ඔයාගේ මහත්තයාගේ මේ දේවල් ගැන වෙනත් අය එක්ක කවදාවත් කතා කරන්න එපා

July 21, 2018
7,494
Do not ever talk these about your husband
හැමොගේම ජීවිතේ කවදාවත් ඈත් කරලා තියන්න බැරි දේවල් අතරේ යාලූවෝ විශේෂයි. ඔයාගේ ජීවීතේත් ඔයාට යාලූවෝ ඕනෑ තරම් ඇති. පාසල් කාලයෙන් පටන් ගත්තම ඉති ඔයාට ඔයාගේ ජීවීතේ ගොඩක් තැන්වවලදී මදි නොකියන්න යාලූවෝ මුණ ගැහිලා ඇති. කොච්චර යාලූවෝ හිටියත් යාලූවෝ ඉතිං යාලූවෝමනේ. ඇත්තටම සමීපතම යාලූවෝ අතර රහස් නෑ. ඉදලා හිටලා පාර තොටකදි මුණ ගැහුණම තොරතෝංචියක් නැතුව ඔයා යාලූවෝ එක්ක කතා කරනවා ඇති. ඔයා විවාහ වෙලා දැන් විවාහක ජිවිතයක් ගත කරන කෙනෙක් නම් යාලූවෝ එක්ක කතා කරනකොට කට චුට්ටක් පරිස්සම් කර ගන්න වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ මහත්තයා සම්බන්ධව යාලූවෝ එක්ක කතා කළ යුතු හා නොකළ යුතු දේවල් ගොඩක් තියෙනනවා. හරියට මේ දේවල් තේරුම් නොගත්තොත් ඔයාගේ ජීවිතයේ විපතක එහෙමත් නැත්තම් කරදරයක ආරම්භය එතැන විය හැකියි. අද hadakari.com අපි එහෙම කියන්නේ ඇයිද කියලා ඔයා චුට්ටක් මේ ලිපිය කියවලම බලන්නකෝ.

ඔයාගේ මහත්තයා බියට පත් වෙන දේවල් ගැන කතා කරන්න එපා

ඔයා යාලූවොත් එක්ක චැට් එකට වැටුණොත් අනිවාර්යෙන්ම ආගිය දේවල් වගේම ඔයාගේ සමීපතමයන් ගැන කතා කරනවානේ. ඔයාගේ පෙම්වතා හෝ ඔයාගේ මහත්තයා ගැන කතා බහ කිරීමේදී ඔහු බියට පත්වෙන දේවල් ගැන යාලූවෝ එක්ක කියන්න යන්න එපා. සමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වය තමන්ට බය හිතෙන දේවල් ගැන අනිත් අය සමග කතා කරන්න මැලි බවක් දක්වන්නේ නෑ. ඒත් පිරිමි පාර්ශ්වය නම් එකට ගොඩක්ම කැමති නෑ. ඔයාගේ මහත්තයා විවිධ සත්තුන්ට බියක් දක්වනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් හයියෙන් අකුණු ගහනවට බය වෙන්න පුළුවන්. ඔයාගේ ස්වාමි පුරුෂයා හෝ පෙම්වතා මේ දේවල් සම්බන්ධව ඔයාට මේවා කියන්නේ ගොඩක් විශ්වාසයෙන්. ඔයා මේවා යාලූවොත් එක්ක කිව්වොත් විශ්වාසය බිදිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. අන්න ඒ නිසා සැමියාගේ මේ දේවල් ගැන යාලූවොත් එක්ක කතා කරන්න කලින් චුට්ටක් හිතලා බලන්න. ඔයා ඒ දේ කිව්වම පස්සේ මොන වගේ දෙයක් වෙයිද කියලා.

ඔයාගේ සැමියාගේ බාහිර ස්වරූපය

ඉදහිට ඔයාට මුණ ගැහෙන ඔයාගේ යාලූවෝ එක්ක අගක් මුලක් නැතුව ගිරව් වගේ ඔහේ කියවන එක ඉතිං සමාන්‍ය දෙයක් නේ. කොච්චර විහිලූ කතා, ඕපාදුප රස කර කර කියෙව්වත් කිසිම අවස්ථාවක ඔයාගේ පෙම්වතා හෝ සැමියාගේ බාහිර ස්වරූපය ගැන යාලූවෝ එක්ක කතා කරන්න යන්න නම් එපා. බාහිර ස්වරූපය, හැසිරීම ගැන යාලූවෝ එක්ක කතා කරන එක එච්චර නුවණට හොද දෙයක් නෙමෙයි. ඔයා හිතන්නේ නැතුව ඔයාගේ මහත්තයා ගැන යාලූවන්ට කියන දේවල් වලට යාලූවෝ දෙන ප්‍රති උත්තර නිසා ආපස්සට ඔයාගේ හිතම රිදේන තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔයාගේ මහත්තයා පිළිබදව ධනාත්මක දේවල් වැඩිපුර යාලූවෝ එක්ක කතා කරන්න.

ඔහුගේ හැසීරීම් රටාව ගැන කියන්න එපා

ඔයා මහත්තයාගේ කිසිම දෙයක් යාලූවෝ එක්ක කිව්වා කියලා ඒකට විධිමත් විසදුමක් හෝ පිළිතුරක් යාලූවන්ගෙන් ලැබෙනවා අඩුයිනේ. සමහර විය ඔයාගේ සැමියාගේ නරක පුරුදු තියෙන්න පුළුවන්. මත්පැන් පානය කරන එක, පිළිවෙලක් නැති බව, නිතරම ඔයා එක්ක රණ්ඩු වෙන්න උත්සාහ කිරීම වගේ කරදරකාරී හැසිරීම් ඔහු සතුව තියෙන්න පුළුවන්. කතාවටත් ඔයා අහලා ඇතිනේ ගෙදර "ගින්දර ගෙයින් පිටතට දෙන්න එපා" කියලා. ඉතිං ඔයාලා දෙන්නාගේ සෑම අඩුපාඩුවක්ම, වැරැද්දක්ම ඔයා නිවස ඇතුළේදීම නිවැරදි කර ගන්න. නිවසෙන් පිටතට රැගෙන යාමෙන් සිදු වෙන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනවා වගේ වැඩක්.

ඔහුගේ ඉපයීම් හා අසාර්ථක බව ගැන කතා කරන්න එපා

ඔයාගේ සැමියා අඩු ආදායමක් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළ තලයේ රැකියාවක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් කවදාවත් ඒවා යාලූවෝ එක්ක මේ දේවල ගැන කතා කරන්න යන්න එපා. ඒක ඔයාගේ ස්වාමියාගේ පෞර්ෂත්වයට ප්‍රබල බලපෑමක් වගේම ඒක ඔයාලා දෙන්නාගේ සම්බන්ධයට කරන ලොකු හානියක්. ඔයාගේ නිවස තුළ තියෙන අඩුපාඩු නිවසෙන් පිට කතා කරන්න එපා. දෙන්නත් එක්ක ගෙදරදීම කතාබහ කරලා ඒවාට විසදුම් සොයන්න. නිතරම ඔයාගේ යාලූවන්ට ඔයාගේ සැමියා ගැන ධනාත්මකව කතා කරන්න. එය ඔබ දෙදෙනාටම වැදගත් වේවී.

සැමියාගේ නොහැකියාවන්

නිවස, රැකියාව හෝ ජීවිතය තුළ ඔයාගේ සැමියාගේ නොහැකියාවන්, අසාර්ථක වීම් ගැන යාලූවො එක්ක කතා කරන්න යන්න එපා. මේ දේවල් කිව්වා කියන ඔයාටවත් මේ දේවල් අහන ඔයාගේ යහලූ හිතමිත්‍රාදින්ටවත් වැදගත් වෙන්නේ නෑ. හැම පිරිමියෙක්ටම එක විදිහට වැඩ කරන්න බෑ. පවුලක් සාර්ථකත්වයට රැගෙන යා යුත්තේ ස්වාමියා විතරක් නෙමෙයිනේ. ඒ නිසා බිරිද විදිහට ඔයාටත් ලොකු වගකීමක් තියෙනවා ඔයාගේ සැමියට අත්වාරුවක් වෙන්න. තැන තැන ගිහින් ඔයාගේ සැමියාගේ අඩුපාඩු කතා කරන වේලාවේ අනාගතය වෙනුවෙන් දෙන්නා එක්ක එකතු වෙලා අලූත් දෙයක් කරන්න හිතන්න. ඒක ඔයාලාගේ සාර්ථකත්වයට හේතුවක් වේවී.

සැමියාගේ අඩුපාඩු පිට අයට කියන්න එපා

සැමියාගේ හිතුවක්කාර වැඩ, මුරණ්ඩු වැඩ යාලූවෝ එක්ක කතා කරන්න එපා. මුලින්ම ඔයා ඔයාගේ මහත්තයත් එක්ක මේ ගැන කතා කරන්න. ඔහුට අවවාද කරන්න. යහලූවන්ට කිව්වා කියලා ඔයාට මේවගේ දේවල් වලට විසදුම් ලැබෙන්නේ නෑ.

සැමියාගේ මතවාද ගැන වෙනත් අය එක්ක කියන්න එපා

හැම කෙනෙක්ටම වගේම ඔයාගේ මත්තයටත් ආගමික හා දේශපාලන මතවාද තියෙනවා. ඒ අදහස් මතවාද ඔහුගේ පෞද්ගලිකත්වය හා බැදිලයි තියෙන්නේ. ඔයාට ඒ දේවල් කියන්නේ, ඔයා එක්ක කතා බහ කරන්නේ ඔයා ගැන තියෙන විශ්වාසය නිසා. ඒ නිසා කවදාවත් එවැනි දේවල් ගැන යහලූවෝ එක්ක කතා කරන්න එපා. එසේ සිදු වුවහොත් ඔයාලා දෙදෙනාගේ බැදීම දුරස් වෙන්න එය හේතුවක් විය හැකියි. ඒ නිසා කවදාවත් යාලූවන්ට මෙවැනි දේවල් පවසන්න එපා. ඒක ඔයා ඔයාලා දෙන්නටම කර ගන්න ලොකු වැරැද්දක්.

පවුල තුළ ඇති වුණු ආරවුල් ගැන කථා කරන්න එපා

පවුල් ජීවිතය තුළ ඔයාලා දෙන්නා අතර හෝ පවුලේ සෙසු සමාජිකයන් අතර විවිධාකාරයේ බහින්බස්වීම් හා ආරවුල් ඇති විය හැකියි. ඒ නිසා කවදාවත් ගේ ඇතුළේ සිදු වෙන පොඩි පොඩි ආරවුල් ගැන නිවසෙන් පිටතදී කතා කරන්න යන්න එපා. එයින් ඔයාලා දෙන්නා අතර තියෙන සම්බන්ධතාවයට බාධාවක් වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 959 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:08:37 PM
Script:/article/959/do-not-ever-talk-these-about-your-husband.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:08:38 PM
Script:/article/959/do-not-ever-talk-these-about-your-husband.html