මේ වගේ කොල්ලන්ට නම් ඕනේ යාළු කමකට වඩා වැඩි දෙයක්

September 19, 2017
8,108
7 signs that he wants to be more than friends
කෙල්ලෙක්ට පිරිමි යහළුවෝ ඉන්නවා කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක පුදුම වෙන්න තරම් දෙයක් නම් නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ යාළුකම් ටික කාලයක් යනකොට ආදර සබඳතා වලට පෙරලෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ වගේම ආදරය මැද්දට ඇවිත් ලස්සනට තිබුන යාලු කම නැති වෙන්න තියෙන ඉඩ කඩත් වැඩියි. කොහොම උනත් කෙල්ලෙක් යාලුවෙක් විදිහට කොල්ලෙක්ව ආශ්‍රය කරනවා නම් මේ දේවල් ගැන දැනගෙන ඉන්නම ඕනේ. මොකද කාලයක් යාලුවෝ විදිහට ඉදලා පිරිමි යාළුවාගේ හැසිරීම මේ විදිහට වෙනස් උනොත් එකෙන් කියවෙන්නේ එයා තව දුරටත් ඔයාගෙන් යාළුකමට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා කියන එකයි.

1. වෙනදට වඩා ඔබට උදවු කරන්න උත්සහ කරනවා නම්

පිරිමි යාලුවෙක් කෙල්ලෙක්ට උදවු කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් එකපාරටම වෙනදා නැති විදිහේ උනන්දුවකින් ඔබට උදවු කරන්න ඔහු පෙළඹෙනවා නම් මේකෙන් අදහස් වෙන්නේ ඔහුගේ හිතේ ඔබ ගැන ආදරයක් ඇතිවෙලා කියන එකයි.

2. ඔබේ ඇස් දිහා වැඩිපුර බලනවා නම්

ඔබ ඔහුත් සමඟ කතා බහ කරන විට ඔහු ඔබේ දෑස් දෙස වැඩිපුර බලනවා නම්. ඒ නිසා ඇතැම් විට ඔබට යම් අපහසුතාවයක් දැනෙනවා නම් මේකත් ඔහුට ඔබ ගැන ආදරයක් ඇතිවෙලා කියලා කියන්න පුළුවන් ලක්ෂණයක්.

3. ඔහු පුංචි පුංචි දේවල් වලට පවා ඔබට දුරකථන ඇමතුම් ගන්නවා නම්

ඔහු වෙනදාට වඩා ඔබට දුරකතනයෙන් කතා කරන්න උත්සහ කරනවා නම්. එක එක දේවල් කියමින් ඔබත් සමඟ වැඩි වෙලාවක් දුරකතනයෙන් කතා කරන්න උත්සහ කරනවා නම්. එකෙන් අදහස් වෙන්නෙත් ඔහුට ඔබ ගැන ආදරයක් ඇතිවෙලා කියන එකයි.

4. ඔබට වැඩිපුර සමීප වෙන්න උත්සහ කරනවා නම්

වෙනදාට වඩා වැඩිපුර ඔහු ඔබට සමීප වෙන්න උත්සහ කරනවා නම්. ඔබේ අතින් අල්ලන්න, වෙනදට වඩා ලං වෙලා ඔබ ළඟින් ඉඳගන්න උත්සහ කරනවා නම්, ඔබටත් ඔහුගේ හැසිරීමේ වෙනසක් දැනෙනවා නම් ඔහුට ඔබ ගැන ආදරයක් ඇතිවෙලා වෙන්න පුළුවන්.

5. ඔහුගේ අවධානය නිතරම ඔබ වෙත නම්

ඔබ යන එන තැන් කරන කියන දේවල් ගැන ඔහු වෙනදට වඩා අවධානයකින් ඉන්නවා නම්, ඒ වගේම ඔහුගේ පිරිමි මිතුරන් වත් මඟ හරිමින් ඔබත් සමඟ කාලය ගත කරන්න උත්සහ කරනවා නම් ඇත්තටම ඔහුට ඔබ ගැන ආදරයක් ඇති වෙලා වෙන්න පුළුවන්.

6. ඔබව වැඩිපුර විස්වාස කරන බව ඔබට දැනෙන්න ඉඩ හරිනවා නම්

සාමාන්‍යයෙන් පිරිමි ඒ අයගේ සිතුම් පැතුම් අදහස් තවත් කෙනෙක් එක්ක හුවමාරු කර ගන්නේ බොහොම කලාතුරකින්. නමුත් ඔහු ඔහුගේ හිතේ තියෙන දේවල් ඔබට කියන්න උත්සහ කරනවා නම් ඔහුට ඔබව විස්වාස බව ඔබට අඟවන්න උත්සහ කරනවා නම් ඔහු ඔබෙන් යහළු කමට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා.

7. ඔබ දෙදෙනා සම්බන්ධ කරමින් විහිලු කරනවා නම්

ඔහු ඔබ දෙදෙනා ගැන විවිධ දේවල් කියමින් විහිලු කරනවා නම්, ඔහු විහිළුවෙන් කියන්න උත්සහ කරන්නේ ඔහුගේ හිතේ තියෙන දේ වෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 421 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:05:13 AM
Script:/article/421/7-signs-that-he-wants-to-be-more-than-friends.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:05:13 AM
Script:/article/421/7-signs-that-he-wants-to-be-more-than-friends.html