කිසිදු ව්‍යායාමයකින් තොරව උදරයේ මේද තට්ටුව අඩු කර ගැනීමට හොඳම ක්‍රම

July 17, 2020
15,687
How to reduce belly fat without exercise
වර්තමානයේ කාන්තාවන් අතර ඇති පොදු ගැටළුවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. පැතලි බඩකට හිමිකම් කියන්න අපි කවුරුත් කැමතියි නේ. එහෙනම් සමබර ආහාර වේලක් සමග හොඳ ව්‍යායාම කිරීමේ පුරුද්දක් ඇති කර ගන්න ඕනේ. නමුත් ඔයාගේ කාර්යබහුල කාලසටහන සමඟ ව්‍යායාම කිරීමට කාලය වෙන් කර ගැනීමට අමාරු වෙන්න පුළුවන්. නමුත් කරදර වෙන්න එපා. ව්‍යායාම නොකර බඩ අඩු කර ගන්න මෙම සරල කරුණු ටික අනුගමනය කරලා බලන්න. 

ව්‍යායාමයකින් තොරව බඩේ ඇති මේද තට්ටුව අඩු කර ගන්නේ කොහොමද?

1. සීනි අත් හරින්න
ඇසුරුම් කළ පළතුරු යුෂ පානය කරන සෑම අවස්ථාවකම ඔයා ප​ළතුරු අනුභව කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරග​ත වෙනවා. ඇසුරුම් කරන ලද යුෂ සැබෑ ප​ළතුරු යුෂ යැයි පැවසුවද ඒවායේ සීනි, රසකාරක සහ වර්ණය ඉහළ මට්ටමක පවතිනවා. ඉතිං ඒවායෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න ඕනේ.

අපි සියල්ලන්ම පාහේ පැණිර​ස දේවල් කන්න කැමතියි. ඉතිං කේක් සහ පේස්ට්‍රි අනුභව කිරීම ගොඩක් අයට අත්හරින්න බැහැ. නමුත් හැකි තාක් අඩු සීනි, සීනි ආදේශ​ක, ඩාක් චොකලට් සහ පැණිරස අඩු රසකැවිලි ආහාරයට ගන්න.    

2. විටමින් C ප්‍රමාණය වැඩි කිරීම

විටමින් C බොහෝ සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීමට උපකාරී වෙනවා. දොඩම්, ලෙමන්, දෙහි, නාරං, බෙල් පෙපර්, බ්රොකොලි, මිදි, කිවි වැනි ප​ළතුරු වල විටමින් C, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ සින්ක් වැනි විටමින් සහ ඛනිජ ලවණ අඩංගුයි. විටමින් C ආහාර ජීර්ණයට සහ රුධිර පීඩනය යහපත් ක​ර ගැනීමට උපකාරී වෙනවා. සෑම දිනකම  අවම වශයෙන් විටමින් C ඇති එක් පළතුරක්වත් අනුභව කිරීම හොඳ අදහසක්.

3. වැඩිපුර ප්‍රෝටීන් අනුභව කරන්න

පරිවෘත්තීය ක්‍රියාවලියට සහ  කුසගින්න අඩු කිරීමට ප්‍රෝටීන් වැදගත් වන අතර උදරයේ ඇති මේදය අඩු කිරීමට උපකාරී වෙනවා. මාළු, චිකන් ස්ටූ, සෝයා, පරිප්පු සහ හතු ඔයාගේ ආහාර වේලට ඇතුළත් කර​ගන්න. 

4. නිදහසේ සෙමින් ඇවිදින්න

ව්‍යායාමයකින් තොරව බඩේ ඇති මේද තට්ටුව අඩු කර ගැනීමට හොඳම ක්‍රමය මෙන්න. ඔයාගේ පරිවෘත්තීය ක්‍රියාවලි​ය වැඩි දියුණු කිරීමට සහ අමතර මේදය දහනය කිරීමට විනාඩි 30 ක කාලයක් නිදහසේ සෙමින් ඇවිදීම හොඳ අදහසක්. ඔයා පාරේ ඇවිදින්න යා​ම හෝ සුරතලාව උද්‍යානයේ ඇවිදීමට රැගෙන යාම කරන්න. නිදහසේ සෙමෙන් ඇවිදීම ව්‍යායාමයක් ලෙස ගණන් ගන්නේ නැහැ.

5. හොඳින් නිදාගන්න

ව්‍යායාමයකින් තොරව බඩේ මේද තට්ටුව අඩු කරන්නේ කොහොමද? කණගාටු වෙන්න එපා. ඔයා කනස්සල්ලට පත්ව සිටින විට ඔයාගේ ශරීරය ආතති හෝමෝන සහ steroid නිපදවයි. මේවා ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියට සෘජුවම බලපාන අතර බඩ පිපීම සහ ම​ළ බද්ධයට හේතු වෙනවා. ඉතිං ඔයා සෑම දිනකම සන්සුන්ව සිටීමට සහ නිසි පරිදි විවේකය ලබා ගැනීම​ට වග බලා ගන්න. සෑම දිනකම අවම වශයෙන් පැය හතක්වත් නිදාගන්න. සංගීතයට සවන් දී සැහැල්ලුවෙන් කටයුතු කරන්න.

6. සෑම දිනකම තුන් වරක්වත් කිරි ආහාර ලබා දෙන්න

කිරි, යෝගට්, බටර්මිලක් සහ චීස් වැනි කිරි නිෂ්පාදන මගින් ඔයාගේ ප්‍රතිශක්තිය වැඩි කරයි, ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි, අස්ථි ශක්තිමත් කරයි. වැදගත්ම දෙය තමයි සමීක්ෂණයක් මගින් සොයාගෙන තියෙනවා, මේදය අඩු යෝගට් දිනපතා ආහාරයට ගන්නා කෙනෙකුගේ උදරය, අඩු කැලරි ආහාර ගන්නා කෙනෙකුගේ උදරයට වඩා අඩු බව.

කිරි ආහාර මගින් මාංසපේශි සිහින් කරන අතර මේද රඳවා ගැනීම අවම කරනවා.

මෙම ආහාර මගින් කුසට පිරුණු හැඟීමක් ඇති කරවන අතර, තවදුරටත් ආහාර ගැනීමට අවශ්‍ය නොවන බව මොළයට සංඥාවක් නිකුත් කරයි.

පහත සඳහන් පාන වර්ග මගින්ද උදරය මට්ටු කරගන්න පුළුවන්

ලෙමන් සමඟ උණුසුම් වතුර පානය කිරීම

උණුසුම් ජලය සමග ලෙමන් / දෙහි යුෂ පානය කිරීමෙන් මේදය අඩු කර ගත හැක. එය විද්‍යාත්මකව ඔප්පු කර නොමැති නමුත් ජලය හා ලෙමන් ශරීරයේ විෂ ද්‍රව්‍ය පිරිසිදු කිරීමට උපකාරී වනවා. මෙය පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

මී පැණි 

උණුසුම් ජලය සහ දෙහි යුෂ සමග මී පැණි ටිකක් එකතු කර පානය කිරීමෙන් මේදය අඩු කිරීම​ට උපකාරී වෙනවා. මෙය විද්‍යාත්මකව සනාථ කර නොතිබුණද, එමගින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම​ට උපකාරී වෙයි.

උදෑසන ජලය පානය කිරීම

බර අඩු කර ගැනීම සඳහා උදෑසන වතුර වීදුරුවක් පානය කළ හැක. එයට දෙහි යුෂ, මී පැණි හෝ ඇපල් සයිඩර් විනාකිරි​ද එකතු කළ හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1706 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:21:56 AM
Script:/article/1706/how-to-reduce-belly-fat-without-exercise.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:21:56 AM
Script:/article/1706/how-to-reduce-belly-fat-without-exercise.html