ඔයාගේ කලකිරුණු සම්බන්ධතාවය අමතක කරලා හිත හදා ගන්න මේ දේවල් උදවු වෙයි

December 4, 2017
5,504
Forget about your disappointing affair
ප්‍රශ්න, අවුල් වියවුල් නැති ප්‍රේම සම්බන්ධතා නම් කොහෙවත් නැහැ. මුල් කාලේ කිරියි පැණියි වගේ හිටියට විවිධ හේතු, ප්‍රශ්න නිසා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. එත් ඉතින් නිතරම ප්‍රශ්න එක්ක ජිවත් වෙන්න කවුද කැමති? හැමදාම එක එක ප්‍රශ්න ඔලුවට කඩා වැටෙද්දී මම මේ පැටලිලා ඉන්නේ වැරදි සම්බන්ධයකද කියලා ඕනෑම කෙනෙකුට හිතෙනවා. එහෙම හිතුනත් එක පාර දමල ගහලා යන්න හිත හදා ගන්න අපිට බැහැ. එක තමයි ඇත්ත.

එත් ඇත්තටම ඔයාල අතරේ එහෙම දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙනවා නම් සතුටින් ඉන්න දවස් ගානට වඩා දුකෙන්, තරහින් ඉන්න දවස් වැඩියි නම් කෙටියෙන්ම කියනවා නම් මේ සම්බන්ධෙ නිසා දෙන්නම ඉන්නේ සතුටින් නෙවෙයි නම්, මේ බැඳීම නිසා ඔයාගේ අනාගතේට වෙන අයහපතක් නම් කතා බහ කරලා දෙපැත්තකට වෙන එක තමයි වඩාත් හොඳ.


1. ගෞරවය 

ගෞරවය කියන දේ දෙන්න වෙනුවෙන්ම දෙන්නගෙම හිතේ  යුතුයි. එක්කෙනක් තුල හරි අනෙකා වෙනුවෙන් ඇති ගෞරවය බිඳ වැටුණොත් සම්බන්ධතාවය බිඳ වැටෙන්න එයම හේතුවක්. බැඳීමක් දිගුකාලීනව පවත්වා ගෙන යන්න නම් අන්‍යෝන්‍ය ගෞරවය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ඔහුට හෝ ඇයට ලබා දිය යුතු ගෞරවය ලබා නොදී අනෙකාගෙන් තමාට ගෞරවයක් කිසිම වෙලාවක බලාපොරොත්තු වන්නත් එපා. 


2. නිදහස හා සැනසීම 

ප්‍රශ්න වලින් පිරිණු සම්බන්ධතාවයකින් කවදාවත් ඔයාට ඔයාගේ සතුට, සැනසීම, නිදහස හොයා ගන්න බැහැ. ඉවරයක් නැති ප්‍රශ්න කරදර එක්ක කාලයක් ජිවත් වෙද්දී මේක මොන වදයක්ද මේ කරදරෙන් නිදහස් වෙන්න ඇත්නම් මොන තරම් දෙයක්ද කියල හිතෙන වාර අනන්තයි. ඒ වගේ කරදරකාරී බැඳීමක් කෙලවර වුනු දවසකට හිතට ලොකු සහනයක් දැනේවි. ජීවිතේට නිදහස ලැබේවි.


3. ඔයා හිර කරලද? 

ආදරේ වෙනුවෙන් ඇප වෙන්න කැප කරන්න සිද්ධ වෙනවා. එත් අනවශ්‍ය විදිහට බලපෑම්, නීති රීති වලින් ඔයාගේ නිදහසට සිමා පැනවෙනවා. ඔයා කැමති ඇඳුමක්, කැමති විලාසිතාවක් කරන්න නොදෙන, කැමති තැනක යන්න එන්න නොදෙන, යාලුවෙක් ඇසුරු කරන නොදෙන කෙනෙක් එක්ක තව දුරටත් ජිවත් වෙනවද කියන එක ගැන එක පාරක් දෙපාරක් නෙවෙයි සිය වතාවක් හිතුවත් පාඩු නැහැ.


4. කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ

ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක් වුනත් තවමත් එකිනෙකා ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. සම්බන්ධයේ අපැහැදිලි තැන් එමට තියෙන්න පුළුවන්. අනාගතේ ගැන plans මොකුත්ම නැති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයකදී අවසාන ප්‍රතිපලය කුමක් වෙයිද? ඔබට තේරේවි මේ සම්බන්ධය නතර වීම ඔබට කෙටි කාලීනව දුකක් උනත් දීර්ඝ කාලීනව වාසි සහගතයි කියලා. අමාරුවෙන් හරි අවිනිශ්චිත අරමුණක් අවසානයක් නැති සම්බන්ධයකින් අයින් වෙන එක ඔයාල දෙන්නටම හොඳයි.


5. වැරදි සම්බන්ධතාවයකට වටිනා ජීවිතෙන් වන්දි ගෙවන්න එපා

මේක අපේ ගොඩක් දෙනෙක් කරන ලොකු වැරද්දක්. අමතක කරන්න බැරිකම හෝ ආදරය නිසා කරදරකාරී සම්බන්ධතාවයේ දිගටම ජීවත් වෙනවා. නොගැලපෙන සම්බන්ධතාවයක් වෙනුවෙන් මුළු ජීවිතේම දුකක් කර ගන්නවා. කිසිම සතුටක්, සැනසීමක්, තෘප්තියක් නැති ජිවිතයක් එක්ක වේදනා විඳිනවා. තව බොළඳ වෙන්න එපා. ඔයාගේ ජීවිතේට වටිනාකමක් දෙන, ඔයාව හරියාකාරව තේරුම් ගන්න ඔයාට හරියටම හරියන කෙනා ජීවිතේට ලඟා වෙයි. එතකන් ඉවසලා ඉන්න. හොඳට හිතන්න, බුද්ධිමත්ව තීරණය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 559 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:37 PM
Script:/article/559/forget-about-your-disappointing-affair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:37 PM
Script:/article/559/forget-about-your-disappointing-affair.html