ආදරේ කරනවා නම් මේ පොරොන්දු ඔබ විසින් රැකිය යුතුමයි

July 5, 2017
13,283
6 Promises that All Couples Should make  to Each Other
ආදරේ කියන්නේ සරල දෙයක් කියලා බැලූ බැල්මට හිතුනට ආදරේ කියන්නේ ඇත්තටම සංකීර්ණ දෙයක්. ඒ නිසාමනේ කතාවටත් කියන්නේ ආදරෙයි වෛරයයි අතර වෙනස කෙස් ගහකට සමානයි කියලා. හැබැයි ඉතින් ආදරේ කියන්නේ සංකීර්ණ දෙයක් කියලා හිතලා ආදරේ නොකර ඉන්න කෙනෙක් නැහැනේ. මේ නිසා මේ ආදරේ තියෙන සංකීර්ණ බව අඩු කරගෙන සැහැල්ලුවෙන් ඉන්න නම් ඔබ දෙදෙනාම එක්ව රැකිය යුතු පොරොන්දු කිහිපයක් ගැන අද අපි ඔබට කියන්න හිතුවා.

1. එකිනෙකා වෙනුවෙන් වේලාව සොයාගන්න පොරොන්දු වෙන්න

අද අපේ ජිවන රටාවත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වෙලාව කියන්නේ. හැබැයි මෙහෙම කියලා අපි අපේ සබදතාවය වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගත්තේ නැත්නම් අපිට වෙන්නේ දුර්වල සබදතාවයකට හිමිකම් කියන්න. මොකද ආදරය කරද්දී දෙන්නත් එක්ක එකට ගත කරන කාලය ගොඩක් වැදගත් වෙනවා සබදතාවය ශක්තිමත් වෙන්න. මේ නිසා ඔබ දෙදෙනාම කොයි තරම් කාර්යබහුල උනත් ඔබ දෙදෙනාටම පොරොන්දු වෙන්න ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය සොයාගන්නා බවට. ඒ වගේම ඒ පොරොන්දුව ඉටු කරන්නත් නිතරම මතක තියාගන්න.

2. එකිනෙකාට ඇහුන්කම් දෙන්න පොරොන්දු වෙන්න

ආදරයේදී කතාබහ කරන එක වගේම ඇහුන්කම් දෙන එකත් ගොඩක් වැදගත්. අනෙක් කාරණාව තමයි බොහෝ අවස්ථාවන් වල ආදර සබදතාවයන්ගේ ප්‍රශ්න ඇති වෙන්නෙත් එකිනෙකාට ඇහුන්කම් දෙන්නේ නැති නිසා. මේ නිසා ඔබ දෙදෙනාම එකිනෙකාට ඇහුන්කම් දෙන බවට පොරොන්දු වෙන්න ඒ වගේම ඒ පොරොන්දුව ඉටු කරන්න.

3. එකිනෙකාව වෙනස් කිරීමට උත්සහ නොකරන බවට පොරොන්දු වෙන්න

අපි ආදරේදී අපිට අවශ්‍ය කෙනාවම දකින්න උත්සහ කරනවා නම් සබදතාවයක් වැඩිකල් පවත්වාගෙන යන්න අපහසුයි. මේ නිසා අපිට අවශ්‍ය විදිහට අනෙක් කෙනාව වෙනස් කරගන්න උත්සහ කිරීම නම් එතරම් හොද දෙයක් නෙවෙයි. මොකද හැම කෙනෙක්ටම තමන්ගේ ජීවිතයේ අනන්‍යතාවයක් තියෙනවා. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ ඒ අනන්‍යතාවය වෙනස් කරගෙන වෙනස්ම කෙනෙක් බවට පත්වෙන්න. මේ නිසා ඔබ දෙදෙනාම පොරොන්දු වෙන්න එකිනෙකාව වෙනස් කිරීමට උත්සහ නොකරන බවට.

4. ජිවිතේ මොන දේ වුනත් වෙනස් නොවෙන බවට පොරොන්දු වෙන්න

අපිට ජිවිතේ හැම දවසක්ම එක වගේ සතුටින් ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජිවිතේ හොඳ වගේම නරක කාලත් උදාවෙනවා. හැබැයි ඇත්තටම ආදරය කරන දෙනෙක්ට මේ කිසිම දෙයක් තමන්ගේ සබදතාවයට බාධාවක් වෙන්නේ නැහැ. මේ නිසා පොරොන්දු වෙන්න ජිවිතේ මොන ප්‍රශ්න ආවත් වෙනස් නොවෙන බවට.

5. එකිනෙකාට ගරු කරන බවට පොරොන්දු වෙන්න

ආදරේදී එකිනෙකාට ගරු කිරීම තමයි සබදතාවක් ශක්තිමත්ව පවත්වාගෙන යන්න හේතු වෙන්නේ. ඔබ මොන තත්වෙක හිටියත් මොන වගේ කෙනෙක් උනත් අනෙක් කෙනා ගැන ඔබේ හිතේ තියෙන ගරුත්වය තමයි ඇත්තටම ඔබ දෙදෙනාව ලං කරලා තියන්නේ. මේ නිසා පොරොන්දු වෙන්න එකිනෙකාට ගරු කරන බවට.

6. එකිනෙකා විස්වාස කරන බවට පොරොන්දු වෙන්න

විශ්වාසයක් නැති තැනක ආදරයක් තියෙන්න විදිහක් නැහැ. එකිනෙකා එකිනෙකාව විශ්වාස කරන තරමට තමයි ආදරය සුන්දර එකක් බවට පත්වෙන්නේ. මේ නිසා පොරොන්දු වෙන්න ඔබ දෙදෙනාව ඔබ දෙදෙනාම විශ්වාස කරන බවට. එතකොට පුළුවන් ජීවිත කාලයම සතුටින් ගත කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 339 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:09:53 AM
Script:/article/339/6-promises-that-all-couples-should-make-to-each-other.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:09:53 AM
Script:/article/339/6-promises-that-all-couples-should-make-to-each-other.html