දිනකට දෙවරක් මේ දේ ආහාරයට ගැනීමෙන් දියවැඩියා අවධානම 40%කින් අඩුවන බව ඔබ දන්නවාද?

December 1, 2021
6,821
Eating this two times a day reduce the risk of diabetes
දියවැඩියා රෝගයට ස්ථීර ප්‍රථිකාර නොමැති වුවත් එය ඖෂධ සහ ආහාර මගින් පාලනය කල හැකියි.. නමුත් එය දෙවන වර්ගයේ දියවැඩියාව තත්ත්වයක් ලෙස වර්ධනය වීම වළක්වා ගැනීමට ඔබගේ ජීවන රටාව සහ ආහාර පුරුදු මගින් හැකියාව තිබේ. විශේෂයෙන් නවතම පර්යේශණයකින් දිනකට දෙවරක් පළතුරු ආහාරයට ආහාරවේලට එක්කර ගැනීම මගින් දියවැඩියාව ඇතිවීමේ අවධානම සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව හෙළිව තිබෙනවා.

සම්පූර්ණ නැවුම් පළතුරු පරිභෝජනය කරන පුද්ගලයන්ට වසර 5ක් ඇතුලත දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවධානම සියයට 36කින් අඩුව තිබෙනවා. නමුත් ඔබ පළතුරු යුෂ නොව නැවුම් සම්පූර්ණ පළතුරු ආහාරයට ගත යුතුයි. එමෙන්ම පළතුරු ඇතුලත් ආහාරවේල් ලබාගැනීම දියවැඩියා අවධානමෙන් මිදීමට ඇති සාර්ථක ක්‍රමයක් බවටයි පර්‍යේශකයන් හදුන්වන්නේ..

නමුත් ඔබ සම්පූර්ණ පළතුරු පරිභෝජනය කල යුතුයි
දියවැඩියා අවධානමෙන් මිදීමට පළතුරු යුශ, පළතුරු අඩංගු ආහාර නොව ඔබ ආහාරයට ගත යුත්තේ සම්පූර්ණ පළතුරුයි.



පළතුරු ආහාරයට ගැනීම සහ ඉන්සියුලින්
නූතන පර්‍යේශනයන්ට අනුව පලතුරු ආහාරයට ගැනීම සහ ඉන්සියුලින් සංවේදීතාවයේ සබඳතාවයක් ඇතිබව සොයාගෙන තිබෙනවා. ඉන්සියුලින් යනු රුධිරයේ සීනි නියාමනය කිරීමට උපකාරී වන හෝමෝනයකි.. පර්‍යේශකයන්ට අනුව වැඩිපුර පළතුරු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ රුධිරයේ සීනි අඩු කිරීමට අඩුවෙන් ඉන්සියුලින් නිපදවනවා. විශේෂයෙන් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමත් ඉන්සියුලින් නිපදවීම වේගවත් වීම යන කාරණා දෙකම සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා.. එමෙන්ම සිරැරේ අධික ලෙස ඉන්සියුලින් උත්පාදනය (hyperinsulinemia) දියවැඩියාවට පමණක් නොව, අධි රුධිර පීඩනය, තරබාරුකම සහ හෘද රෝග ඇතිවීම හා සම්බන්ධ වනවා.

දෙවන වර්ගයේ දියවැඩියාව ලොව පුරා මිලියන ගණනාවක් ජනයා පීඩාවට පත්කර තිබෙනවා.

ලොව පුරා මිලියන ගණනක් ජනතාව දෙවන වර්ගයේ දියවැඩියාව රෝගයෙන් පීඩා විදින අතර විටක එය මාරාන්තික බලපෑම්ද එල්ල කරනු ලබනවා.. දියවැඩියාව මාරාන්තික වීම වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ එය කළමනාකරණය කර ගැනීමයි. නමුත් හඳුණාගැනිමට පෙර එය ශරීරයේ ඔබ නොදැනුවත්වම වර්ධනය විය හැකියි.

එමනිසා පූර්ව දියවැඩියා රෝග ලක්ෂන වන නිතර මුත්‍රා කිරීම, පිපාසය, කුසගින්න, නොපැහැදිලි පෙනීම, හිරිවැටීම හෝ අත් පා හිරි වැටීම, තෙහෙට්ටුව සහ වියළි සම වැනි ලක්ෂණ ඇතිවු මුල් අවස්ථාවේම ඒ පිළිබඳ සැලකිලිමත් වී නිසිපරීදි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2103 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:53:02 AM
Script:/article/2103/eating-this-two-times-a-day-reduce-the-risk-of-diabetes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:53:02 AM
Script:/article/2103/eating-this-two-times-a-day-reduce-the-risk-of-diabetes.html