ඔබේ විවාහයේ සිර වෙලා ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙනවා ද?

August 14, 2020
6,106
Do you feel you are stuck in your marriage?
හේතු කිහිපයක් නිසා ඔබ ඔබේ විවාහයේ සිර වෙලා සිටින බවක් ඔබට දැනෙන්න පුලුවන්. ආරම්භයේදී ඔබ ඔබේ සැමියා මත අධික ලෙස රැඳි පවතිමින් ජීවත් වෙන නිසා මෙතනින් එහාට ඔබට ඔහු නැතුව තනිවම ජීවත් වෙනවා කියන එකත් සිතිය නොහැකි කරණයක් ලෙස සිතෙනවා ඇති. ඒ වගේම ගැටළුවකදී ඔබට සහ ඔබේ සැමියාට එකඟත්වයකට එන්න බැරි තරමේ වෙනස්කම් තියනවා කියලා දැනගත්තාම ඔබ කොටු වෙලා ඇති බවක් දැනෙන්නට පුළුවන්. නමුත් ඔබ දැනටමත් විවාහ වෙලා නම් දරුවන් දුක් විඳිනවා බලන්න ඔබට අවශ්‍ය නැති නිසා ඔබට ඔහුව හැර යන්නේ නැතුව ඉන්නවා ඇති. නමුත් එම කාරණා ඇත්තක් නම්, ඔබව ගිල ගන්න එම හැඟීමෙන් මිදෙන්නට ඔබට බැරි නම්, ඇත්ත වශයෙන්ම ඔබේ ජිවිතයේ සමස්ත යහපැවැත්මට ම ඒකෙන් ලොකු හානියක් වෙන්න පුලුවන්.

ඒ වගේම ඔබ දවසේ වැඩි හරියක් නිවසේ ගත කරන්නේ හුදකලා කාලයක් නම් ඒ වගේ වාතාවරණයක් තුළදී ඔබට හුස්ම හිරවන තරමටම වේදනා සහගත හැඟීම් උග්‍ර වෙන්න පුලුවන්. ඒ නිසා පරෙස්සම් වෙන්න. ඔබව කොටු වෙලා ඇති බව දැනෙන එක නැවැත්වීමට මේ විදිහට උත්සාහ ගන්න..

සහයෝගය ලබා ගන්න

ඔබ වටේට ශක්තිමත් ආධාරක පද්ධතියක් ගොඩනැගීමට මෙම කාලය හා අවස්ථාව ගන්න. ඔබේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සමඟ නිතරම සම්බන්ධ වෙන්න බලන්න. ඔබ අවට ලෝකයෙන් හුදෙකලා නොවී නිහඬ ව දුක් විඳින්න සූදානම් වෙන්න එපා. ඔබ තනි වෙලා නෑ කියලා හැඟෙන සමීපතමයන් සහ ආදරණීයයන් සමඟ දිනපතා කතා කරන්න.

ස්වයං රැකවරණයකට අවධානය යොමු කරන්න

ඍණාත්මක හැඟීම් ඔබේ යහපැවැත්මට හානි ගෙන එනවා නම්, ඒ ගැන දැන්ම යමක් කිරීමට පටන් ගන්න! ඔබ ගැන සැලකිලිමත් වීම ආරම්භ කරන්න. ඔබේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න. හොඳින් ආහාර ගන්න, ව්‍යායාම කරන්න සහ නින්දට එන බාධා වලින් මිදෙන්න. ඔබේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා සමාජ මාධ්‍යවල සැරිසරන එක නවත්වන්න. ඒ වෙනුවට ගෘහස්ථ විනෝදාංශ කිහිපයක් අනුගමනය කරන්න. උදාහරණයක් විදිහට හොඳ පොතක් කියවන්න සහ ඔබට හැඟෙන දේවල් ලියන්න උත්සහ කරන්න. ගෙවතු වගාවක් කරන්න.

ඉලක්ක නැවත ආරම්භ කරන්න

ඔබේ විවාහයේ නොසතුට නිසා මෙච්චර කල් ඔබේ වෘත්තීය අරමුණු, අධ්‍යාපනික වැඩ පැත්තකට දාලා ද තිබ්බේ? එහෙනම් නැවත ඒවාට අවධානය යොමු කරන්න. ඔබේ වෘත්තිය නැවත ආරම්භ කළ හැකි ආකාරය ගැන සිතන්න. ඔබට දැනටමත් රැකියාවක් තිබෙනවා නම්, කරමින් සිටින හෝ කරන්නට තිබෙන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන්න. ජීවිතයේ ඉදිරියට යාමට නම් ඔබේ උත්සාහයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් හදන්න. ඔබ පූර්ණ කාලීනව වෘත්තීමය කටයුතු වලින් ඈත් වෙලා නම් හිටියේ, ඔබට ඉක්මනින් නව රැකියාවක් ලබා ගැනීමට පුලුවන් වෙන විදිහට ඔබේ නිපුණතා කීපයක් සංවර්ධනය කර ගන්නේ කොහොමද කියලා සිතන්න පටන් ගන්න.

අතහරින්න එපා

සමහර විට ඔබ හිතන තරමටම සියල්ල නැති වෙලා නැතුව ඇති. ඔබේ සම්බන්ධතාවයට දෙවන අවස්ථාවක් ලබා දෙන්න පුලුවන් උපාය මාර්ග ගැන සිතන්න. ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න අරගන්න අවසාන උත්සාහයත් අරන් බලන්න. ඔබට ඔබේ විවාහයේ ඉදිරියට යාමට අවශ්‍ය ආකාරය ඔබේ සහකරු සමඟ නිවැරදිව කතා කරන්න. කතා කරද්දී ඔහුගේ පැත්තටත් සවන් දෙන්න. අවසානයේදී බරපතළම තීරණය ගන්න තරම් අතිශයින්ම බලවත් හේතු ඔබ දෙපළට තියෙනවා නම් මිසක සම්බන්ධතාවය අත් හරින්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1772 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:24:23 PM
Script:/article/1772/do-you-feel-you-are-stuck-in-your-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:24:23 PM
Script:/article/1772/do-you-feel-you-are-stuck-in-your-marriage.html