වයසට යන එක නවත්තන්න බැහැ. ඒත් මේ දේවල් කලොත් තරුණ පෙනුම රැක ගන්න පුළුවන්

February 19, 2018
18,384
You can save your young look if you do these
වයසට යන්න යන්න හැමෝම තමන්ගේ වයස හංගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් කාන්තා පාර්ශවය. ගොඩක් අය තමන්ගේ වයස කියන්නත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එත් ඉතින් වයසට යනවා කියන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි ඉතින් ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න පුළුවන් දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට වයස කියන්නේ තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි.

වයස්ගත වීමත් එක්ක ඔබ පානය කළ යුතු වතුර ප්‍රමාණය වැඩි කළ යුතුයි. වයස්ගත වීමත් එක්ක සම රැළි වැටීම, වියලීම වැනි තත්ත්වය අවම කර ගන්න අනිවාර්යෙන් වඩිපුර වතුර බොන්න. එහෙම නොවුනොත් වයසට වඩා ඔබ වයස්ගත වෙලා පේන්න ගනීවි. තවත් දෙයක් තමයි ශරීරයේ වැඩි කොටසකම අඩංගු වෙලා තිබෙන්නේ ජලය. ඉතින් එය ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නත් තියෙන ඉඩ වැඩියි.

ඔමේගා 3 මේද අම්ල අඩංගු ආහාර ලබා ගැනීම අනිවාර්යයි. කුඩා මාළු, සැමන්, රට කජු ඔබේ ආහාරයට එකතු කර ගන්න. මේවායේ අඩංගු අසන්තෘප්ත මේද, ප්‍රෝටීන් වැනි දේ බහුලව අඩංගු වෙනවා. ඔමේගා 3 අම්ලය සමේ නිරෝගී කම සහ තරුණකම රැකගන්න උදවු වෙන ප්‍රතිඔක්සිකාරක වලින් අනූනයි. ඒ වගේම ප්‍රෝටීන් සමේ සෛල වල වයසට යාම පාලනය කරනවා.

ඔලිව් කියන්නේ සුන්දරත්වය වැඩි කර ගන්න ඉවහල් වෙන්න අමු ද්‍රව්‍යක්. ඔලිව් තෙල් ආහාරයට ගන්නවා වගේම මුහුණට සත්කාර කිරීමටත් යොදා ගන්න පුළුවන්. සම නිරෝගී කිරීම, පෝෂණය කිරීම, සමේ තෙතමනය ආරක්ෂා කරන්න නිසා අකලට වයසට යාම සහ රෝගී වීම වලක්වා ගන්න නම් ඔලිවු තෙලුත් ඔබේ ආහාරයට එක් කර ගන්නම ඕනේ දෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

විටමින් C බහුල ආහාර පරිභෝජනය වැඩි කරන්න. විටමින් C කියන්නේ ඔක්සිකරණ ක්‍රියාවලිය නවත්වන ප්‍රතිඔක්සිකාරක සහිත පෝෂ්‍ය පදාර්ථයක්. විටමින් C සෛල වලට වෙන හානිය අවම කරනවා, දොඩම්, දෙහි, ලෙමන්, වගේ පලතුරු වැඩියෙන් ඔබේ ආහාරයට එකතු කර ගෙන තරුණබව සහ නිරෝගී කම රැක ගන්න.

ස්වාභාවික සත්කාරත් අමතක කරන්නම බැහැ. අභ්‍යන්තර පෝෂණය වගේම බාහිර සත්කාර වලිනුත් අපේ සුන්දරත්වය වැඩි කර ගන්න ලොකු පිටු බලයක් ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් වෙනුවෙනුත් පොඩි කාලයක් වෙන් කරන්න. හැබැයි කෘත්‍රිම දේවල් වෙනුවට ස්වාභාවික සත්කාර වලට මුල් තැනක් දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,014
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,596
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,504
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,018
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed