ඔබ දෙදෙනා නිදි යහනේ තුරුළු වෙන්නේ නැද්ද? එහෙනම් මේ දේවල් ගැනත් හිතන්න

December 6, 2020
9,616
Why do we need a good cuddle?
නිදි යහනේදී අඹු සැමියන් දෙදෙනා සමීප වෙමින්, උකුළු මුකුළු කරගනිමින්, තුරුල් වීමෙන් දෙදෙනාටම සැනසිල්ලක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි තමන් ආදරය කරන කෙනාගේ ස්පර්ශය අනෙකාට ඇදහිය නොහැකි තරමේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර දෙනවා.

මනෝචිකිත්සකවරුන්ට අනුව ස්පර්ශය කියන්නේ අපි පොඩි කාලයේ ඉඳන් ඉගෙන ගන්නා පළමු සංවේදනයයි. ඒ කියන්නේ මේ ලෝකයට බිහි වෙලා අපේ පෙනීම වර්ධනය වීමට පෙර මෙන්ම කතා කිරීමට හා ඉගෙන ගැනීමට පෙර සිටම ස්පර්ශය හඳුනනවා. ඒ නිසාම ස්පර්ශය මඟින් බැදීම් ශක්තිමත් වන බව සොයා ගෙන තියෙනවා.

ඒ වගේම තමා තුරුල් වීම ද සන්නිවේදනයේ තවත් හොඳ ආකාරයක්. මවගේ සහ දරුවාගේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා දරු උපතින් පසුව දෙදෙනාගේම සමට සම ස්පර්ශ කරන් කරන්නේ ඒ නිසයි. එම මතකයේ හැඟීම ජීවිත කාලය පුරාම දරුවා සමඟ රැඳෙනවා..

ඒ නිසා ඔබ ආදරය කරන කෙනා සමඟ ශාරීරික සම්බන්ධතා පැවැත්වීම හෝ තුරුල් වීම ඔබේ ශාරීරික හා මානසික යහපැවැත්මට බලපානවා කියන එක පුදුමයක් නෙමෙයි නේද?

අඹු සැමියන් එකිනෙකාව තුරුල් කර ගන්නට හොඳ හේතු හතක් මෙන්න:

1. ඔබ ඔහුව තුරුල් කරගන්නා කොට ඔයාගේ ශරීරයෙන් වැඩි ඔක්සිටොසින් ප්‍රමාණයක් නිකුත් කෙරෙනවා.

2. තුරුල් කරගැනීමෙන් වඩා හොඳ බන්ධනයක් ඇති කරයි
ඔබේ ශරීරයේ වැඩි ඔක්සිටොසින් ප්‍රමාණයක් නිකුත් වීමෙන් දැඩි බැදීමක් ඇති කෙරෙනවා. දැඩි බැඳීමක් ලෙස අපි අදහස් කරන්නේ අනෙක් පුද්ගලයා සමඟ මානසිකව සමපාත වීම යනුවෙන් වෛද්‍යවරු පවසනවා.

3. තුරුල් වීම ඔබව සන්සුන්ව තබයි
කෙනෙක්ව වැළඳගන්නකොට ඔයාට ක්ෂණිකව සන්සුන් බවක් දැනෙනවා. ඒකට හේතුව තුරුල් වීම හෝ වැළඳ ගැනීම හරහා ශරීරය තුළින් ස්වාභාවික කාංසාවට එරෙහි ඖෂධයක් වන ඔක්සිටොසින් මුදා හරින නිසායි. ඒකෙන් ඔබේ ආතතිය අඩු කෙරෙනවා.

කාර්යබහුල කාලසටහන් වලින් අපිට විවේකයක් අවශ්‍ය වෙනවා. ස්පර්ශය අපව සනසවන අතර, අපට ආරක්ෂිත බවක් දනවනවා. එමඟින් අපිට ආදරය හා සැනසීම වැඩි වැඩියෙන් දැනෙනවා.

4. ආතතිය අඩු කරයි
ඔබේ මානසික ආතතිය අඩු වුනාම ඔබට නිදාගැනීමට පහසුයි. තුරුල් වීම ද ඒ සඳහා හොඳ ක්‍රමයක්. තුරුල් වීමත් සමඟ ඔබේ සෙරොටොනින් මට්ටමද ඉහළ යනවා. මෙය ඔබට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කරන්නත් හේතු වෙනවා.

5. ලිංගික සම්බන්ධතා ගොඩනංවයි
එකිනෙකාගේ දෑත් ස්පර්ශ කිරීම සහ තුරුල් වීම ඔබේ සහකරු සමඟ බැඳීමට උපකාරී වනවා පමණක් නෙමෙයි, එය ඔබ දෙදෙනාගේ ලිංගික සම්බන්ධතාවය වැඩිදියුණු කරන්නට ද හේතු වෙනවා. ඒ හරහා ඔබ දෙදෙනා අතර ඇති වන ගැටුම් ද යථා තත්වයට පත් කෙරෙනවා.

6. හෘද ස්පන්දන වේගය නියාමනය කරයි
ඔබට හොඳ හෘද සෞඛ්‍යයක් අවශ්‍ය නම් ඔබ තුරුල් වීම, වැළඳ ගැනීම කලයුතුයි. ඒ වගේම ඔබේ සහකරු කෝපයට පත් වූ විට ඔහුගේ හෘද ස්පන්දන වේගය ද ඉහළ යනවා. තුරුළු වීමෙන් එය ප්‍රශස්ථ මට්ටමකට පහත දමන්න පුලුවන් .

7. වේදනාව සමනය කරයි
ඔක්සිටොසින් ද වේදනාව සමනය කිරීමට උපකාරී වෙනවා. ඔබ මානසික හෝ ශාරීරික අපහසුතා අත්විඳිනකොට ස්පර්ශය ඒ සඳහා හොඳ ඔසුවක් විදිහට නිර්දේශ කරන්නේ ඒ නිසයි.

එහෙනම් දැන් තුරුළු වීම, තුරුළු කරගැනීම වගේ පුංචි ආදරණීය ක්‍රියාකාරකම් වලින් පවා අපේ ජීවිත වලට විශාල වෙනසක් සිදුවන බව ඔබට තේරෙනවා ඇති. ස්පර්ශය කියන්නේ මිනිස් අත්දැකීම් වල අනිවාර්ය අංගයක් වන අතර එය අපගේ ජීවිත කාලය පුරාම පවතියි. අප කරන බොහෝ දේ තීරණය වන්නේ ස්පර්ශයේ සංවේදනයෙනි.

ඔබට හුරතල් කිරීමට ආදරණීයෙක් නොමැති නම් දුක් වෙන්න ඕනේ නෑ. ඔබට පුලුවන් සුරතල් සතෙක් ඇති කරන්න පටන් ගන්න. සුරතලා තුරුළු කරගැනීමෙන්ද ඒ වගේම සිතට සතුටක් ගෙන දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1923 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:35:50 PM
Script:/article/1923/why-do-we-need-a-good-cuddle.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:35:51 PM
Script:/article/1923/why-do-we-need-a-good-cuddle.html