වයසට යන එක නවත්තන්න බැහැ. ඒත් මේ දේවල් කලොත් තරුණ පෙනුම රැක ගන්න පුළුවන්

February 19, 2018
17,839
You can save your young look if you do these
වයසට යන්න යන්න හැමෝම තමන්ගේ වයස හංගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් කාන්තා පාර්ශවය. ගොඩක් අය තමන්ගේ වයස කියන්නත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එත් ඉතින් වයසට යනවා කියන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි ඉතින් ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න පුළුවන් දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට වයස කියන්නේ තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි.

වයස්ගත වීමත් එක්ක ඔබ පානය කළ යුතු වතුර ප්‍රමාණය වැඩි කළ යුතුයි. වයස්ගත වීමත් එක්ක සම රැළි වැටීම, වියලීම වැනි තත්ත්වය අවම කර ගන්න අනිවාර්යෙන් වඩිපුර වතුර බොන්න. එහෙම නොවුනොත් වයසට වඩා ඔබ වයස්ගත වෙලා පේන්න ගනීවි. තවත් දෙයක් තමයි ශරීරයේ වැඩි කොටසකම අඩංගු වෙලා තිබෙන්නේ ජලය. ඉතින් එය ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නත් තියෙන ඉඩ වැඩියි.

ඔමේගා 3 මේද අම්ල අඩංගු ආහාර ලබා ගැනීම අනිවාර්යයි. කුඩා මාළු, සැමන්, රට කජු ඔබේ ආහාරයට එකතු කර ගන්න. මේවායේ අඩංගු අසන්තෘප්ත මේද, ප්‍රෝටීන් වැනි දේ බහුලව අඩංගු වෙනවා. ඔමේගා 3 අම්ලය සමේ නිරෝගී කම සහ තරුණකම රැකගන්න උදවු වෙන ප්‍රතිඔක්සිකාරක වලින් අනූනයි. ඒ වගේම ප්‍රෝටීන් සමේ සෛල වල වයසට යාම පාලනය කරනවා.

ඔලිව් කියන්නේ සුන්දරත්වය වැඩි කර ගන්න ඉවහල් වෙන්න අමු ද්‍රව්‍යක්. ඔලිව් තෙල් ආහාරයට ගන්නවා වගේම මුහුණට සත්කාර කිරීමටත් යොදා ගන්න පුළුවන්. සම නිරෝගී කිරීම, පෝෂණය කිරීම, සමේ තෙතමනය ආරක්ෂා කරන්න නිසා අකලට වයසට යාම සහ රෝගී වීම වලක්වා ගන්න නම් ඔලිවු තෙලුත් ඔබේ ආහාරයට එක් කර ගන්නම ඕනේ දෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

විටමින් C බහුල ආහාර පරිභෝජනය වැඩි කරන්න. විටමින් C කියන්නේ ඔක්සිකරණ ක්‍රියාවලිය නවත්වන ප්‍රතිඔක්සිකාරක සහිත පෝෂ්‍ය පදාර්ථයක්. විටමින් C සෛල වලට වෙන හානිය අවම කරනවා, දොඩම්, දෙහි, ලෙමන්, වගේ පලතුරු වැඩියෙන් ඔබේ ආහාරයට එකතු කර ගෙන තරුණබව සහ නිරෝගී කම රැක ගන්න.

ස්වාභාවික සත්කාරත් අමතක කරන්නම බැහැ. අභ්‍යන්තර පෝෂණය වගේම බාහිර සත්කාර වලිනුත් අපේ සුන්දරත්වය වැඩි කර ගන්න ලොකු පිටු බලයක් ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් වෙනුවෙනුත් පොඩි කාලයක් වෙන් කරන්න. හැබැයි කෘත්‍රිම දේවල් වෙනුවට ස්වාභාවික සත්කාර වලට මුල් තැනක් දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 664 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:10:36 PM
Script:/article/664/you-can-save-your-young-look-if-you-do-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:10:36 PM
Script:/article/664/you-can-save-your-young-look-if-you-do-these.html