ලේසියෙන් සුව නොවෙන කැස්සට ඉක්මන් සුවය දෙන හොඳම ඖෂධ

December 16, 2017
14,533
Best and easy remedies for cough
සාමාන්‍යයෙන් කැස්ස වැළඳුනොත් සුව වෙන්න ටිකක් කල් යනවා. ඒ වගේම අපිව එය නිතර අපිව අපහසුතාවයට පත් කරවනවා. ආදරයයි කැස්සයි හංගන්න බෑ කියනවනේ. ඒ කතාව ඇත්ත. කැස්සක් ආවොත් ඒක හිර කරන් ඉන්න එක හරිම අමාරු දෙයක්. අපිව අපහසුතාවයට පත් කරන දෙයක්. හැම කෙනෙක්ම ඒ අපහසුතාවයට මුහුණ දීලා ඇතිනේ. එත් දැන් එහෙම දුක් විඳින්න ඕන නැහැ. කැස්සක් හැදුනු ගමන් ඔයාට මෙන්න මේ ප්‍රතිකාර කර ගන්න පුළුවන් නම් කැස්ස නිසා තැනක් නොතැනක් නැතුව අපහසුතාවයට පත් නොවී රෝගී තත්ත්වයත් සම්පුර්ණයෙන්ම සුව කර ගන්න පුළුවන්. ඒ වගේම ස්වාභාවික ප්‍රතිකාර ඔයාගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්නෙත් නැහැ.

මී පැණි කියන්නේ බොහෝ රෝගී තත්ත්වයන්ට සුවය ගෙන දෙන දිවය ඖෂධයක් වැනි දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මී පැණි යොදාගෙන කරදරකාරී කැස්ස මට්ටු කරන්න ඔයාට ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තමයි මේ.

1. කැස්සට ලෙමන් සහ මී පැණි

මී පැණි තේ හැදි 1ක්
ලෙමන් යුෂ තේ හැදි 2 ක්

මේ අමු ද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කර පානය කරන්න. සුව වන තෙක් දිනකට තුන් වතාවක් පානය කරන්න. ලෙමන් වල ඇති විටමින් C කැස්ස ඇති වීමට හේතු වුනු ආසාදනයන්ට එරෙහිව සටන් කරන අතර මි පැණි වලින් කැස්ස නිසා හට ගන්න උගුරේ දැවිල්ල සුව කරනවා.

2. ඉඟුරු සහ මි පැණි

උණු වතුර කෝප්ප 3 ක්
මධ්‍යම ප්‍රමාණයේ ඉඟුරු කැබැල්ලක යුෂ හෝ ඉඟුරු කුඩු මේස හැඳි 2ක්
ගම්මිරිස් තේ හැඳි 1ක්
මි පැණි තේ හැඳි 2ක්

උණු වතුර කෝප්ප 3ට ඉඟුරු හා ගම්මිරිස් එකතු විනාඩි 5ක් පමණ තියෙන්නට හැර එයට මී පැණි එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් මේ පානය පැය හතරකට වරක් තේ හැඳි 1 බැගින් පානය කරන්න. කැස්සට ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්

3. කුරුඳු හා මී පැණි

මී පැණි තේ හැඳි 1ක්
කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කර දිනකට දෙවරක් අහාරයට ගැනීමෙන් කැස්සට සුවය ලබා ගන්න පුළුවන්.

4. කිරි, කහ සහ මී පැණි

හොඳින් උණු කර ගත් කිරි කෝප්ප 1ක්
කහ කුඩු මේස හැඳි 1ක්
කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්
මී පැණි තේ හැඳි 2ක්

කිරි කෝප්ප එක හොඳින් උණු කර ගෙන ඉන් පසුව කිරි එක ලිප තියෙද්දීම එයට කහ එකතු කර හොඳින් කලවම් මද වෙලාවක් උණු කර ගන්න. එයට කුරුඳු කුඩු සහ මී පැණි එකතු කර තවත් මද වෙලාවක් කිරි උණු කර ගන්න. මදක් නිවෙන්නට හැර පානය කරන්න. සුව වනතෙක් දවසට දෙවරක් පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 580 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:47:54 AM
Script:/article/580/best-and-easy-remedies-for-cough.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:47:54 AM
Script:/article/580/best-and-easy-remedies-for-cough.html