ආශ්‍රය කරන කොල්ලා ඇත්තටම ඔබට ආදරෙයි ද? - II කොටස

June 26, 2017
12,701
Undeniable signs he's in love with you
ඔබ ආදරය කරන පිරිමියා ඇත්තටම ඔබට ආදරේද කියලා බලාගන්න පුළුවන් කාරනා කිහිපයක් ගැන අපි ලඟදි දවසක කතා කලානේ. තවත් දවසක් ඒ ගැන කතා කරනවා කියලා අපි කිව්වා ඔබට මතක ඇති. ඉතින් අද ඔන්න ඔබේ හිතේ ඉන්න කෙනාගේ හිතෙත් ඇත්තටම ඔබත් ඉන්නවාද කියලා තහවුරු කරගන්න පුළුවන් වෙන විදිහේ කාරනා කහිපයක් ගැනම අපි කතා කරනවා.

05. පාරක් ගහලා, මිරිකලා, ඉඹිනවා නම්

මොකක් ගැනද අපි මේ කියන්නේ කියලා හිතා ගන්න පුළුවන්ද? ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේ දෙයක් ගැන නම් නෙවෙයි හොඳේ. අපි කතා කරන්නේ ඔහුගේ ඇත්ත ආදරය ගැන. ඔහු ඔබට අත්තටම නම් ආදරය කරන්නේ ඔබේ හැමදේටම ආදරෙයි. විශේෂයෙන් ශරීරයේ හැම දේටම, එයිනුත් ඔබේ තට්ටම් වලට. ලැබෙන ඕනෙම වෙලාවක, ඔබේ තට්ටම් වලට පාරක් ගහලා, මිරකලා, පොඩි කරලා දානවානම්, ඒ කියන්නේ ඔහුගේ හිතේ තියෙන්නේ ඇත්තම ආදරයක්. මේක කියවද්දී පුදුමයි නේද?පිරිමි කියන්නේ මහා අමුතු ජාතියක් කියන්නේ නිකමට යෑ.

06. නිදන කාමරය

ලිංගික ක්‍රියාකාරකම් කියන්නේ ඇත්තටම හරිම ආශ්වාදජනක දෙයක්. දෙදෙනෙක්ගේ බැඳීම් තව තවත් ශක්තිමත් කරන්න ලිංගික බැඳීමකට පුළුවන්. ඔහු ඔබට ගොඩාක් අදරෙයි නම්, නිදන කාමරයේදී ඒ දේ පෙන්වන්න ඔහු ලොකු වෙහෙස මහන්සියක් ගන්නවා. ඔබව ලිංගිකව සතුටු කරන්න ඔහු හරිම ප්‍රියයි. ඔබ ඔහුගෙන් තෘප්තිමත් වෙන්න වෙන්න, ඔබව ආදරයෙන් තෘප්තිමත් කරන්න ඔහු කැප වෙනවා. ඉතින් ඔබේ ආදරය දිනා ගත් ඔහු, ඇත්තටම ඔබටත් ආදරෙයි නම්, ඔබේ ලිංගික ජීවිතය ගැන ආපහු කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේනෑ. ඉතින් ඒ විදිහට ඔබව සතුට කරන කෙනෙක් නම් ඔබට හමුවෙලා ඉන්නේ තවත් හිත හිත ඉන්න කාලය නාස්ති කරන්න එපා.

07. ලිංගික ක්‍රියාකාරකම්

ඔහුට කලින් ඔබට ලිංගිකව සංතෘප්ත වෙන්න දෙනවානම්, ඔබ සතුටට පත්වෙලාද කිලයා විමසිලිමත් වෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔහුගේ සතුට දෙවෙනි තැනට දාන අවංක ආදරවන්තයෙක්. ඉතාමත් ක්‍රියාශීලි ලිංගික සම්බන්ධතාවයකින් පස්සේ ඔහු ඔබව තුරුල් කරගෙන නිදා ගන්නවානම්, ඔබත් එක්කම සිටිනවානම්, එතනදිත් ඔහු ගේ අවංක ආදරය ඉස්මතු වෙනවා.

08. පුංචි පුංචි දේවල් හැමදේම මතකයේ තබා ගන්නවා

ඔබ කැමති අකමැති හැමදේ ගැනම හොඳ මතකයක් ඔහුට තියෙනවා නම්, ඔබ තේ බොන්න කැමති මොන විදිහටද, ඔබ සිප වැළඳ ගන්න කැමති මොන විදිහටද, ආසම කෑම, සුවඳ විලවුන් වර්ග, ඇඳුම් පැළදුම් මේ හැම දේ ගැනම හොඳ මතකයක් තියෙනවා කියන්නේ ඔබ සැබෑම වාසනාවන්තියක්.

09. ඔබේ සතුට වෙනුවෙන් ඔහුගේ සතුට කැප කරනවා නම්

ඔහු ඇත්තටම අකමැති, හැබැයි ඔබ වඩාත් කැමති ගමනක් යන්න, කෑමක් කන්න , ලිංගික ක්‍රියාකාරකමක් කරන්න ඔහු උත්සහ ගන්නවා නම් ඒ කියන්නේ ඔහු ඔබ වෙනුවෙන් ජිවිතයම කැප කරගෙන වුනත් ආදරය කරන්න සුදානම් කියන එකයි.

10. ඔබ ඉදිරියේ විවෘත වීම

පිරිමින් තමන්ගේ අදක්ෂකම්, නොහැකියාවන් කාට වුනත් පෙන්නන්න හරිම අකමැතියි. හැමදේම තමන්ට පුලුවන් තමන් තමයි වීරයා කියන මානසිකත්වයෙන් ඉන්න හරිම කැමතියි. ඒ වගේම ඒ බව හානි වෙන කිසිම දෙයක් ඔවුන් කරන්නේ නෑ. නමුත් ඔහුගේ නොහැකියාවන් ගැන, ඔබත් එක්ක කියනවනම්, ඔබත් එක්ක ඔහුගේ පසුගාමී අත්දැකීම්, දුර්වලකම් බෙදාහදාගන්නවා කියන්නේ, ඔහු ඔබව ඔහුගේ ජීවිතය ඇතුලාන්තයටම කැඳවා ගෙන කියන එක. එහෙම පිරිමියෙක් ඔබේ ජිවිතයට ආවානම් හැමදාටම ඔහුව රැක ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 328 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:19 PM
Script:/article/328/undeniable-signs-hes-in-love-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:19 PM
Script:/article/328/undeniable-signs-hes-in-love-with-you.html