විවාහ සම්බන්දතාවයක් අතරමග බිද වැටෙන්න දෙදෙනා අතර ඇති අඩුපාඩු

July 22, 2019
9,866
defects to break a marriage
ආදරේ කරන කාලේදී හිතේ තියෙන සැහැල්ලුව, නිදහස විවාහ ජිවිතයක් ගත කරන්න ගත්තහම නැහැ. විවාහය කියන්නේ සරල බැදීමක් නම් නෙමෙයි. සැම යුවතියක්ම විවාහ දිවියට එළඹෙන්නේ සිහින ගොඩක් පොදි බැදගෙන වගේම ආදරණිය සහ සතුටින් පිරුණු  පවුල් ජිවිතයක් ගත කරන්න සිහින දකිමිනුයි. සමහර අවස්ථා වලදී පිරිමි පාර්ශවය අතින් සිදු වන යම් යම් අඩුපාඩු නිසා කාන්තාවකට විවාහ ජීවිතය එපා වී යන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට විවාහ සම්බන්දතාවයක් අතරමග බිද වැටෙන්න දෙදෙනා අතර ඇති අඩුපාඩු නිසා විවාහ ජීවිතයට බලපෑම් ඇති කරන්නේ කොහොමද කියලා කතා කරන්න හිතුවා.

ආදරයක් නොමැති ලිංගිකත්වයට වැඩි ඉඩ

ගොඩක් පවුල් වල විවාහ ජීවිතයේදී ප්‍රශ්න පැන නඟින්නට මුලික හේතුව තමයි ලිංගිකත්වය කියන්නේ. සැබෑවටම ආදරය කරනවා නම් ආදරය තුලදී ලිංගිකත්වය කියන්නේ එක වචනයක් විතරක් නෙමෙයි. ජිවිතයේ හුගාක් දේවල් තීරණය වෙන්නේ ලිංගිකත්වය මතයි. ගැහැණියකට අවශ්‍ය තම සැමියාගේ තුරුලේ සිට ආදරය විඳ ගැනීමටයි. නමුත් සැමියා ඇයව සොයන්නේ ඔහුගේ කායික අවශ්‍යතා සඳහා පමණක් නම් විවාහ ජීවිතයට බරපතල ගැටළුවක් එල්ල වෙනවා. සැමියා තමාට පෙර මෙන් ආදරය නොකරන බවත් සැමියා තමා වෙත එන්නේ ඔහුගේ කායික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට පමණක් බව වැටහීම ඇත්තටම වේදනාවකාරී හැගීමක් බිරිඳට ගෙන දෙනවා.

රහස් තබා ගැනීම

මේ කියන කාරණාව නම් ඉතිං අනිවාර්යෙන් පවුල් ජිවිතේ ප්‍රශ්න ඇති වෙන අද සාමාන්‍ය දෙයක් වෙලා. සැමියා තමාගේ පෞද්ගලික දේවල් බිරිඳට හංගනකොට ඇයට එය ඉවෙන් මෙන් දැනෙනවා. ෆෝන් එක ලොක් කර ගෙන ඉන්න කොට, කම්පියුටරය අල්ලන්නවත් ඉඩ නොදෙන කොට බිරිඳට සැමියා ගැන සැකයක් ඇති වෙන එක සාධාරණයි. මෙපමණ කාලයක් තමාට පෙන්වූ සෙනෙහස වෙන කෙනෙකුට හිමි වෙනවා ඇති යැයි උපකල්පනය කරමින් බිරිඳ සිතින් දුක් විඳින්නට පටන් ගන්නවා. අපහසුතා හිතේ තියාගෙන ඉන්නේ නැතුව අනිත් කෙනා එක්ක ඒවා ගැන කතා කරන්න. එමගින් දෙන්න අතරේ තියෙන බැඳීම් තවත් ශක්තිමත් වෙනවා.

අවතක්සේරු කිරීම 

පිරිමින්ට වඩා කාන්තාවක් කාය ශක්තියෙන් අඩුයි. නමුත් එමගින් අර්ථවත් වෙන්නේ කාන්තාවන් දුර්වලයි කියන එක නෙවේ. සමහර පිරිමි පාර්ශවයන් තමන්ගේ බිරිඳට නීති දාලා හිර කරන්න හදනවා. බිරිඳට මිතුරන් ඇසුරු කරන්න, තනියම ගමනක් යන්න තහනම් කරන ස්වාමි පුරුෂයෙක් ඉන්න එක බිරිඳට ලොකු හිසරදයක්. ඒ වගේම තමයි ඔවුන් නිතරම බිරිඳව අවතක්සේරු කරනවා. අපෝ ඔයාට ඕවා කරන්න බැහැ. ගෙදරට වෙලා දරුවෝ බලාගෙන ඉන්න කියන පිරිමි ඉන්නවා. මේක නෙමෙයි ඇත්තටම වෙන්න ඕනා සැමියා බිරිදට ශක්තියක් වෙන්න ඕනා. හැම දෙයක් ගැනම ධනාත්මක සිතුවිලි වලින් බිරිදව දිරි ගන්වන්න. 

විශේෂ අවස්ථා අමතක කිරීම

ජිවිතයේ වැදගත්ම දිනය වන්නේ තමාගේ උපන්දිනය නෙවෙයි, විවාහ දිනයයි. විවාහ සංවස්තර දිනය සැමියා සමඟ ආදරයෙන් වෙළෙන්නට ඇය සිහින දකිනවා. දෙදෙනා ආදරය කරන්න පටන් ගත්තට පස්සේ හමු වුන මුල්ම දවසේ අතින් අල්ලු විට දැනුන හැගීම් සහ ප්‍රථම හාදුවේදී දැනුන හැගීම් වගේ දේවල් ගැන නැවත සිහි කරන්න ඇය කැමති. නමුත් සැමියාට මේ දවස් මතක හිටින්නේවත් නැහැ. ආදරණිය සුබ පැතීමක් බලාපොරොත්තුවෙන් ඉන්න බිරිදට වේදනාවක් ගෙන දෙනවා. අමතක වීම් නිසා පවුලට දුකක් එකතු කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1376 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:43 AM
Script:/article/1376/defects-to-break-a-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:43 AM
Script:/article/1376/defects-to-break-a-marriage.html