නින්ද ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සිදුවන හානි

August 23, 2021
2,834
How sleep affects the brain
ඔබ නිදාගන්නේ ඇයි..? ඔබ කෙදිනක හෝ එසේ සිතා තිබෙනවාද.. නැතිනම් සිරැරට විවේකයක් ලබාදීම පිණිස ඔබ නිදා ගන්නවාද..? නිදා ගැනීම සම්බන්ධයෙන් විවිධ මතවාදයන් අති අතර එය ඔබගේ සිරැරට සහ විශේෂයෙන් මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා ඉතා වැදගත් ක්‍රියාවක් බවයි නින්ද පිළිබදව කරනු ලැබ ඇති අධ්‍යනයන්ගෙන් හෙළිවී තිබෙන්නේ.. ව්ශේෂ‍යෙන් එම අධ්‍යනයන් මගින් නින්ද අවශ්‍ය වන්නේ ඇයි සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් අතිවන අහිතකර ප්‍රථිපලයන් සම්බන්ධයෙන් කරුණු රාශියක් ඉදිරීපත් කර තිබෙනවා.. ඔබ අනිවාර්‍යෙන් ඒ සමබන්ධයෙන් දැනුවත් විය යුතුයි..

ශක්තිමත් මතකයක් සඳහා නින්ද උපකාරි වනවා

නින්ද මගින් සිදුවන ප්‍රධාන කාර්‍යයක් නම් එය දිගුකාලීන මතකය ශක්තිමත් කරගැනීමට උපකාරි වනවා. ස්නායුක සබඳතා ශක්තිමත් කර අනවශ්‍ය ස්නායුක සබඳතා ඉවත්කර මතකයන් රඳවා ගැනීමට මොලය ක්‍රියා කරනවා. දිවා කාලයේදි මොළය බොහෝ ක්‍රියාකාරකම් සඳහා දායක වුවත් රාත්‍රී කාලයේ නින්ද ලබා ගැනීමෙන් මතකය හොඳින් රැදී පවතිනවා. විශේෂයෙන් දිවා කාලයේදි අප උගත් දෑ මතක තබා ගැනීමට රාත්‍රී නින්ද උපකාරි වන ආකාරය ඔබ බොහෝදෙනා අත්විඳ ඇති කාරණයක්.
නින්ද පිලිබඳව තවත් එක් වැදගත් සංසිද්ධියක් වන්නේ නින්ද මගින් සෘණාත්මක මතකය ඉවත් කිරීමත් පශ්චාත් කම්පන මානසික ආතතිය (Posttraumatic stress disorder (PTSD)) සහ මානසික අවපීඩන තත්ත්වයන් සමනය සඳහාත් සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටුකරනු ලැබීමයි.

නින්දේදි විෂ හරණය කිරීම

පසුගිය වසර කිහිපය තුල වෛද්‍ය ක්ශේත්‍රයේ සිදුකල දීප්තිමත්ම සොයාගැනීමක් වන්නේ අප සිරැර නින්දේ සිටින කාලයේදි මොළය මගින් විෂ හරණය සිදුකරනා බවයි. විශේෂයෙන් ඇල්සයිමර් (Alzheimer) නමැති රෝගයට අදාල β-amyloid protein හරණය සිදුකරනවා.

සංජානනය සඳහා නින්ද අවශ්‍ය වනවා

සංජානනමය කාර්ය්‍යන් ඒ කියන්නේ ඇසීම, පෙනීම සහ අවට සිදුවන දේ ගැන පරීක්ෂාකාරී බව සඳහා නින්ද අත්‍යවශ්‍ය සාධකයක්.. ප්‍රමාණවත් නින්දක් නොමැති නම් අවධානය, තීරණ ගැනීම ආදි බොහෝ කාරණා සඳහා බලපානු ලබනවා.. විශේෂයෙන් එය බහු කාර්‍ය ක්‍රියාවලින් (multitask) සඳහා සැලකියයුතු මට්ටමේ දායකත්වයක් දක්වනවා.. උදාහරණයක් ලෙස රිය පැදවීම අප බොහෝ දෙනා සිදුකරනු ලබන බහුකාර්‍ය ක්‍රියාවක් එහිදි අපගේ අත්, පා, ඇස් ආදි සියළුම් ඉන්ද්‍රියන් අප භාවිතා කරනු ලබනව.. නමුත් ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබු විට එම කාර්‍ය සඳහා අනිසි බලපෑම් සිදුකරනු ලබනවා.. බොහෝමයක් රිය අනතුරු වීම් සඳහා එය හේතුවක්ව තිබෙන්නේ එම නිසායි.

නින්ද ඔබගේ නිර්මාණශීලිත්වයට හේතුවක්

නිර්මාණශීලිත්වය සඳහා නින්ද ප්‍රධාන හේතුවක්.. ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සෑම විටම වෙහෙස මහන්සියෙන් සහා නොරුස්නා හැඟීමෙන් පිඩා විදින විට ඔබතුල නිර්මාණාත්මක හැඟීම පහල වන්නේ නැහැ.. නමුත් නින්ද තුළින් ලැබෙන ප්‍රබෝධවත් බව ඊට මග පෙන්වනු ලබනවා.

නින්ද නොයෑම සහ මානසික අවපීඩනය

ආතතියට පත්වූ එසේ නොමැතිනම් විවිධාකාරයේ මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් පීඩා විදින පුද්ගලයින්ගේ ප්‍රධාන රෝග ලක්ෂනය වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබීමයි. එසේ නොමැතිනම් ඇතැම් විට ඔවුන් දිනය පුරා අධික නින්දක් ලබා ගන්නවා.. මෙම දෙයාකාරයම අහිතකර තත්ත්වයක්. අධ්‍යනයන්ගෙන් හෙළිව තිබෙන්නේ රාත්‍රී කාලයේ පැය 6ත් 8ත් අතර නින්දක් නොලබන පුද්ගලයින් බොහෝ විට මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් පීඩා විඳින බවයි. නින්ද නොයෑම කාන්සිය සහ පීඩනය ඇති කරනු ලබනවා.

දිගුකාලයක් ජීවත්වීම සහ ශාරිරික සෞඛ්‍යය තත්ත්වය

රාත්‍රියේ ප්‍රමානවත් පරිදි නින්දක් නොලබන පුද්ගලයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ තරබාරුව මෙන්ම ඇතැම් හෘද රෝග ඇතිවීම සඳහාද අවධානාකට මුහුණදෙන බව අධ්‍යනයන් මගින් හෙළිව තිබෙනවා. ප්‍රමාණවත් නින්දක් ලබා අවධිවීම් සිරැරේ සියළුම ඉන්ද්‍රියන්ගෙ ක්‍රියාකාරිත්වය සඳහා ධනාත්මක බලපෑම් එල්ල කරනු ලබනවා.. එමනිසා නිරෝගි පුද්ගලයකුට දිනකට පැය 6ත් 8ත් අතර නින්දක් ලබා ගැනීම සුදුසු වනවා.

කුඩා දරුවන් සඳහා නින්ද ඉතා අත්‍යවශ්‍ය සාධකයක්

ඔබ නිවසේ කුඩා දරුවකු සිටීනම් ඔවුන් ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නා විට ඇතිවන බලපෑම ඔබ ඉතා හොඳින් දන්නවා ඇති.. නින්ද කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක්. එමෙන්ම රාත්‍රියෙ හුස්ම ගැනීමේ අපහසුව සහ වෙනත් හේතුන් නිසා ප්‍රමාණවත් නින්දක් නොලබන ළමුන් තුළ නිසි පරිදි නින්ද ලබාගන්නා ළමුන්ට වඩා Attention deficit hyperactivity disorder (ADHD) ලක්ශණ පවතින බව සොයාගෙන තිබෙනවා.. එමනිසා කුඩා දරුවන් සඳහා ඔවුන්ගේ වයසට අදාලව නිදාගත යුතු කාලසීමාව ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් කාරණයක්.

ඇතැම් විට ඔබ අධික ලෙස කාර්‍යබහුල නම් ඔබට නින්ද එතරම් වැදගත් නොවන බව හෝ එය ඔබට හිමිකම් කිව නොහැකි සුඛෝපභෝගි දෙයක් ලෙස හැඟේවි.. නමුත් ඇත්ත වශයෙන්ම නින්ද යනු සෑම පුද්ගලයකු සඳහාම අත්‍යවශ්‍ය සාධකයක් සහ එය භුක්ති විදීම ඔබගේ අයිතියක් ලෙසයි සැලකිය යුත්තේ… එමනිසා නින්ද පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ක්‍රියාකිරීම ඔබගේ ශාරිරික සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඉතාමත් වැදගත් වන බවයි හැඩකාරි අපගේ අදහස වන්නේ..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   51,329
   41

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   30,150
   23

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා
How to reduce under arm sweating
   21,496
   21

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   95,468
   20

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Dress patterns for flower prints
   65,476
   15

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed