරනකොට මුහුණට දීප්තිමත් පැහැයක් ඉක්මනින්ම ලබාගත හැකියි.

වයසට යාම වළක්වා ගන්න

වයසට යන එකට නම් කොයි කවුරුත් එක වගේ අකමැතියිනේ. ඒත් ඉතිං වයසට යනවා කියන්නේ රෝගයක් නම් නෙමෙයි. වයසට යන එක ඔයාට, මට වගේම අපි කාටවත් නවත්තන්න බැරි වුණාට ඔන්න ඉතිං උනන්දුව සහ උවමනාව තියෙනෙවා නම් වයසක පෙනුම ටිකක් අඩු කර ගන්න හැකියාව තියෙනවා. ඔයා මුරුංගා ආහාරයට ගන්න පුරුද්ද ඇති කර ගත්තොත් කාලයත් එක්ක වයසක පෙනුම අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මුරුංගා වලින් නිපදනවන තෙල් සහා මුරුංගා පවුඩර් ආහාරයට එකතු කර ගැනීමෙන් මේ වියපත් පෙනුම අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඉතිං මෙතෙක් කල් ඔයා ඔයාගේ එළවළු වට්ටෝරු වලින් මුරුංගා ඉවත් කරලා තිබුණා නම් අද ඉඳලා මුරුංගා ආහාරයට අරගෙන මේ කියන වාසීය ඉක්මනින්ම ළඟා කර ගන්න පුළුවන්.

දෙතොල්වලට පැහැයක් එකතු කර ගන්න

ආහාර රටාව සහ විවිධ තොල් ආලේපන භාවිතය නිසා ඔයාගේ දෙතොල්වල පැහැය දැනටමත් නැති වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ මුහුණ කොතරම් පැහැපත් වුණත් වැඩක් වෙන්නේ නැහැ දෙතොල් අවපැහැ වෙලා නම්. මොකද දෙතොල් අවපැහැ වෙනකොට ඔයාට පරිපුර්ණ ලස්සනක් ලැබෙන්නේ නැහැ. මුරුංගා කියන්නේ ඔයාගේ දෙතොල්වල අවපහැය අඩුකරලා දෙතොල්වලට මෘදු බවක් එකතු කරන රූපලාවණ්‍ය සත්කාරයක්. මුලින් සඳහන් කළා වගේ මුරුංගා තෙල් දෙතොල්වල ආලේප කිරීමෙන් දෙතොල්වල වියළීම අවම කරනවා. ඒ විතරක් නෙමෙයි දෙතොල්වල අවපැහැ ගතියද අඩු වෙනවා. ලෝකයේ බොහෝ රවටවල මුරුංගා භාවිත කරලා ලිප් බාම් නිෂ්පාදනය කරනවා. ඉතිං මේ වගේ ලිප් බාම් එකක් භාවිත කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   41,659
   31

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
10 symptoms shows you are pregnant
   44,769
   28

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Changes in your body if you consume cod-liver oil daily
   91,644
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Dress patterns for flower prints
   60,921
   25

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
5 skin care tips for your neck
   28,127
   24

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed