බයොටින් කාන්තාවන්ට වැදගත් ඇයි?

August 25, 2020
4,728
Why biotin important to women?
විටමින් B වර්ගයක් වන බයොටින් ඔබ ගන්නා ආහාර, ශක්තිය බවට පත් කරන්න උදවු වෙන ප්‍රධාන සංඝටකයක්.

විටමින් H හෝ විටමින් B7 යනුවෙන් හඳුන්වන බයොටින් ඔබේ ඇස්, හිසකෙස්, සම, අක්මාවේ සහ මොලයේ ක්‍රියාකාරීතවයට බෙහෙවින් උදවු වෙන විටමින් වර්ගයක්.

හිසකෙස් වල නිසි වර්ධනයට බයොටින් ඉතා වැදගත්. බයොටින් අඩුවෙන් පරිභෝජනය කරන අයගේ සහ නිසි ලෙස බයොටින් පරිභෝජනය කරන අයගේ හිසකෙස් වල ගුණාත්මක භාවයේ සැළකිය යුතු වෙනසක් ඇති බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.

බයොටින් ජලයේ දිය වන නිසා ඔබ වැඩියෙන් බයොටින් ගත්තා කියා එය ඔබේ ශරීරයට උරන්නේ නෑ. ඒ වගේම එය ශරීරයේ තැන්පත් නොවන නිසා, ඔබ නිරන්තරයෙන්ම බයොටින් අඩංගු ආහාර හෝ අතිරේක ලෙස එය පරිභෝජනය කල යුතුයි.

ඔබ බයොටින් අතිරේකයක් ලෙස ගන්නවා නම් දිනකට වැඩිහිටියෙකුට 30 mcg ගත හැකි බව ඇමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය පවසනවා.

එහෙත් මේ ආහාර 10න් ඔබට අවශ්‍ය පමණට ස්වභාවිකව බයොටින් ලබාගන්න පුලුවන්.

01. බිත්තර කහ මදය



බිත්තර කහ මදය විටමින් B, යකඩ සහ පොස්පරස් වලින් පරිපූර්ණයි. කහ මදය බයොටින් වලින් පිරුණු ආහාරයක්. බිත්තර කහ මදයක සාමාන්‍යයෙන් බයොටින් 10 mcg තියෙනවා. මෙය හරියට ශරීරයට උරා ගන්න නම් බිත්තරය සම්පූර්ණයෙන් පිසින්න ඕනේ. හාඩ් බොයිල්, ස්ක්‍රැම්බල්ඩ් හෝ ඔබ බේක් කරන්න එකතු කරගන්නා බිත්තර වලින් නිසි ලෙස බයොටින් ලබා ගන්න පුලුවන්.

02. රනිල කුලයේ ආහාර



බෝන්චි, ග්‍රීන් පීස්, කඩල, කවුපි වගේ කරල් බෝග අතර රටකජු, සෝයා ඇට වල බයොටින් යහමින් අඩංගුයි.

04. ඇට වර්ග



රෝස්ට් කරන ලද ආමන්ඩ්, සූරියකාන්ත ඇට වල බයොටින් අඩංගුයි.

05. පීකුදු



පිසින ලද චිකන් පීකුදු ග්‍රෑම් 75 ක සාමාන්‍යයෙන් බයොටින් 138 mcg ක් ද, පිසින ලද බීෆ් පීකුදු ග්‍රෑම් 75 ක සාමාන්‍යයෙන් බයොටින් 31 mcg ක් ද අඩංගු වෙනවා.

06. බතල



බතල විටමින්, ඛනිජ ලවන, තන්තු වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම බයොටින් අඩංගු ප්‍රධාන එළවළුවක් ද වෙනවා. පිසින ලද බතල කෝප්ප 1/2ක සමාන්‍යයෙන් බයොටින් 2.4 mcg ක් අඩංගුයි.

06. හතු



හතු ග්‍රෑම් 120ක සාමාන්‍යයෙන් බයොටීන් 2.6 mcg ක් අඩංගු බව පැවසෙනවා.

07. කෙසෙල්



කෙසෙල් කියන්නේ ලොව සුපතල පළතුරක් නේ. මෙය තන්තු, කාබෝහයිඩ්‍රේට, විටමින් බී, කොපර් සහ පොටෑසියම් වලින් අනූනයි.

සමාන්‍ය කෙසෙල් ගෙඩියක බයොටින් 0.2 mcg ක් අඩංගුයි.

08. බ්‍රොකලි



තන්තු, කැල්සියම්, විටමින් A, C වගේම බයොටින්ද අඩංගු බ්‍රොකලි පෝෂණ ගුණයෙන් පිරුණු ආහාරයක්.

09. ඊස්ට්



බියර් සාදන්න මෙන්ම පාන් සාදන්න යොදන ඇක්ටිව් ඊස්ට් වල බයොටින් අඩංගුයි. ඔබ බේක් කරන්න යොදන ඊස්ට් ග්‍රෑම් 7ක බයොටින් 1.4 mcg ක් අඩංගු බව කියැවෙනවා.

10. අලිගැට පේර



ෆෝලේට් සහ අසන්තෘප්ත මේදය පිරුණු ආහාරයක් ලෙස විරුදාවලිය ලබා ඇති අලිගැටපේර බයොටින් වලින්ද පිරිපුන්.

අලිගැටපේර ග්‍රෑම් 200 ක සාමාන්‍යයෙන් බයොටින් 1.85 mcg ක් අඩංගු බව පැවසෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1795 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:05:30 AM
Script:/article/1795/why-biotin-important-to-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:05:31 AM
Script:/article/1795/why-biotin-important-to-women.html