ඔහු වෙනුවෙන් තවමත් හිත හඬා වැටෙනවද?

March 14, 2018
6,266
Still crying for him?
විරහවේ වේදනාව නොවින්ඳ කෙනෙක් මේ ලෝකේ කොහේවත් නැහැ. ඒත් හැමදාමත් ඒ වේදනාවත් එක්ක ජිවත් වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. කෙනෙක් මත්තෙම තමන්ගේ මුළු ජිවිත කාලෙම දිය කරලා හරිනවට වඩා තමාගේ ජීවිතේට වටිනාකමක් දෙන්නයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන. ආදරෙන් පරාද වෙලා වේදනාවන් වලින් හිත පුරවාගෙන, හැම දේම අතෑරලා, ජීවිතේම අපායක් වගේ කියලා හිතන් ඉන්න අය අනිවාර්යෙන් මේ දේවල් ගැන අනිවාර්යෙන් හිතන්න.

1. වෙන් වෙන්න වුනු හේතුව ගැන හොඳට හිතන්න

ඔහු ඔබත් එක්ක තිබුණු ආදර කතාව නැවැත්තුවේ මොන හේතුවක් නිසාද කියන එක ගැන හොඳින් හිතන්න. ගොඩක් අය පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙලා බැඳීම් බිඳලා දානවා. ඒ වගේම තවත් අය ගොඩක් දුර කල්පනා කරලා එකිනෙකා ගැලපෙන්නේ නෑ කියලා හිතලා සම්බන්ධකම් නවත්තනවා. කොහොම වුනත් සම්බන්ධතාවය නවතා දැමීමෙන් දෙදෙනාටම යහපතක් වෙනවා නම් කරන්න තියෙන්නේ අනාගතේ ගැන හිතලා හිත හදා ගන්න එකයි. අමතක කරන්න බෑ කියලා මුළු අනාගතේම අඳුරේ දාන්න එපා.

2. ඔබව හොඳින් බලා ගන්න

කන්නේ නැතුව ඉඳීම හෝ වැඩියෙන් කාලා මහත් වීම කියන්නේ කිසිම දෙයක් වෙනස් කරන්න පුළුවන් හැසිරීම් නෙවෙයි. මේ වගේ නරක කාල ඕන තරම් අපේ ජිවිත වලට එනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන ඒ වගේ කාල වලදී ඔබ ඔබව වෙනදට වඩා හොඳින් බලා ගන්න එක. වෙලාවට ආහාර ගන්න සහ ව්‍යායාම, මානසික ආතතියෙන්මිදීම අනිවාර්යෙන් කල යුතුයි.

3. වෛරය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි

ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කිව්වට ආදරේ වෙනුවට ඊළඟට වෛර කරන්න හිතන එක කිසිම වෙලාවක අනුමත කරන්න බැහැ. අවංක බැඳීමක් බිඳී යාමෙන් වේදනා විඳින්නේ එක් අයෙක් විතරක් නෙවෙයි. ඒ නිසා දුක් වෙන්නේ ඔයා විතරක් කියලා හිතන්න එපා. අනිත් කෙනාටත් ඒ වේදනාව ඒ විදියටම දැනෙන්න පුළුවන්, දරාගැනීමේ හැකියාව අනුව විඳ දරා ගන්න විදිය තමයි වෙනස් වෙන්නේ. ආදරේට ආදරේ කරන්න. වෛරයට ළං වෙන්න දෙන්න එපා.

4. ඔබ අතෙත් වැරදි තියෙන්න පුළුවන්

ගොඩක් අයට අනුන්ගේ වැරදි පෙනුනට තමාගේ වැරදි පෙන්නේ හරි අඩුවෙන්. ආදර කතා වලත් ගොඩාක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ මේ නිසා. ඒ නිසා අනිත් කෙනාගේ වැරදි හොයන්න කලින් තමන්ගෙන් අනිත් අයට වෙන්න තියෙන වැරදි අවම කර ගන්න. වරද ඔබේ නම් සමාව ගන්න. සම්බන්ධතාවය බිඳුනේ ඔබ කළ වරදක් නිසා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න, අනිත් කෙනා පිට වරද පටවන්න, ඔහුට බැන වදින්නට යන්න එපා. නිහතමානීව වරද පිළිගන්න. අවංකවම සමාව ඉල්ලන්න.

5.ආදරය කියන්නේ හිමි කර ගන්න එකමද?

කොහෙත්ම නැහැ. එත් ගොඩාක් දෙනෙක් ආදරය කරන්නේ ඒ අදහස හිතේ තියාගෙන. ආදරය කරන කෙනා එක්ක හැමදාම ඉන්න තියෙනවා නම් ඒ තරම් වාසනාවක් තවත් නැහැ. එත් අපි හැමෝටම ඉරණම කියලා දෙයක් තියෙනවා. අපට ඕන කරන හැම දේම අපේ කර ගන්න අපිට බැහැ .ආදරය කරන කෙනා මටම අයිති වෙන්න ඕන, වෙන කෙනෙක්ට ලං වෙන්න දෙන්නේ නැහැ කියලා හිතනවා නම් එතන තියෙන්නේ තණ්හාවක්. එත් ඇත්තටම ආදරය කියන්නේ පරිත්‍යාගයක්.

හිමි වුනු පෙම්වතුන් හැමදාමත් පෙම්වතුන් විදියට ජිවත් වෙන්නේ නෑ. ඒත් වෙන් වුණු පෙම්වතුන් හැමදාමත් පෙම්වතුන් විදියට ජිවත් වෙනවා. ඒක තමයි ඇත්ත.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 698 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:21:35 AM
Script:/article/698/still-crying-for-him.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:21:36 AM
Script:/article/698/still-crying-for-him.html