ඔයාගේ දියණියට හොඳ මවක් වෙන්නේ කොහොමද?

February 24, 2020
9,183
How to be a good mother to your daughter
ඔයා බිරිඳක් වගේම කාලයක් යනකොට මවක් වෙනවා. ඒ වගේම මව සහ දියණිය අතර ඇති වන බැඳීම සැබවින්ම සුවිශේෂීයි. ගැහැණු ළමයින්ගේ ජීවිත කාලය පුරාම අම්මාට ලැදියාවක් දක්වනවා. මව්වරුන් සහ දියණියන් අතර සමීප සම්බන්ධතාවයක් පැවතීම පවුලේ සතුට වැඩි කරන්නක්. ඉතින් අද හැඩකාරී අපි ඔයාගේ දියණියට ඵලදායී සහ ආදරණීය මවක් වීමට ඔයාට උපකාරී වන අදහස් කිහිපයක් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

මවක් වුණාට පස්සේ දරුවන්ගේ වැඩත් කරන්න වෙන්නේ අම්මට තමයි. නමුත් ඔයාට දියණියක් ඉන්නවා නම් ඔයාගේ වැඩ තරමක් දුරට පහසු වෙනවා. ඒවගේම මවක් තම දියණිය ඉදිරියේ ක්‍රියා කරන ආකාරය බොහෝ දුරට ඔයාගේ දියණියගේ හැසිරීමට බලපානවා. ඔයා​ට ආඩම්බර විය හැකි ආකාරයට ඔ​යා​ගේ දියණිය​ව උස් මහත් කරන්න. දියණියට ආඩම්බර විය හැකි මවක් වෙන්නත් ඔබ හිතෙ තබාගන්න ඕනේ. දියණියගේ ජයග්‍රහණයන් ගැන සතුටු වන්න, දියණියගේ දක්ෂතාවයන් ගැන නිසි අවබෝධයක් ඇති​ව සහ ධනාත්මක​ව ඔයා​ගේ දියණියගේ අනාගත​ය සවිබල ගන්වන්න.

පුතෙකුට වඩා දියණියක්ගේ හැඟීම් හා ශාරීරික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට වැඩි වෙහෙසක් ගන්න වෙනවා. ඒ සඳහා යම් යම් සීමාවන් පණවන්නත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් නිමාවක් නැතිව සීමාවන් ප​ණවද්දී දියණියන් මව්වරුන්ගෙන් ​ඈත් වෙන්න පටන් ගන්නවා. ​ඒ නිසා දියණිය සහ මවගේ සම්බන්​ධතාවය මිතුරන් සේ පවත්වා ගැනීම වැදගත්.

කාන්තාවන්​ට රූපලාවණ්‍ය කෙරෙහි ඇල්මක් තියෙන නිසා මව සහ දියණියට රූපලාවණ්‍යය ගැන කතා කරන්න අවස්ථාව ලැබෙනවා. අලංකාරය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇයව දැනුවත් කරන්න. තමන්ගේ පෞරුෂයට හානි නොවන ආකාරයට ඒ දේවල් වල සීමාවන් දැනගෙන කරන්න ඇයට උදවු වන්න.

ඔයාට හැකි සැම විටම දියණිය සමග කාලය ගත කර ඉන් නිසි ප්‍රයෝජනය ගන්න. ඇය මොන වගේද කියා තේරුම් ගන්න ඒ කාලය යොදාගන්​න. ඇයව සැලකිල්ලට ගෙන ඇයගේ රුචි අරුචිකම් ගැ​න විවෘතව කතා කරන්න. ඒ ගැන ඔබ දෙදෙනාගේ අදහස් හුවමාරු කරගන්න. ඔයාට දියණියගේ තීරණ වලට එකඟ වීමට අවශ්‍ය නැති නම් එයට අකමැති බව සහ එම තීරණයේ වාසි සහ අවාසි ගැන කියලා දෙන්න. තමන්ගේ ගෞරවය සහ ස්වාධීනත්වය වර්ධනය කර ගැනීමට ඇයට අවස්ථාව ලබා දෙන්න.

ගැහැනු ළමයින්ගේ කේන්තිය නවත්වන්න උත්සහ කරන්න එපා. එම හැඟීම් වලින් ලබන අත්දැකීම් වි​ඳ ගැනීමටත්, හැගීම් සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමටත් අවස්ථාව ලබා දෙන්න. ජීවිතයේ සතුටුදායක වගේම දුක්ඛදායක හැඟීම් එක්කත් සාර්ථකව ගනු දෙනු කරන්න ඉගෙනගන්නට ඇයට සහාය වන්න.

නව යොවුන් වියේ සිට මැද භාගය දක්වා ඇයගේ ආශාවන්, දක්ෂතාවයන් සහ අරමුණු සොයා ගැනීමට හැකි වන පරිදි විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලීමට ඇයව දිරිමත් කරන්න. සමහර ගැහැනු දරුවන්ට ඔවුන්ගේ ආශාවන්, දක්ෂතාවයන් සහ අරමුණු සොයා ගැනීමට අනෙක් අයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ගැහැනු ළමයින්ට කුරුල්ලෙකු ලෙස සිතන්න පුරුදු කරන්න. ගැහැනු ළමයෙක් ඇගේ ආශාවන් සහ අනාග​ත අරමුණු සොයාගත් පසු, ඇයගේ කුසලතා වර්ධනය කර ගැනීමට උදව් කරන්න.

ඔයාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසයක් තබා ගන්න. ඔයාගේ සහජ බුද්ධිය මඟින් දියණිය දෙමව්පියන්ට කීකරුව හදා වඩා ගන්න. ගැහැනු ළමයින් තම මව්වරුන්ට ආදර්ශයට ගන්නවා. එ නිසා ඔයා සැමියාට හො​ඳ බිරිදක් වීමටද අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතයේ ස්ථාවර වීමට මවගේ චරිතය බෙහෙවින් ඉවහල් වෙන බව සිහියේ තබාගෙන කටයුතු කරන්​න .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,846
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed