සාර්ථක සබඳතාවයකට හැඟීම් සමග මේ විදිහට ගනුදෙනු කරන්න

December 16, 2019
9,834
Work with emotions to have a successful relationship
හැඟීම් කියන්නේ කල් පවත්නා සමීප සබඳතා වල රහසයි. ඔයා තුළත් ඔයාගෙ සහකාරයා තුළත් නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් පිළිබඳව අවබෝධයෙන් සිටීම වැදගත්. හැඟීම් පිළිබඳව අවබෝධයෙන් සිටීමෙන් අපි හැමදෙනෙක්ම අනෙකාගෙන් බලාපොරොත්තු වෙන සංවේදීතාවය ඇති කරගන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට සාර්ථක සබඳතාවයකට හැඟීම් සමග ගනුදෙනු කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙනවා. ගැඹුරු සමීපතාව, එකිනෙකා කෙරෙහි කාරුණික වීම, සැබෑ කැපවීම, ආත්මීය බැඳීමක් යන කරුණු අත් කර ගෙන සිහින දකින ආකාරයේ ප්‍රේමයක් අත් කර ගැනීමට අපට හැකියාවක් තියෙනවා. ආදරයේ සාර්ථකත්වය ලඟා කරගැනීමට නම් හැඟීම් අවබෝධ කරගැනීම ගැන හොඳ හැකියාවක් ඔයාට තියෙන්න ඕන. කෙටි කාලීන සහ රාගය මත පදනම් වන අසාර්ථක සබඳතා වල පැටලීම වළක්වාගන්න හැඟීම් පිළිබඳ අවබෝධය වැදගත්. 

01. යහපැවැත්මේ මිනුම් තුන එනම් ඔහු ඔබ ළග සිටින විට ශක්තියක්, මානසික පැහැදිලි බවක් සහ වඩා ආදරණීය බවක් දැනේ නම්, ඔබ සිටින්නේ අනාගතයක් ඇති සම්බන්ධතාවයක ය.

02. ඔයාට දැනෙන දේ ඔයාගේ පෙම්වතාට දන්වන්න. ඔයා කිසියම් දෙයක් සන්නිවේදනය කිරීමට යන්නේ නම්, ඔබට හැඟෙන දේ ප්‍රකාශ කරන්න. එමගින් ඔයා කවුරුන්ද යන්න නිර්වචනය කරයි. ඔබ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින්නේ නම්, ඔයාට කිසි විටෙකත් ආදරය දැනෙන්නේ නැත.

03. ඔයා පෙම්වතාගේ වචන වලට සවන් දෙන විට ඔහුගේ හැඟීම් වලට අවනත වන්න.

04. ඔයාගේ පෙම්වතාට අවශ්‍ය සහයෝගය සහ ආදරය පෙන්වන්න. සමහර අවස්ථා වලදී සැමියාට එක වචනයක් හෝ යෝජනාවක් හෝ උපකාරකයක් සැනසිලිදායක විය හැකිය.

05. සැකයක් ඇති විට විමසන්න. පෙම්වතාට හැඟෙන දෙය ඔයාට දැනෙන්නේ නැති නිසා දෙදෙනා කතා බහ කර ප්‍රශ්න විසදා ගන්න.

06. ඔයාගේ පෙම්වතා ගැන ඉගෙන ගන්න. දැනුවත්භාවය ඔයාව අතීත උපකල්පන මත යැපීමෙන් වළක්වයි.

07. හැඟීම් වල මතකයන් ගැන විමසිල්ලෙන් ඉන්න. නමුත් අතීත වේදනා ගෙන දෙන මතකයන් අමතක කර ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න. 
 
08. ඔයාගේ සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට අවස්ථා උදා කර ගන්න. සමහර අවස්ථා වලදී ඕනෑම වෙනසක් නිසා ආතතියට පත්විය හැකි නමුත් වෙනස ඔයාගේ සම්බන්ධතාවය අලුත් කිරීමට සහ පුනර්ජීවනය කිරීමට ද අවස්ථාවකි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1490 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:45:44 AM
Script:/article/1490/work-with-emotions-to-have-a-successful-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:45:44 AM
Script:/article/1490/work-with-emotions-to-have-a-successful-relationship.html