ඔහු පරමාදර්ශී ස්වාමිපුරුෂයෙක් බව හැඟවෙන ලක්ෂණ

July 18, 2020
7,483
Is he an ideal husband?
මේ ලෝකයේ කිසි කෙනෙක් සීයයට සීයක් පරිපූර්ණ නැහැ. මුල් කාලයෙදී අපි ආදරයෙන් බැදෙන කෙනා ගුණ යහපත්, ලස්සන සහ අවංකයි කියලා අපිට සිතෙනවා. කොහොම වුණත් ටික කාලයක් ගියාට පස්සේ තමයි ඔහුගේ වැරදි පෙන්න ගන්නෙ. ඉතින් ජිවිත ගමන යන්න අපි නිවැරදි පුද්ගලයා තෝරාගෙන තියෙනවාද කියලා අපිට සැකයක් මතු වෙන්න පටන් ගන්නවා. අද හැඩකාරී අපි පරිපූර්ණ සහකරු සමඟ විවාහ වී ඇති බව හැගවෙන ලක්ෂණ මේ ලිපියෙන් කියන්න හිතුවා. 

1. ඔහු දුෂ්කරතාවන්ට බිය නොවන අතර ඕනෑම ගැටළුවක් විසඳීමට සූදානම්ය
ගතිගුණ වලින් හොඳ මිනිසෙක් ලස්සන වචන කථා කරනවා විතරක් නෙමෙයි නිවැරදි තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නවා. අසීරු අවස්ථාවන්හිදී, ඔයාගේ දුකේදී ඕනෑම වෙලාවක ඔයාව සනසන්න ඔහු සැමවිටම සූදානම්.

2. ඔහුට තනිවම රාත්‍රී ආහාරය පිළියෙළ කළ හැක
නූතන කාන්තාවන් සිතන්නේ පිරිමියෙකු වූවත් ඔහු ආහාර පිසීමට දක්ෂ කෙනෙකු කියන්නේ පරමාදර්ශී ස්වාමිපුරුෂයෙකු බවයි. ඔහුට විශේෂ දෙයක් කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයාව සතුටු කරන්න පොඩි දෙයක් හරි කරනවා. ඔහු කොමඩු ගෙඩියක් කපා පිඟාන මත පිළිවෙලට තබා ඔයා වෙත ගෙනෙන්නෙ නම් එමගින් කාන්තාවක් සතුටු කරන්න පුළුවන්.

3. වැරැද්දක් කළත් ඔහු සැමවිටම ඔයාට සහාය වෙනවා
අපි සියල්ලන් අතින්ම වැරදි සිදු වෙනවා. ඔයාගෙ වැරදි වලදි ඔහු සැමවිටම ඔයාගේ පැත්ත ගන්නවාද? ඕනෑම අවස්ථාවක, ඔයා අතින් සිදු වන වැරදි වලට ඔහු ඔයාට දොස් පැවරීම කරන්නෙ නැතිව ඔවදන් දී වැරැද්ද නිවැරදි කර ගැනිමට අවස්ථාවක් දෙමින් ඇයට සහායක් වෙනවා. 

4. ඔහු විස්තරාත්මකව අවධානය යොමු කරයි
මෙයින් අදහස් කරන්නේ ඔහු ඔයාගේ ජීවිතයේ සෑම දෙයක් ගැනම දැන සිටිය යුතු බව සහ හමු වූ දිනයේ ඔයා ඇඳ සිටි දේ මතක තබා ගත යුතු බවයි. ඔහු ඔයාට වැදගත් වන දේවල් සැලකිල්ලට ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාගේ තේ එකට ඔයා කොපමණ සීනි ප්‍රමාණයක් දානවද සහ ඔයාගේ ප්‍රියතම ගීතය කුමක්දැයි ඔහු දැන සිටිය යුතුයි.

5. ඔහු බුද්ධිමත් 
ඇයට හුඟාක් වැදගත් වන්නේ, ජීවිතයේ සාමාන්‍ය ගැටලුවලට විසදුමක් සොයා ගත හැකි මිනිසෙක්. ඔයා මව සමඟ රණ්ඩු වුනු අවස්ථාවක ඔයාගේ සැමියාට ඔයාට හොඳ උපදෙස් දීමට පුලුවන් නම්, ඔයා හරිම වාසනාවන්තයි.

6. ඔබව දිරිමත් කරන්නේ කෙසේදැයි ඔහු දන්නවා
ඔයාට නරකක් දැනෙන විට, ඔයාව සතුටු කරන්නේ කොහොමද කියලා ඔහු දන්නවා. ඔහු විහිළුවක් කරනවා, ඔයාගේ සිතට සහාය වෙන වචන කියනවා, නැතහොත් ඔයාට හොඳක් දැනෙන ඕනැම දෙයක් ඔයා වෙනුවෙන් ඔහු කරන්න සුදානම්.

7. කතා කර එකඟ වීම් වලට එළඹෙන්න ඔහු දන්නවා
පරමාදර්ශී මිනිසෙක් ගැටලුවකදී හැසිරිය යුතු ආකාරය දන්නවා. ඔයාට තර්ජනය නොකර හෝ අල්ලසක් නොමැතිව දෙදෙනාටම පොදු භාෂාවකින් කතා කර එකඟ විම් වලට එළඹෙන්න පුලුවන්. 

8. නිවසින් පිට වූ වහාම ඔහු ඔයාගේ ගැටළු ගැන අමතක කරන්නේ නැහැ
සාමාන්‍යයෙන් පිරිමින්ට වරකට එකකට වඩා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන්න අමාරුයි. නමුත් ආදරණීය පුද්ගලයෙක් සෑම විටම ඔයාගේ ගැටළු වලට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා.

9. ඔයාගේ මතය ඔහුට වැදගත් වේවි
ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ඇති සම්බන්ධය එකට ජීවත්වීම පමණක් නොව එකිනෙකාට මිතුරන් හා උපදේශකයින් බවට පත්විය යුතුයි. කොහොම වුණත් මිනිසෙකු තම බිරිඳගේ යටතේ සිටිය යුතු යැයි මින් අදහස් කරන්නෙ නැහැ. එකට තීරණ ගන්නා ආකාරය ඉගෙන ගැනීම ප්‍රීතිමත් විවාහයක තීරණාත්මක අංගයකි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1709 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:06:37 PM
Script:/article/1709/is-he-an-ideal-husband.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:06:38 PM
Script:/article/1709/is-he-an-ideal-husband.html